The X Files [S06 : E02] | බටහිර දිශාවේ සිටිනා මාරයා

ඔන්න එහෙමනම් රැගෙන ආවා X FILES 06වන කතාසමයේ දෙවැනි කොටසත් පුළුවන් ඉක්මනටම වාගේ ඔබ හමුවට. හරි එහෙමනම් දැන් පේන විදිහට සැළකිය යුතු පිරිසක් කතාවත් එක්කලා එකතුවෙලා ඉන්න පාටයි. හොදයි එහෙමනම් ඒ නිසාම වැඩි කතාබහක් නැතුව අද කතාවේ වෙන්නෙ මොකක්ද කියන එක ගැන ඉතාමත් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරලම ඉන්නම්කො..

ඔන්න එහෙමනම් අද මෝල්ඩර් සහ ස්කලී සාමාන්‍ය පරීක්ෂාවක් වෙනුවෙන් දුර බැහැරකට ගිහිල්ලා ඉන්දැද්දී ටීවී එකෙන් දැකගන්නට ලැබෙනවා මනුස්සයෙක් තමන්ගේ බිරියවත් වාහනේට දාගෙන මොනම හේතුවක් නිසාවත් වාහනේ නවත්තන්නේ නැතුවම එකම දිසාවකට ගමන් කරන සිදුවීමක්. කෙසේ වෙතත් පොලිසිය සෑහෙන්න වෙහෙසක් දැරීමෙන් පසුව සිය මාර්ග බාධකවල පිහිටෙන් එයාලාව නතර කරගන්න සමත් වෙනවා. කොහොමහරි මෙතැනදී මේ ගෑනු කෙනා අසාමාන්‍ය ආකාරයට ඔළුව පිපිරී ගොස් මිය යනවා.. දන්නවනේ ඉතින් මෝල්ඩර් ගැන, ඕක දැක්ක ගමන් මනුස්සයා හිතන්නෙම මේකත් එක්ස් ෆයිල්ස් ඝනයේ සිදුවීමක් කියලා. ඉතින් බලෙන්ම වාගේ ස්කලීවත් ඇදගෙන ඒ ගැන හොයලා බලන්නට යනවා.

ස්කලී මුලින්ම මෝල්ඩර් එක්කලා යන්නේ අකමැත්තෙන් උනත් පස්සේ ස්කලීටත් තේරුම් යනවා මෝල්ඩර් කියපු කතාවේ යම්කිසි සත්‍යයක් තිබෙන බව.. ඒ මියගිය තැනැත්තියගේ මළසිරුර පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවයි. මළ සිරුර පරීක්‍ෂා කිරීමේදී පෙනී යන්නෙ කණ අභ්‍යන්තරයේ හටගත් යම් ගෙඩියක් වැනි දෙයක් පුපුරා යාම නිසා මරණය සිදු වූ බවයි. මේක අසාමාන්‍ය දෙයක් නිසාත් ඒ ලෙඩේම ඇයගේ සැමියාටත් හටගෙන ඇති නිසාත් ස්කලීගේ නිගමනය වෙන්නෙ මේ යම්කිසි බෝවෙන රෝගයක් බවයි.

හැබැයි මේ ලෙඩේ තියෙන අසාමාන්යම වැඩේ කියන්නෙ යම්කිසි දිශාවකට වේගයෙන් ගමන් කරන විට ලෙඩේ අමාරුව අඩුවෙලා යනවා. ලෙඩ වෙලා ඉන්න පුද්ගලයා ඒ ගමන යන්නේ මෝල්ඩර්වත් අරගෙන. මුලින්ම මෝල්ඩර්ව පැහැරගෙන ගියා උනත් පස්සේ වෙලා තියෙන සිදුවීම තේරුම්ගැනීමත් සමග මෝල්ඩර් ඒ පුද්ගලයාට උදව් කරනවා පොලිසිය මග හරිමින් එකම දිශාවකට නොනවත්වා වේගයෙන් ගමන් කිරීමට. ඉතින් මේ අසාමාන්‍ය ව්‍යාධිය කුමක් වෙන්න ඇත්ද? ඒ ගැන මෝල්ඩර් සහ ස්කලීට හොයාගන්න ලැබෙයිද කියලා ඔයාලා බලලම දැනගන්න.

හොදයි එහෙමනම් තුන්වන කොටසින් යළි හමුවීමේ අපේක්‍ෂා පෙරදැරිව මා එහෙනම් මෙතෙකින් සමුගන්නවා. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BDRip | x264 | SPRiNTER | 7.3GB | Complete S06 |

Direct Download

| BDRip | x264 | SPRiNTER | 370MB | 

| BDRip | x264 | SPRiNTER | 7.3GB | Complete S06 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!