101 Dalmatians [1961]සුන්දර ආදරය පොදු මිනිසාට විතරද?…

තවත් සුන්දර ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ ගෙන එන්නට සූදානම.එක BFTA සම්මානයක් දිනාගෙන තියෙනවා වගේම තවත් සම්මාන 2කට නාම යෝජනා ලැබී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි136,911 දෙනෙකුගේ මනාපයෙන් 7.2ක ලකුණු ප්‍රමාණයක් ලබාගන්න සමත් වුණු චිත්‍රපටයක් තමයි මේක. චිත්‍රපටයට පාදක වෙන්නේ Dodie Smith විසින් රචිත 1956 එළිදැක්වුණු The Hundred and One Dalmations නව කතාවයි. පළමු වරට මෙය 1961දී තිරගත වෙනවා. ඒ වගේම 17වෙනි ඩිස්නි ඇනිමේටඩ් ෆීචර් චිත්‍රපටය වුණේ මෙයයි. ප්‍රධාන වශයෙන් හඬ දායකත්වය ලබා දී තිබෙන්නේ Rod Taylor (පොන්ගො), Betty Lou Gerson (කෘඑලා ඩි විල් / බර්ඩ්වෙල් මහත්මිය), Martha Wentworth (නැනී / ක්වීනි / ලුසී), Ben Wright (රොජර්), Cate Bauer (පර්ඩීටා) කියන අයවලුන් විසිනුයි…කතාව සිද්ධ වෙන්නේ මෙහෙමයි. රොජර් කියන්නේ පොන්ගොගේ සුරතලා… නෑ ඔයාලා හිතපු විදිහ නෙමෙයි. පොන්ගො කියන්නේ ඩැල්මේෂන් වර්ගයේ බල්ලෙක්. එයාගෙ හාම්පුතා තමයි රොජර්. නමුත් පොන්ගො, රොජර්ව හඳුන්වන්නේ තමන්ගෙ සුරතලා විදිහටයි. පොන්ගො වගේම රොජර් කියන්නේ තනිකඩ දෙන්නෙක්. රොජර්ට නම් මේක ඒ හැටි ප්‍රශ්ණයක් නෙමෙයි. සංගීතය තමයි එයාගේ ජීවිතේ වුණේ. නමුත් පොන්ගොටනම් ඒක ප්‍රශ්ණයක් වුණා. ඉතින් ඉවසලා ඉවසලා රොජර් මේකට පිළියමක් හොයන්නේ නැති නිසා, අවසානයේ පොන්ගො තීරණය කරනවා තමන්ට සුනඛ සහකාරියකුයි, රොජර්ට කෙලි සහකාරියකුයි හොයාගන්න. පොන්ගො සාර්ථක වෙයිද? කතාවේ ඉතිරිය කොහොම ගලාගෙන යාවිද??

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 700MB |

Direct Download

| Bluray | x264 | XviD | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!