KINDER DES KALIFATS – Of Fathers and Sons (2017) අන්තවාදයේ නිරුවත…

ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා නිර්මාණ රසවිඳිනකොට හම්බ උන වෙනස්ම විදියේ සිරියානු සිනමා නිර්මාණයක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. IMDb දර්ශකයේ 7.3ක් rotten Tomatoes වර්ගීකරනයේ 94%ක් එක්කම ලෝකෙ වටේම සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරලා සම්මාන 17ක් සහ තවත් නිර්දේශවීම් 21ක් ලබාගත්තු සුපිරිම සිරියානු ෆිල්ම් එකක්. තවත් දෙයක්, මේ වසරේ පැවත් උන ඔස්කාර් සම්මාන උලළේදී හොඳම වාර්තා චිත්‍රපටිය වෙනුවෙන් නිර්දේශ වෙන්නත් මේ සිනමා සිත්තමට හැකියාව ලැබුනා. ඒ වගේම තවත් විශේෂත්වයක් තියෙනවා මේ සිනමා සිත්තමේ එකම නලුවෙක් හෝ නිළියක් නැහැ. ඔබත් මමත් ජීවත්වන සැබෑ ලෝකයේ සිදුවන සැබෑ සිදුවීම් පෙළක් රූ ගත කර සංස්කරණය කිරීමෙන් තමයි මේ සිනමා සිත්තම නිර්මාණය කර තියෙන්නේ…මේ ෆිල්ම් එකේ කතාව කියන්න බෑ… ඒක හරිම අමාරු වැඩක්. ඒ නිසා මම මේ ෆිල්ම් එක හැදුන හැටි විතරක් කියන්නම්. මේ සිනමා සිත්තමේ අධ්‍යක්ෂක Talal Derki උපතින් සිරියානුවෙක්. ඉස්ලාම් අන්තවාදී ශුද්ධ වූ දේශයක් දිනා ගැනීමේ ISISවරුන්ගේ යුද්ධය නිසා ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් ජර්මනියට පලා ගිය සරණාගතයෙක්. හැබැයි සිනමාකරුවෙක් විදියට තමුන්ගේ යුතුකම වෙන ඉස්ලාමීය අන්තවාදීන්ගේ නිරුවත ලොවට පෙන්වා දීම වෙනුවෙන් ඔහු ආපහු වතාවක් කැමරා කාචයකුත් සමග සිරියාවට පැමිණෙනවා. එහිදී ඉස්ලාමීය අන්තවාදීන්ගේ විශ්වාසය දිනා ගෙන වසර ගනනාවක් පුරාවටම ඔවුන් සමගින් ජීවත් වෙමින් ඔවුන්ගේ ශුද්ධ වූ ඉස්ලාමීය දේශයක් ගොඩනැගීම වෙනුවෙන් වූ ශුද්ධ වූ සටනේ රූපරාමු මෙන්ම ඉස්ලාමීය අන්තවාදීන්ගේ එදිනෙදා ජීවිතයත් ඔහු සිය කැමරා කාචයේ සටහන් කර ගන්නවා. හයක් හතරක් නොදන්නා කුඩා දරුවන් ආගමේ නාමයෙන්, දෙවියන් වහන්සේ වෙනුවෙන් කෙරෙන්නා වූ ශුද්ධ වූ යුද්ධයක් යැයි කියමින් අවි අතට දී සටන් බිමට යවනා, පිහියක් ගෙන සතුරන්ගේ බෙලි කපා දමනා ආගමික උන්මත්තකයින් බවට පත් කරනා අයුරු ඔහු සිය කැමරා කාචයේ හරි අපූරුවට සටහන් කර ගන්නවා. වසර ගනනාවකට පසු නැවත වතාවක් ජීවිතය බේරාගෙන ජර්මනියට පලා එන ඔහු එහිදී සිය කැමරා කාචයේ සටහන් වූ සැබෑ රූප රාමු එක් කර ඉස්ලාම් අන්තවාදීන්ගේ නිරුවත ලොවට කියනා සිනමා සිත්තමක් නිර්මාණය කරනු ලබනවා. මේ එම සිනමා සිත්තමයි…. තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 950MB | MkvCage |

Direct Download

| WEB | x264 | 720p | 850MB | YTS |

| WEB | x264 | 720p | 950MB | MkvCage |

| WEB | x264 | 1080p | 1.6GB | YTS |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!