The Protector [S02 : E01] බාධක මැදින් ඉදිරියට…

සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප්වාසී රසික ප්‍රජාවට,
ඔන්න එහෙනම් 2019 ජනවාරි පළවෙනිදා බයිස්කෝප් අපි ඔබට පුද කරපු තවත් එක සුපිරි
කතාමාලාවක දෙවන කතාසමය අරගෙන තමා අද ආවේ. The Protector දෙවෙනි කතාසමය. 3500කට
අධික රසිකයන් පිරිසක් පළවෙනි කතාසමයේදි අපිත් එක්ක එකතු වුණා. The Protector පළමු කතාසමය
NETFLIX සමාගම විසින් නිකුත් කරන්නේ 2018 අවුරුද්දේ දෙසැම්බර් 14 වෙනිදා. ඒ වෙද්දි 16000 කට අධික
ප්‍රේක්ෂක මනාප සංඛ්‍යාවකින් imdb මීටරය 7.8ට කරකවන්න මේ කතාමාලාවට හැකියාව ලැබෙනවා. පළවෙනි
කතාසමය නොබලපු හෝ අත ඇරුණ හැම කෙනෙක්ම වෙනුවෙන් කතාව මුල ඉදන්ම මතක් කරලා ඉන්නම්.
ඉස්තාන්බූල් නගරය බොහොම ජනාකීර්ණයි.
සංචාරක ආකර්ශනය අතින් ඉහළයි.
හැංගුණ දේවල් ඒ වගේම බොහොමයි.
කාත් කවුරුවත් නොදන්නා විදිහට ඉස්තාන්බුල් නගරයේ ද්වි පාර්ශවික ගැටුමක් ඇති වෙනවා.
මේකේ සම්භවය මෑතක සිදුවුණ එකක් නෙමේ. මීට අවුරුදු ගාණකට කලින් ඉදන්ම මේ ගැටුම පවතිනවා.
ඒ පක්ෂපාතීන් පිරිවරා ගත් ආරක්ශකයාත් ඉමෝටල්වරුත් අතර පවතින ද්වන්ධ යුද්ධය. තේරෙන්නේ නෑ වගේද?
මම මෙහෙම කියන්නම්. මනුෂ්‍යත්වය සහමුළින්ම අතුගාලා දාන්න මාන බලන ඉමෝටල්වරු එහෙමත් නැත්තම්
අමරණීයයන් හත් දෙනෙක් ඉන්නවා. එයාලා උපත ලබන්නේ අවුරුදු දහස් ගාණකට කලින්. ඒ කාලයේ ඉදන්ම
මනුෂ්‍ය ප්‍රජාවට ජීවත් වෙන්න නම් අලුත් බලාපොරොත්තුවක් එහෙමත් නැත්තම් අලුත් සටන් උපාංගයක් අවශ්‍යම
වෙනවා. ඉතින් වසර දහස් ගාණකට කලින් ඓතිහාසික ඉස්තාන්බුල් නගරයේ හිත් පිත් ඇති යක්ශයෙක්ගේ
උපත සිද්ධ වෙනවා. ඒ ආරක්ෂකයා. ආරක්ෂකයන් පැවතගෙන එන්නේ එකම ලේ පරපුරකින්. ආරක්ෂකයාගේ
වගකීම තාත්තාගෙන් තමන්ගේ පුතාට පැවරෙනවා. දහස් අවුරුද්දක් තිස්සේ මේ ආරක්ෂකයින් නිහඬවම
මනුෂ්‍ය ප්‍රජාව සුරකින්න තමන්ගේ ජීවිත කැප කරනවා. කාලය ගෙවිලා ගෙවිලා වර්ථමානය උදා වෙනවා. ආරක්ෂකයාගේ
පරම්පාරවේ අවසානම පුරුක, හකාන්. තමන්ගේ අරමුණක් නෑ කියලා හිතන ජීවිතේට අරමුණක් හොයන මනුස්සයෙක්.
අරමුණක් නෑ කියලා හිතපු ජීවිතේම ලොකුම අරමුණක් තියන ජීවිතය වුණොත් එහෙම. ඔක්කොම කණපිට හැරෙයි
නේද? ඔව්, හකාන්ටත් ඒ සිද්ධියට මූණ දෙන්න වෙනවා. එයා දැනගන්නවා එයාව හදාගන්න ගත්තු තාත්තා පක්ෂපාතී
කෙනෙක් බවත්, තමන්ගේ ඇත්තම දෙමව්පියන්ව මැරුවේ අවසාන ඉමෝටල්වරයා බවත්. ඒත් ආරක්ෂකයාගේ
දෙවනි තාත්තාටත් මේ සිද්ධීන් නිසාම මරණය වැළද ගන්න වෙනවා. ඊට පස්සේ හකාන් කෙමල් සහ සිනෙප්ගේ
ආරක්ෂාව යටතේ හැම දෙයක්ම ඉගන ගන්නවා. ආරක්ෂකයාට ඉමෝටල්වරයෙක්ව මරන්න නම් ප්‍රධාන දේවල්
තුනක් ඕන වෙනවා. 1. ආරක්ෂක බල සහිත කමිසය , 2. අද්විතීය කිණිස්ස , 3.බල මුදුව. මේ දේවල් හොයාගැනීම
තමයි ආරක්ෂකයාගේ මුල්ම කාර්‍යභාරය වෙන්නේ. ඉතින් අවසානම ඉමෝටල්වරයා මරන්න යන ගමන හකාන්
බොහොම සාර්ථකව කළත් අවසානයේම ඔක්කොම වැඩ ගැස්සෙන හැටි අපිට දකින්න ලැබුණා. එක ඉමෝටල්වරයෙක්
මරන්න ගිහින් හකාන් නිදාගෙන හිටපු අනිත් ඉමෝටල්වරු හැමදෙනාවම මරණයෙන් නැගිට්ටවනවා. දැන් එතන ඉදන්….
දැන් හකාන්ට ආරක්ශක බල තියන කමිසය නැතිවුණා. ඉමෝටල්වරු හත් දෙනාම නැගිටලා.
ඒ හැම දෙනාම මනුෂ්‍ය වර්ගයා අතුගා දැමීමේ එයාලගේ ප්‍රධාන අරමුණ වෙනුවෙන් වැඩ කරනවා. සිනෙප් තවමත්
හොස්පිට්ල් ඇදක සිහි නැතුව ඉන්නවා. ඉතින් මේ ඔක්කොමත් විද දරාගෙන නැතිවුණු ආරක්ෂක කමිසය හොයාගෙන
ඉමෝටල්වරු ඔක්කොමලාම විනාස කරලා මනුෂ්‍ය ප්‍රජාවයි ඉස්තාන්බූල් නගරයයි බේරගන්න හකාන්ට හැකියාව
ලැබේවිද? කතාව බලලාම දැනගන්න.
ඉතින් NETFLIX සමාගම දෙවනි කතාසමය නිකුත් කරන්නේ 2019 අප්‍රේල් 26 වෙනිදා.
පළවෙනි කතාසමයට උපසිරැසි නිර්මාණය කළේ කවිෂල් අයියා, මලිත් වීරමුණි අයියා,
කවිනු වීරක්කොඩි සහෝදරයා, වගේම මම. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ කතා මාලාව බාර අරගෙන
අපිවත් එකතු කරගත්තු කවිශල් අයියාව. විභාගය ළග ළගම නොඑන්න මේ කතා සමයටත් එයා සහභාගී වෙන්න
ඉඩ තිබුණා. ඉතින් මේ කතාසමය අරගෙන එන්න අලුතෙන්ම එකතු වුණ කට්ටිය තමා නුවන්ත දුලාන් අයියියා,
මලිත් අයියා, නවීන් නිසල් ධනුෂ්ක අයියා, යුරාන් ධනුක අයියා, චානක ඉඳුණිල් අයියා. මමත් එපිසෝඩ් දෙකකට
දායක වෙනවා. මේ කතාසමයේත් ඕන කරන මෙහෙය වීම, කට්ටිය හොයාගැනීම සිද්ධ කළේ කවිෂල් අයියා,
ඒ නිසා ආයේ සැරයක් එයාව මතක් කරනවා. එහෙනම් සමුගන්නම්. නුවන්ත අයියා දෙවෙනි කතාංගය අරගෙන ඒවි.
මම ආපහු අට වෙනි කතාංගයෙන් ඔයාලා එක්ක එකතු වෙන්නම්. එහෙනම් ලෑස්ති වෙන්න ආරක්ෂකයාත් එක්ක
ඉස්තාන්බුල් වීදි වල සිදුවෙන මරණීය සංග්‍රාමයේ සාක්ශිකරුවෝ වෙන්න. ෆැන්ටසියක සාම්ප්‍රදායික
වැට කඩොළු සීමා බිඳින්න…..


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | WEB | x264 | 720p | 2.9GB | Complete S02 |

Direct Download

| WEB | x264 | 720p | 330MB |

   

| WEB | x265 | 720p | 200MB |

    

| WEB | x264 | 720p | 2.9GB | Complete S02 |

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!