Happy Death Day 2U (2019) | මරණයට එරෙහිව…

හැමෝටම සුභ දවසක් ඔන්න ඉතින් මාස ගානකට පස්සේ තවත් ලස්සන හොරර් ෆිලුමක් අරන් ආවා. ඉතින් මේකේ පලවෙනි චිත්‍රපටය ගිය අවුරුද්දේ ආවා කට්ටිය ඒක බලන්න ඇති කියලා හිතනවා. ඒක බලන්න බැරිවුන අය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒක බලලාම මේක බලන්න.

ඉතින් මේ චිත්‍රපටියට කලින් චිත්‍රපයට සාපේක්ෂව ටිකක් වැඩිපුර වියදම් කරලා හදලා තියනවා. ඒ වගේම 6.3ක IMDB අගයක් මේකට හිමිවෙලා තියනවා. ඉතින් නලුනිලියන් නම් කලින් එකේ කට්ටියම තමයි ඊට අමතරව තව අලුත් චරිත කීපයකුත් ඉන්නවා.

හරි එහෙනම් මුලින්ම පළවෙනි චිත්‍රපටය ගැන ටිකක් මතක් කරගෙන ඉමු.

ට්‍රී, එහෙමත් නැත්තම් ට්‍රීසා කියන්නේ ඇමරිකාමේ බේෆිල් සරසවියේ උසස් අද්‍යාපනය හදාරන සිසුවියක්, ඉතින් දවසක් එයා පාටියකට ගිහින් විනෝද වෙනවා, එයාටත් නොදැනීම එයාට ටිකක් වැඩි වෙනවා, ඉතින් එයා එතන ඉන්න කාටර් කියන පිරිමි ළමයත් එක්ක එයාගේ හොස්ටල් එකට එනවා, පහුවදා අදේ නැගිටිද්දි තමයි ට්‍රීට තේරෙන්නේ එයා ඉන්නේ පිරිමි කෙනෙක්ගේ හොස්ටල් කාමරේක කියලා, ඉතින් මෙතන තව විශේෂත්වයක් තියනවා, එදා තමයි ට්‍රීෙග් උපන්දිනය, ඉතින් එයා තරහින් කාටර්ගේ කාමරෙන් එළියට ඇවිත් එයාගේ හොස්ටල් එකට යනවා, ඉතින් එයාගේ යාළුා් බලන් ඉන්නේ ට්‍රීව උපන්දිනේ දවසේ පුදුම කරන්න, එත් එදා රෑ තියන උපන්දින සාදයට යමින් ඉන්න අතර මගදි, වෙස්මූණක් දාගත්ත නන්නාදුනන පුද්ගයෙක් ට්‍රීව මරනවා, එත් එක්කම එයා ආපහු කාටර්ගේ ඇදෙන් ඇහැරෙනවා, ඉතින් මෙහෙම කීප වතාවක්ම අර මිණීමරුවා ට්‍රිව මරනවා, ඉතින් ට්‍රි මැරෙනව හැම වෙලාවකම කාටර්ගේ කාමරෙන් ආපහු ඇහැරෙනවා, ඉතින් ට්‍රි කාටර් එක්ක එකතු වෙලා මේ මීනී මරුවා කවුද කියලා හොයාගන්න උත්සහ කරනවා, ඉතින් හොදල් තියෙන්නේ ට්‍රී මැරුනට ඒ දවසේ මැරෙන්න කලින් වුන දේවල් මතකයි. ඉතින් මෙයා සැක කරුවන්ගේ ලයිස්තුවක් හදනවා. ඊට පස්සේ එකිනෙකා ගැන හොයන්වා. අන්තිමේදි එයා හොයාගන්නවා එයාව මරන්නේ වෙන ක්වුරුත් නෙමේ එයාගේ රූම් මේට් ලෝරී කියලා. ඉතින් ට්‍රී ගහන පයින් පහරකින් ලෝරී ජනේලෙන් පහලට වැටිලා මැරෙනවා. ඉතින් එතනින් අර දවස රීසෙට් වෙන එක නතර වෙනවා.

ඉතින් Happy Death Day 2U මේ චිත්‍රපටය පටන් ගන්නේ අර චිත්‍රපටය අවසන් වෙන තැනින්. ඉතින් කලින් චිත්‍රපටයේ තිබුන් හොර ගතිය ටිකක් අඩු කරලා SiFi පැත්තට බර කරලා තියනවා. මේකෙදි වෙන්නේ කාටර්ගේ රූම් මේට් රයන් (අර චීන කොල්ලා) එක පාරටම ට්‍රී වගේ එකම දවසේ හිරවෙන්න ගන්නවා. ඉතින් එයා යාලුවොත් එක්ක එකතුවෙලා ඒක්ට උත්තර හොයන්න ගන්නවා. බලනකොට ඒකට්ස් හේතුව එයා හදන සිසී කියන යන්තරය ඉතින්. හොයලා බලනකොට එයාව මරන්නේ එයාගෙම රූපකාය තියන කෙනෙක්. ඉතින් මූ එක හදන්න යනවා එතනදි මොකක් හරි වෙලා ට්‍රී ආපහු එකම දවසේ හිරවෙන්වා. ඉතින් හොයලා බලද්දි ට්‍රී දැන් ඉන්නේ වෙනමම මානයක. (සමාන්තරව ලෝකයක වගේ) ඉතින් ලෝරී ඒ ලෝකෙදි ට්‍රීව මරන්න එන් නෑ. ඒ වගේම ට්‍රීගේ අම්මත් ඉන්නවා. ඒත් වැඩේ කියන්නේ කාටර් ඒ ලෝකෙදි ට්‍රීට ආදරේ කරන්නේ නෑ. එයා ඩැනියල් එක්ක සෙට් වෙලා ඉන්නේ. ඒත් මිනී මරුවෙක් නම් ඉන්නවා. ඉතින් ට්‍රීට කලින් ලෝකේ නැති හුගක් දේවල් මේ ලොකයේ තියන්වා. එතනින් එහාට මොකද් වෙන්නේ කියලා ඔයාලම බලන්න. බුදු සරනයි.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 850MB | YTS |

Direct Download

| WEB | x264 | 480p | 370MB |

| WEB | x264 | 720p | 820MB | YTS |

| WEB | x264 | 1080p | 1.6GB | YTS |

| WEB  | x265 | 720p | 560MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Happy Death Day 2U (2019) | මරණයට එරෙහිව…

  • May 8, 2019 at 14:37
    Permalink

    BluRay Awo !
    Update karando !

    Reply
  • May 8, 2019 at 15:33
    Permalink

    Could you please forward the link of first film as it is not available here. Thank you.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!