Hacksaw Ridge (2016) | දැවී-තැවුණ සිත් නිවී-පහන් කරනු පිණිස!

වෙනස් විදියට ලෝකේ දකින මිනිස්සු බොහෝ වෙලාවට ලෝකය වෙනස් කරනව, එහෙම අය නිසා තමා ලෝකය ඉදිරියට යන්නේ. අද කියන්න යන කතාව අන්න ඒ විදියේ වෙනස් විදියට ලෝකය දැකපු කෙනෙක් ගැන නිමවෙන එකක්. ලෝක යුධ සමය සහ යුද්ධය අලලා නිමවුන චිත්‍රපට රුපවාහිනී කතා මාලා සිය ගණනක් බලල ඇති ඔයාල. මේකත් දෙවැනි ලෝක යුධ සමය අලලා නිමවුන IMDB 8.3ක අගයක් අරගන්න සමත් වෙච්ච, ඔස්කා සම්මාන 6කට නිර්දේශ ලබාගන්න සමත් වෙච්ච කතාවක්. ඒ වගේම මේකට IMDB Top 205 වලින් #120 වෙනි ස්ථානයදිනාගන්න සමත් වෙච්ච අති විශේෂ කතාවක්. ඒ මොකද කියනවනම් මේ කියන්න හදන කතාවේ කතා නායකයා ඇමරිකානු ජනපති හැරී ට්රුමන් අතින් Medal of Honor පදක්කම දිනාගත්ත ඒත් යුද්ධයේදී තුවක්කුවක් අල්ලලාවත් නැති කෙනෙක්. දෙවනි ලෝක යුද්ධයේදී මොහු විසින් මරා දමන ලද සතුරන් ගණන් බිංදුවයි නමුත් සතුරු පාර්ශවයේ අයව බේරාගෙන තියනවා කියල සඳහන් වෙනවා. ඉතිං එහෙම කෙනෙක් කොහොමද Medal of Honor පදක්කමක් දිනාගන්නේ? ඉතිං මගෙන් නෙමේ. පහල තියනවා පොඩි වීඩියෝ එකක්. කෝප්‍රල් ඩෙස්මන් තෝමස් ඩොස් විසින්ම තමන්ගේ කතාව කෙටියෙන් කියනව. 1919දී උපත ලබන ඩෙස්මන් ඩොස් යුද්ධය නිසා ඇතිවුන තුවාල නිසාවෙන් ජිවිත කාලයම සුළු වශයෙන් ආබාධයන්ට ලක්වෙලා ඉඳලා 2006 මාර්තු 23 වෙනිදා ස්භාවික අයුරින් මිය යනවිට අවයස අවුරු 87ක්. අපේ රටේ තිබුන දශක තුනක සිවිල් යුධ සමය තුල මෙවැනි විරුවන් රැසක් ඉන්න ඇති, දශක හයකට පස්සෙත් මේ විදියට මෙවැනි විරුවන් ගැන ලෝකයා හමුවට ගෙන එනවා, ඒත් අපේ මෙහෙම දේවල් ගැන රටට ලෝකයට දැනගන්න වෙන්නේ නම් නෑ. ඇමරිකාවේ එහෙම උනත් – ලංකාවේ එහෙම වෙන්නේ නෑ 😀 ඒ වගේම රොයිලි අයියටත් බොහොම ස්තුතියි පැටලුම් ටිකක් ලිහල දුන්නට.

Medal of Honor ribbon.svg Medal of Honor
Valor device.svgBronze oakleaf-3d.svgBronze oakleaf-3d.svg Bronze Star Medal with two Oak Leaf Clusters and “V” Device
Bronze oak leaf cluster
Bronze oak leaf cluster

Purple Heart with two Oak Leaf Clusters
Presidential Unit Citation ribbon.svg Army Presidential Unit Citation
Meritorious Unit Commendation ribbon.svg Meritorious Unit Commendation
Army Good Conduct ribbon.svg Good Conduct Medal
American Campaign Medal ribbon.svg American Campaign Medal
Arrowhead
Bronze star
Bronze star
Bronze star

Asiatic-Pacific Campaign Medal with three 316” bronze stars and arrowhead device
World War II Victory Medal ribbon.svg World War II Victory Medal
Bronze star

Philippine Liberation Medal with one 316” bronze star
CombatMedBadge.gif Combat Medical Badge

පසුබිම් උන සත්‍ය සිදුවීම් ඇසුරින් කතාව ගැන සඳහන් කරනවනම්, සාමාන්‍ය සෙබලෙක් විදියට ඇමරිකන් හමුදාවේ 77වෙනි පාබල අනුඛණ්ඩය (the Statue of Liberty Division) යටතේ හමුදා සේවයට පිවිසෙන මොහු එම හමුදා අනුඛණ්ඩය සමග ජපානයෙ Ryukyu කියන දිවයිනක කෙරෙන සටනට සහබාගි වෙනවා, කෘරත්වය ප්‍රතික්ෂේප කරන මොහු හමුදා පුහුණුවේදී තුවක්කු පුහුණුව ප්‍රතික්ෂේප කරපු නිසා මොහුගේම බලවත් ඉල්ලීම මත හමුදා වෛද්‍යවරයෙක් විදියට තමා මේකට සහභාගි කරවන්නේ. ඒ දුපතේ ජපනුන් විසින් උමං හාරල භූගත සටන් කඳවුරක් පවත්වාගෙන යනවා. අපේ කතා නායකයා ඇතුළු පිරිස සටන් වදින්නේ මෙන්න මේ කියන භූගත ජපන් කඳවුරු ා යටත් කරගන්න. ගුවනින් ගොඩබිමින් සහ මුහුදින් කොපමණ පහර දුන්නත් ජපනුන්ව පරාජය කරන්න හැකිවෙන්නේ නෑ ඇමරිකන් හමුදාවට. Hacksaw Ridge කියන්නේ කඳු ප්‍රපාතයකට, එහි ඉහල ඉන්නේ මේ කියන ජපන් සොල්දාදුවන්. පහල තමා ඇමරිකම් හමුදා කඳවුරු බැඳගෙන ඉන්නේ. උඩ කෙරුණ සටනකදී ඇමරිකන් හමුදාව ජපනුන්ට බරපතල ප්‍රහාරයක් දියත් කරනව, නමුත් අන්තිමේදී ජපනුන් ප්‍රති ප්‍රහාර එල්ලකරනකොට ඇමරිකන් හමුදාවට පසුබහින්න වෙනවා. නමුත් ඒ වෙනකොට බාගෙට බාගයක්ම තුවාල වෙලා සහ මියගිහින්, උඩට නගපු අයගෙන් ඉතාම අඩු පිරිසක් තමා පහලට බහින්නේ, හැබැයි ඩොස් පහලට බහින්නේ නෑ එයා උඩට වෙලා ඉන්නවා උඩට වෙලා ඉඳල මොනවද කරන්නේ? 

                                                සැබෑ චායාරුපය                                              සිනමාපටයෙන්

Hacksaw

ඉතින් IMDB 8.6ක අගයක් අරගෙන තියන මේ කතාව අපිට අරන් එන්නේ අපි කවුරුත් දන්න කියන ඔස්කා සම්මාන දෙකකින් පිදුම් ලබපු හොලිවුඩ් අධ්‍යක්ෂකවරයෙක් ඒ තමා මෙල් ගිබ්සන්. Apocalypto 2006Braveheart 1995, The Man Without a Face 1993, වැනි සුපිරිතම සිනමාපට අපට අරන් ආපු මෙල් ගිබ්සන් විසින් අපිට තිලිණ කෙරෙන මීළඟ සුපිරිතම සිනමාපටය මේක. ඒ වගේම රංගනයෙන් දායක වෙන්නෙත් අපිට හොඳට හුරු පුරුදු චරිත කිහිපයක් විසින්. The Amazing Spider-Man විදියට අප හමුවට ආව Andrew Garfield තමා ඩොස් විදියට ප්‍රධාන චරිතයට දායක වෙන්නේ. ඒ වගේම Warm Bodies 2013The Choice 2016වැනි  සිනමාපට තුලින් අප හමුවට ආව Teresa Palmer <3 ඩොස්ගෙ බිරිඳ විදියටත් Avatar 2009Clash of the Titans  2010Wrath of the Titans 2012, සිනමාපට තුලින් අප හමුවට ආව Sam Worthington.  එමෙන්ම මෙල් ගිබ්සන්ගේ පුත්‍රයෙක් වන Milo Gibson ද, Richard Pyros, Jacob Warner වැනි අය මෙහි චරිතවලට පණ පොවනව.ඒ වගේම ෆිල්ම් එක අවසානයේ මේ කතාවට සම්බන්ධ සැබෑම මිනිසුන්ගේ විනාඩි කිහිපයක කතාවක් තියනව, ඒකත් බලන්න, යුද්ධය කියන්නේ මොන වගේ දෙයක්ද කියල දැනගන්න හැදිනගන්න පුලුවන්.

ඔයාට හැම වෙලේම දිනන්න බෑ..
ඒත් යාලුවෝ එයාලගේ ජිවිත මට ණයගැතියි කියල කියාගෙන මං ගාවට එනව.
මට ලබාගන්න තියන ඊට වඩා වටිනා සම්මාන තව මොනවද?

-කෝප්‍රල් ඩෙස්මන් ඩොස්-
Medal of Honor: Oral Histories

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 1.1GB | YTS |

Direct Download

| Bluray | x264 | 720p | 1.1GB | YTS |

| Bluray | x264 | 1080p | 2.1GB | YTS |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!