Oru Kidayin Karunai Manu (2017)| එළු නාම්බෙකුගේ කාරුණික පෙත්සම…

මුලින්ම පසුගිය 21 වෙනිදා සිදුවු මිලේච්ජ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා වාසි හා විදේශීය ජාතික සියළු දෙනා හට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. එවැනි ඉරනමකට යලිත් ලක්මව ලක්නොවේවායි ප්‍රාර්ථනා කරන ගමන් තවත් උපසිරසියක් අරගෙන එන්නයි මේ සූදානම. ඉතින් ඉස්සෙල්ලම ස්තූති වන්ත වෙනව මට මේකට උපසිරසි කරන්න වෙන් කරල දුන්නට බයිස්කෝප් ටීම් එකට.

සම්මත සිනමා ප්‍රමිති රටාවට වෙනස් ආකාරයෙන් දිගහැරෙන Oru Kidayin Karunaai Manu (OKKM) ඉතාමත්ම ලස්සන කථාවක්. මිනිසුන්ගේ ප්‍රශ්ණ වලට අහක ඉන්න සතෙක් පලිද..? නැත්තම් ඒ ප්‍රශ්ණ වලට හේතුව අහක ඉන්න සතෙක්ද..? ඒ වගේ බලනකොට මිනිසුන්ගේ ප්‍රශ්න වලට එළුවෙක් කොහොම ප්‍රථිචාර දක්වයිද කියලා හිතන්නද පුළුවන්ද..?ඕවගේ ප්‍රශ්ණ රාශියක් එක්ක ගෙතී යන ලස්සනම ලස්සනම කථාවක් තමයි අද ඔයාල වෙනුවෙන් දෙන්න යන්නේ..

මෙහි අධ්යක්ෂවරයා කිසිදු සමාජයේ කිසිදු පාර්ශවයක් නොගෙන සමාජ ගැටලුවක් ගැන කතා කිරීමට හෝ චිත්රපටය හරහා පණිවිඩයක් ලබාදීමට උත්සාහ කර නැත. යම්කිසි තත්වයකට මිනිසුන් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ඒක සංකීර්ණ තත්වයක් වූ විට එයට සාමාජිකයින් කිහිපදෙනෙකු ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න හා ජනතාවගේ ජීවිතයෙන් ආදරයෙන් පෙන්වීමට සිය උපරිම උත්සාහය දරා ඇත.? මෙම කරුණු OKKM චිත්‍රපටෙයේ පදනම වේ.

කාණ්ඩය : Drama
අධ්‍යක්ෂණය : Suresh Sangaiah
රංගන ශිල්පීන් : Vidharth , Raveena Ravi
කථාව රචනය : Suresh Sangaiah
ධාවන කාලය : 116 minutes
තිරගත කල දිනය : 2 June 2017
සංගීතය : R. Raghuram
IMDB අගය : 7.7/10

මරණයට ගෙන යන එළුවෙක් හා ඒ අවාසනාවට වූ ගම්වැසියන් පිරිසක් වටා මුලුමනින් ම කථාව ගෙතී ඇත. කථාව ගැන පොඩි හැදින්වීමක් කරොත්, රාමමූරතී හා සීතා දෙදෙනා අළුත් මනාලයා හා මනමාලිය වන අතර, රාපමූරති හට කසාදයක් කරදීමට පෙර ඒ සදහා ඔහුගේ ආච්චි විසින් භාරයක් වී ඇති අතර, එය ඔප්පු කිරීමට ඔවුන් ඇතුළුව ගම් වැසියන් සියළු දෙනා අල්ලපු ගමෙහි ඇති කෝවිල වෙත යෑමට අදහස් කරයි. අළුත් මනමාල යුවල ඇතුළුව ගම් වැසියන් සියළු දෙනා ලොරි රථයකින් භාරය ඔප්පු කිරීමට උදෑසනම ගමින් පිටත් වී යයි. භාරය වී ඇත්තේ විවාහය සිදු වෙනතුරු එළුනාම්බෙක් හදා භාරය ඉටු වූ පසු එම එළු නාම්බව කෝවිලේදී බිලි දීමයි.ඉතින් මේ අය මේ එළුවාද සමගින් කෝවිල වෙත යන්නේ එළුවා බිලිදුන් පසු එළු මස් බත් කෑමේ ආශාවද සමගිනි.

ඒ සදහා ඔවුන්ගේ ගමෙහි හොදම කෝකියාවද රැගෙන යයි. කොහෙමෙින් හරි එළු මස් කන්න හිතාගෙන භාරය ඔප්පු කරන්නට යන සියළු දෙනාටම සිදු වන්නේ නොසිතූ විරූ ඉරණමකට මුහුණ පාන්නයි..ගමේ මිනිසුන්ගේ එකමුතුකම, විපතක් වූ විට එයට මුහුණ දෙන අයුරු මින් ඉදිරියට මනා අයුරින් දැකගත හැක..අවසානයේ එළුවෙකු නිසා මේ ගමටත් සිදුවන කරදරය නරඔන්න ඔයාලට ආරාධනා කරන ගමන් තවත් උපසිරසියකින් හමු වෙන ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි..

විශේෂයෙන් ස්තූතියිවන්ත වෙනව මාහට සහය ලබාදුන් උචිත අරෝෂන් සොයුරාටත්……

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 700MB |    

Direct Download

| HDRip | x264 | SD | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Oru Kidayin Karunai Manu (2017)| එළු නාම්බෙකුගේ කාරුණික පෙත්සම…

  • May 2, 2019 at 14:49
    Permalink

    Me film eke subtitles mulinma yanawa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!