The Footballest (2018) AKA Los futbolísimos | ෆුට්බෝල්කාරයෝ…

මුලින්ම මම කියන්න කැමතියි මේක තමා මගේ පලවෙනි උපසිරසි නිර්මාණය.ඉතින් මම මගේ පලවෙනි උපසිරසි නිර්මානයටම තෝරාගත්තේ ස්පැනිෂ් ෆිල්ම් එකක්. ගොඩක් වෙලාවට අපි Spanish Films බලන්නේ අඩුවෙන්. හැබැයි Spanishසින්දු නම් අහනවා. කොහොම වුනත් මේක මගේ පලවෙනි නිර්මාණය නිසා ගොඩාක් අඩු පාඩු තියෙන්න පුළුවන්. මම කැමතියි ඒවා ඔයාලා කමෙන්ට් කරනවා නම්. ඇත්තටම මේ බයිස්කෝප් අංශයේ ඉන්න සියලුම සහෝදර උපසිරසි නිර්මාණකරුවන් කොයිතරම් කැපකිරිමක් අපි වෙනුවෙන් කරනවද කියලා මට හරියටම තේරුනේ උපසිරසියක් සිංහලයට පරිවර්තනය කරනකොට. සමහර වචනවල තේරුම් හොයාගෙන, ඩික්ෂනරි පෙරල, පෙරල, තමා එයාලා මේ උපසිරසි නිර්මාණය කරන්නේ. ඇත්තටම ඒක නම් පුදුම කැපකිරීමක්. මාත් ඒක අත්හදා බැලුවා.

හරි හරි. වැඩි කතා නැතුව අපි කතාව පැත්තට හැරෙමුකො. අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඔයා නමෙන්ම දන්නවා මේක ෆුට්බෝල් ගැන කියවෙන ෆිල්ම් එකක් කියලා. ඔව් ඔයා හරි. හැබැයි මේක වෙනස් ෆිල්ම්, එකක්. හැබැයි මේක රිලිස් උනේ නම් 2018. මට මේ ෆිල්ම් එක හම්බවුනේ ටිකක් පරක්කු වෙලා., ඒක නිසයි සබ එන්න 2019 වෙනකන් ඉන්න වුනේ.

කොහොමහරි මේ කතාවේ ඉන්න ප්‍රධාන චරිතයේ නම තමයි “පකෙතේ” කියන්නේ. අපිට වැඩිය හුරු නමක් නෙවෙයි නේද..!! මේ අපේ කතා නායකයා, ඒ කියන්නේ පකෙතේ හෙලේනා කියලා ගෑණු ළමයෙකුට ආදරය කරනවා. හැබැයි ඒ ආදරේ පැත්තකින් තියලා මෙයාලට විසදන්න අභිරහසක් එනවා. පකෙතේ සහ හෙලේනා ඇතුළු යාළුවො 11දෙනෙක් ෆුට්බෝල් ටිම් එකක ඉන්නවා. ඒ ටිම් එකේ නම සෝතෝ අල්තෝ. මේ සෝතෝ අල්තෝ කණ්ඩායම කියන්නේ හැමදාම පරදින කණ්ඩායමක් කියලා තමා හැමෝම හිතන් ඉන්නේ. හැබැයි ඒක බොරුවක්. සෝතෝ අල්තෝ කණ්ඩායම හැමදාම දිනාගෙන එනකොටම රෙෆ්ලිට සිහිය නැතුව වැටෙනවා. ඉතින් හැමදාම මේ සෝතෝ අල්තෝ කණ්ඩායම පරදිනවා. මෙන්න මේ අභිරහස විසඳන යනකොට පකෙතේටයි එයාගේ යාලුව්න්ටයි මාර අද්දැකීම් ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒවා මොනාද කියලා මම ඔයාට කියන්නේ නෑ. ෆිල්ම් එක බලලාම ඉන්නකෝ…

හරි දැන් අපි බලමු මේ Film එක ලස්සන කරන්න රංගනයෙන් දායක වෙච්චි නළු නිලියෝ කවුද කියලා. නලූ නිලියෝන්ගෙන් භාගයක්ම පොඩි ළමයි….

Julio Bohigas. –> පකෙතේ
Milene Mayer. –> හෙලේනා
Marcos Milara.
Iker Castiñeira.
Jorge Usón.
Joaquín Reyes.
Carmen Ruíz.
Antonio Pagudo.

ඉතින් මේ ෆිල්ම් එක කොච්චර ජනප්‍රිය වුනාද කියනවා නම්, මේ ෆිල්ම් එක රටවල් කිහිපයක විවිධ භාෂා වලින් පෙන්නුවා.පෘතුගාලය,පෝලන්තය මෙක්සිකෝව,කොලොම්බියාව විතරක් නෙවෙයි ඇමරිකා එක්සත් ජනපදයේ පවා විකාශය වුනා. කොහොම හරි මේ ෆිල්ම් එකේ IMDb Ratings ගැන කතා කලොත් එක එක රටවලට එක එක IMDb Ratings ලැබිලා තියෙනවා. ෆිල්ම් එක ස්පාඤ්ඤයේ හැදුවට ස්පාඤ්ඤයට IMDb Ratings තියෙන්නේ 4.9ක් විදිහට. ඒත් පෘතුගාලයේ මේ ෆිල්ම් එක 4.9ත වඩා වැඩි IMDb අගයක් අරන් තිබීම විශේෂත්වයක්.

ඔන්න වැඩිපුරත් එක්කම තකා කළා ෆිල්ම් එක ගැන. දැන් ඉතින් පොස්ට් කියවපු මහන්සිය යන්නත් එක්ක ෆිල්ම් එක බලන්න. මතක ඇතුව කමෙන්ට් එකකුත් දාගෙනම යන්න තවත් ලස්සන Spanish Film එකකින් හම්බවෙමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 860MB | YTS|

Direct Download

| Bluray | x264 | 720p | 860MB | YTS |

| Bluray | x264 | 1080p | 1.6GB | YTS |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Footballest (2018) AKA Los futbolísimos | ෆුට්බෝල්කාරයෝ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!