Badla (2019) | පලිගැනීමක වේදනාව…

සත්‍යය පරතරයෙන්ම දනී
නමුත් සත්‍යය සහ බොරුව අතර වෙනස…
මෝඩයා නොදනී…

ලොවක් කම්පා කරමින් කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගේ ගොදුරු බවට පත් වෙමින් අපි අතරින් වෙන් වෙලා ගිය අපේ සහෝදර ජනතාව සිහිපත් කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ලෝකයාගෙ සුභසිද්ධිය උදෙසා ගොඩ නැගුනු ආගම් නමින් ලෝකයක ව්‍යසනය සටහන් කරන්නට උත්සහ ගන්නා අන්තවාදීන්ගේ ඒ පහත් ක්‍රියාව පිලිකුලෙන් යුතුව හෙලා දකින අතර. ඒ අවාසනාවන්ත මහා ව්‍යසනයට මුහුණ දුන් සිය ගණනක් මිනිසුන් අතරින් දිවි අහිමිවූවන් හට හද පත්ලෙන්ම නැගෙන ශෝකය ප්‍රකාශ කර සිටින අතර තුවාලයන්ට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටින සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටින්නට බයිස්කෝප් සිංහලෙන් කන්ඩායම වෙනුවෙන් අප මෙය අවස්ථාවක් කරගන්නවා.

Big B එහෙමත් නැත්නම් අමිතාබ් බච්චන් එක්කලා Sujoy Ghosh, බොලිවුඩ් කිං කාන් ශාරුක් සහ ගෞරි ඇතුලු Red Chillies Entertainmentආයතනය එකතුවෙලා පහුගිය අරුවුද්දෙ ලොකු වැඩකට අත තිබ්බා. ඒ The Invisible Guest නම් සුපිරි ස්පැනිශ් මිස්ට්‍රි, ත්‍රිලර් චිත්‍රපටය බොලිවුඩයේ යලි ප්‍රති නිර්මාණය කිරීමට. අමිතාබ් බච්චන් එක්කලා තප්සී පන්නු ප්‍රධාන චරිත සදහා යොදාගෙන මේ චිත්‍රපටය නිර්මාණය කරන්නට තීරණය කරන Sujoy Ghosh ඇතුලු කණ්ඩායම මිනිත්තු 118ක් පුරා දිවෙන අතිශය සාර්ථක සිනමා සිත්තමක් නිර්මාණය කරනවා. එසේ නිර්මාණය වුනු බද්ලා චිත්‍රපටය මේ වසරේ මාර්තු මස 08 වැනිදා ලෝක කාන්තා දිනයට සමගාමීව ලොවපුරා තිරගතවීම ආරම්භ කරන්නේ වසරේ නිකුත් වුනු තවත් දැවැන්ත සිනමා සිත්තමක ගමන් මග අරඹමින්. ඉන්දියානු රුපියල් කෝටි විස්සක වියදමින් තැනූ මෙම චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 138 කට ආසන්න මුදලක් උපයමන් තවමත් නොදැවී ගමනක නිරතවන්නේ ඉහල විචාරක ප්‍රසාදයක ආශිර්වාදාත්මක ආරම්භයකින්.

පලිගැනීම කියන්න හරි දෙයක් නෙමෙයි. ඒත් සමාව දීම කියන්නෙ කොහෙත්ම හොද දෙයක් නෙමෙයි… 
සත්‍යය කියන දෙයට මොනතරම් විග්‍රහයන් තිබ්බත් නීතිය ඉදිරියේ “සාක්ශි සහ තොරතුරු” කියන්නෙ පරම සත්‍යයයි.

පින්ක් චිත්‍රපටයෙන් පස්සෙ තමයි අමිතාබ් සහ තප්සී එකම රිදී තිරයක දැකගන්න ලැබෙන්නෙ. පින්ක් චිත්‍රපටයේ වගේම අමිතාබ් මේකෙ නිරූපණය කරන්නෙ තප්සී විසින් කුලියට ගන්න නිතිඥයෙක්ගෙ චරිතය. ඒ වගේම තප්සී සහ අමිතාත් අතිශය කැපීපෙනෙන රංගනයක නිරත වන්නට මේ චිත්‍රපටයේදි සමත් වෙනවා. මේ මොවුන්ගේ රංගනය සිනමාවේදීන්ගේ දැඩි පැසසුමකට ලක් කෙරුනා.

අමිතාබ් සහ තප්සීට අමතරව Amrita Singh, Tony Luke, Manav Kaul, Tanveer Ghani ද මේ සදහා තම සුවිශේශී රංගන දායකත්වය සපයනවා. Sujoy Ghoshගේ අධ්‍යක්ශනයෙන් හැඩවන මේ චිත්‍රපටය මං කලින් සදහන් කරා සේම ශාරුක් කාන්. ගෞරී කාන්, ඇතුලු Red Chillies Entertainmentආයතනය විසින් සිදු කරනු ලබන අතර Amaal Mallik, Anupam Roy, Clinton Cerejoතුන්කට්ටුවගේ සංගීතයෙන් හැඩවනවා.

කතාව ගැන කියනවනම් නේනා සේටි කියන්නේ ව්‍යාපාර ලෝකයේ ඉහලින්ම ඉන්න ව්‍යවසායිකාවක් විවාහක කාන්තාවක් වන ඇයට කුඩා දැරියක්ද සිටින අතර අවුරුදු 3ක් තිස්සෙ නේනා අර්ජුන් කියලා පුද්ගලයෙක් එක්ක අනියම් සබදතාවක් පවත්වගෙන යනවා. ඉතින් මේ අනියම් පෙමින් වියරු වැටිච්ච දෙන්නට අන්තිමේ ජීවිතේ කණපිට හැරෙන සිද්ධියකට මුහුණපාන්න සිද්ධ වෙනවා. ඒ ඔවුන් දෙදෙනාව බ්ලැක්මේල් කරන්න පැමිණෙන අලුත් චරිතයක් නිසා මේ දෙන්නගේ නිහැඬියාව දෙදරන්න පටන් ගන්නවා. ඉතින් මේ බැලැක්මේල් කරුවා මේ දෙදෙනාව හෝටලේකට ගෙන්වා ගත්තත් එහිදි සිදුවන කලබලයක් නිසා නේනාට සිහි නැතිවනවා. නේනාට සිහි පැමිණෙනවිට ඔහු ඉදිරියේ ඉතිරිව තිබෙන්නෙ නිසල අර්ජුන්ගේ මල සිරුර සහ විසිරුනු මුදල් නෝට්ටු කිහිපයක්ය. මේ මරණයට නේනා සැකකරු වනවා. ඇයගේ සහයට බාදල් ගුප්තා නම් නිතිඥවරයකු පැමිණෙනවා. එතැන් පටන් අප ඉදිරියේ අංක “6” ලෙසින් පෙනෙන්නට තිබුනු දේ අංක “9” ලෙසින් පෙනෙන්නට ගන්නවා.

එහෙනම් යන්නට අවසර පතනවා අදත්, රටේ ඇතිවෙලා තියෙන තත්වයත් එක්ක ඔබෙන් ඉල්ලා සිටින්නෙ හැකිතරම් ප්‍රවේසම් වෙන්න කියලා විතරයි. චිත්‍රපටය සඳහා හොඳ වීඩියෝ පිටපත් නිකුත් වූ දිනයේ රටේ ඇතිවූ ව්‍යසනය නිසා විත්‍රපටයක් උපසිරැසි ගැන්වීමක් කරන්න පුලුවන් වටපිටාවක් නොතිබූ හෙයින් ඉඩ ලැබුනු අවස්ථාවේ අපේ අඩවි‍යේ දහරා මුතු අමා සහෝදරියත් එක්කාසු කරගෙන මේ උපසිරසිය ඔබවෙත අරගෙන එන්නට මා කටයුතු කලා. ඉතින් ප්‍රමාදයක් වූවානම් සමාව ඉල්ලා සිටින අතර උපසිරසිය ඉක්මනින් ගෙන ඒම සඳහා සහය වුනු දහරා සහෝදරියටත් ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම බයිස්කෝප් ඇඩ්මින් මන්ඩලයවත් මේ වෙලාවෙ මතක් කර සිටින අතර ලක්වාසි ඔබ සැමට කිසිදු අපල උපද්‍රවයක් නොවී මේ ගතවන අදූරු දින කිහිපය සීරිමක්වත් නොමැතිව ගෙවා දමන්නට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කර සිටින අතර එවන් කුරිරු ක්‍රියාවක විලාප හඬක් ලක් මෑණියන් හට නැවත සවන් දීමට නොලැබේවායි ප්‍රාර්ථනා කර සිටිමු.!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 700MB |

Direct Download

| HDRip | x264 | SD | 200MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.5GB |

| HDRip | x264 | 1080p | 2.5GB |

 

| HDRip | x264 | 1080p | 3.1GB |

 

| HDRip | x264 | 1080p | 4.2GB |

 

| HDRip | x265 | 720p | 950MB |

 

| HDRip | x265 | 1080p | 1.6GB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

11 thoughts on “Badla (2019) | පලිගැනීමක වේදනාව…

  • April 27, 2019 at 22:15
    Permalink

    userdata wala danna epa download karaganna be speed ne yakoo

    Reply
  • April 27, 2019 at 22:16
    Permalink

    thanks sahooo.. enakan hitiye..

    Reply
  • April 28, 2019 at 00:46
    Permalink

    meka kohomda dowload kragnne.dowmload click krama venma site ekakta ynvne .ita passe kohmda download kragnne?

    Reply
    • June 13, 2019 at 07:43
      Permalink

      MAchan a new tab ekak open wela wena site ekakata yanne

      Reply
  • April 28, 2019 at 06:29
    Permalink

    userdrive kiyana eken downloard karana heti danna kenek innwanm kiyala dennkoo

    Reply
    • April 28, 2019 at 13:46
      Permalink

      refilm.net eken bapan superb quality and law size films nice web site

      Reply
    • June 13, 2019 at 07:46
      Permalink

      USerdrive giyama yata thathpara 15k idala ‘hari’ lakuna daala create a download link yanna. Ethakota enava download kiyala. Aka click karama hari

      Reply
  • June 13, 2019 at 07:47
    Permalink

    Userdrive nathuwa openload dapanko bn. Userdrive download slow

    Reply
    • June 13, 2019 at 14:12
      Permalink

      අපි usersdrive සහ openload දෙකෙන්ම ලින්ක් ලබා දීමක් සිදුකරනවා.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!