Pathfinder (2007) | දෙලොවක් අතර…

ඔන්න මගේ 7 වන උපසිරසිය ලෙස pathfinder ගෙනාව. මේක මම ගොඩක් ආශාවෙන් බලපු ෆිල්ම් එකක්, ඒක නිසා මම හිතුව මේකෙ සිංහල උපශිරශියක් බයිස්කෝප් යාළුවන්ට දුන්නොත් හොඳයි කියල. ඉතින් ඔන්න ඒක ඔයාලට ගෙනාව. මේකෙ කතාව ගැන කියනවනම්, මේ සලරුව මිනිත්තු 99ක් පුරා දිවයන්නක්. Action | Adventure | Drama ගණයට අයත් මෙය Laeta Kalogridis හා Nils Gaup රචනයෙන් ද Marcus Nispel ගේ ධ්‍යක්ෂණයෙන්ද, Karl Urban, Clancy Brown, Moon Bloodgood ගේ රංගනයෙන් හැඩවුණු මෙය 2007 අප්‍රේල් 13 ඇමරිකාවේ තිරගතවීම ඇරඹුණා.

මෙහි අඩංගු වන්නේ උතුරු ඇමරිකාව වයිකිං වරු විසින් යටත් කර ගැනීමට දරන උත්සාහයක් පිළිබඳවයි. මෙහි එන නෝර්වීජියානු ළමයෙකුගේ වික්‍රමාන්විතයක් වටා ගෙතුණු මෙය නැගෙනහිර වෙරළේ මුහුදුබත් වුණු නැවකින් ආරම්භ වනවා. ළමයාගේ වංශය සලකා රතු ඉන්දියන්වරු විසින් හදාවඩා ගන්නව. අවුරුදු ගණනාවකට පසු නැවත මෙම දේශයට වයිකිංවරු පැමිණ ඔවුන්ගේ පදිංචිය සඳහා ඉන්දියන්වරු සමූල ඝාතනයක් අරඹනව,මෙයට විරුද්ධව අවුරුදු 25හේ ඉන්දියන්වරු විසින් හදාවඩා ගත් මෙම නෝර්වීජියානු රණකාමියා වයිකිං වරුන්ගෙන් තමාගේ ඉන්දියානු පවුලේ සාමාජිකයින් සහ තමාගේ ජනතාව මරාදැමීම හේතුවෙන් පළිගන්න ආකාරයත් ඔහුගේ ප්‍රේම වෘතාන්තයත් මෙයින් දැක්වෙනව. ඔක්කොම විස්තර ටික දැන ගන්න මේක බාගෙනම බලන්නකො. ඔබට ජය!!

මීට පෙර පළකල ලිපිය.

ඔන්න මේ ඔයාලට දෙන්න යන්නෙ සුපිරිම චිත්‍රපටයක්.. ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන්නන් නම් නැවත නැවත මේ සිනමාපටය රසවිදියි කියල හිතනව.. මෙන්න මෙහෙමයි කතාව…

ඈත අතීතයේ එක් දිනක කාන්තාවක් දර සොයමින් කැලයේ ඇවිදිමින් සිටිනවා.. එවිට ඇයට දැකගන්න ලැබෙන්නෙ හිම වගේ සිදු පාට බොහොම ලස්සන අශ්වයෙක්.. මේ අශ්වයා ඇයව රැගෙන යනව කැඩී බිදී ගිය නැවක් ළගට.. ඇය නැව පරීක්ෂා කරල බලනකොට දකිනව කඩුවකුත් අතේ තියාගෙන සීතලේ වෙවුලමින් ඉන්න කුඩා ළමයෙක්.. ඇය ඔහුට අනුකම්පා කරල ඇගේ ගෙදර ගේනව.. මේ ළමය වෙනත් ගෝත්‍රයකට අයිති කෙනෙක් උනත් මේ ගෝත්‍රයේ අය තීරණය කරනව ළමයව හදාගන්න.. කාලයත් එක්කම ඔහු ජවසම්පන්න තරුණයෙක් බවට පත් වෙනව.. දවසක් මේ ගෝත්‍රයේ අදුරුම දිනය උදාවෙනව.. එදින මේ තරුණය ක්‍රියා කරන හැටිත් ඔහුගේ අරමුණත් ගෝත්‍රයේ අනිත් තරුණයන්ට වඩා වෙනස් මගක් ගන්නව.. ඒ කොහොමද කියල බලාගන්න ඕන නම් ඔයාලට ඉක්මනටම බාගන්න වෙනව මේ ක්‍රියාදාම චිත්‍රපටය..

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 700MB | YTS|

Direct Download

| Bluray | x264 | 720p | 700MB | YTS |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!