Into the Badlands [S03 : E14] | ලෝහිත ශාපය..!

ආයුබෝවන් මිත්‍රවරුණි..!

ආයුබෝවන් කියල කිව්වට පහුගිය 21 වෙනිද නම් ලංකාවේ බොහෝ දෙනෙකුට බොහෝ ආයු ලබන්න තිබුණු අවස්ථාව අහීමි වෙලා ගියා. ඉතිං තාමත් ත්‍රස්ථවාදයට තේරුම් නොගිහින් තියෙන්නෙ “මනුෂ්‍යයන් ඝාතනය කළාට, මනුෂ්‍යත්වය ඝාතනය කරන්න බෑ” කියන කාරණාව. ඉතිං ප්‍රහාරය ගැන හිතේ ලොකු කණස්සල්ලක් තියෙනව. ඒ මියගියේ අපේම කොටසක් කියල මතක තියාගන්න තීරණාත්මක අවස්ථාවක් නැවත උදා වෙනකල්වත්. ඒ වගේම මේ උපසිරැසිය ලබා දෙන්න කල් ගත වුණේ මට හදිසියේ ඇතිවුණු අකරතැබ්බයක් නිසා. මම ඒ ගැන ඇඩ්මින්වරෙක් දැනුවත් කළා. කොහොමහරි සමාව ඉල්ලා සිටිනවා සිදුවුණු දරුණු ප්‍රමාදය ගැන. බැරිම නිසා නෙවෙයිනම් මේ තරම් ප්‍රමාද කරන්නෙ නෑ.

පසුගිය කොටසින්..

කලින් කොටසෙ බාජි මැරුණ වුණාට අන්කාරා බාජිට ආයෙත් ජීවය ලබා දෙනව. මේ වෙද්දි සනීව බ්ලැක් ලෝටස්ල අරගෙන ගිහින්. ඉතිං බාජි යනව සනීව බේර ගන්න. මේ අතරෙ විඩෝ, චාඕ මරල දාල බෙල්ල ගායස් අතේ ලිඩියා ඉන්න ආරකෂිත භූමියට යවනව, චාඕ සමඟ යුද්ධය අවසන් බව ක්ලිපර්වරුන්ට දැනුම් දෙන්න. ඒ කරල විඩෝ යනව මාස්ටර් හමු වෙන්න. මතක ඇතිනෙ පිල්ග්‍රිම් මරන්න ඔන්න මෙන්න ඉන්න අතරෙ M.K. මාස්ටර්ට දරුණු කඩු පහරක් දුන්න. විඩෝ එනකොට මාස්ටර් පණ ඇද ඇද ඉන්නෙ. කොහොමහරි මාස්ටර් විඩෝට අවසාන පාඩම උගන්වනව. ඒ පිල්ග්‍රිම් මරන්න නියම වෙලාව ගැන. ඒක එහෙම වෙන අතරෙ සනීට එයාගෙ අක්ක හමු වුණා. පුරාණ අස්‍රාව වගේම සනීගෙ පොඩි කාලෙ ගැනත් අපි ටිකක් දේවල් දැක්ක. ඒ වගේම බ්ලැක් ලෝටස්ල අස්‍රාව වනසපු හැටිත් දැක්කනෙ.ඒ වගේම අවසාන මොහොතෙ කේනන් නැත්තං සනීගෙ අක්ක සනීට බ්ලැක් ලෝටස් උගුලෙන් පැනගන්න උදව් කළා.

අද කොටසින්..

ඉතිං අද තමයි ලොකුම යුද්ධය පටන් ගන්නෙ. ක්‍රෙසිඩා ආයෙත් විඩෝගෙ ආරක්ෂිත ස්ථානයට ඇවිල්ල තර්ජනය කරනව. මේක ගොඩින් බේර ගන්න ලිඩියා උත්සාහ කරද්දි, විඩෝ එනව. ඇවිල්ල ක්‍රෙසිඩා අත්තඩංගුවට අරගෙන පිල්ග්‍රිම්ට පණිවුඩයක් යවනව මායාකාරි බේරගන්න ඕන නම්, ඇවිල්ල අරගෙන යන්න කියල. මේ අතරෙ ක්‍රෙසිඩා විඩෝට ලොකු කතාවක් කියනව. මෙතෙක් කතාව සම්පූර්ණයෙක් කණපිට හැරෙන්න පුළුවන් රහසක් ඒක. ඒ වගේම පිල්ග්‍රිම් එනව සටනට. සටන ගැන මොකුත් කියන්නෑ. හැබැයි හිතන එක නම් නෙවෙයි වෙන්නෙ. ඒ වගේම ක්‍රෙසිඩා ගැන අපි මෙතෙක් නොදැක්ක අතිශය භයානක දෙයක් ඔන්න බලාගන්න පුළුවන්. අදත් කතාව පුරා ඉතාම ප්‍රභල දායකත්වයක් දක්වපු චරිතයක් සමු ගන්නව. මේව ඔක්කොම බලල විස්තර ඇතුව දැනගන්න එහෙනම්. ජය වේවා..!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න

Torrents Download  

| WEBRip | x264 | TBS | 460MB |    

Direct Download

| WEBRip | x264 | TBS | 460MB |

| WEBRip | x265 | 720p | 240MB |

| WEBRip | x265 | 1080p | 600MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!