Pooh’s Grand Adventure: The Search for Christopher Robin (1997) | රිස්ටෝෆර් රොබින් සොයා බිහිසුණු වික්‍රමයක

මේ චිත්‍රපටයේ කතාව ගැන කතා කරද්දි, විනී ද පූ සහ මිතුරු කැල සමග ඉන්න ක්‍රිස්ටෝෆර් රොබින් හැමවිටම කරන ප්‍රාර්ථනය ඔයාලා දැනටමත් දන්නවා. ඒ බව කලින් චිත්‍රපටි බැලුවනම් පැහැදිලි වෙන්න ඇතිනේ. ඒ තමයි එයාලට සදහටම සහ හැමදාටම එකට ඉන්න ලැබෙන්න කියන ප්‍රාර්ථනය. හැබැයි දවසක් මේ දේ වෙනසක් සිද්ධ වෙනවා. එකටම ඉන්න මේ මිතුරු කැලෙන් ක්‍රිස්ටොෆර්ට වෙන් වෙන්න වුණොත් මොනවා වෙයිද? මේ බව කලින්ම ක්‍රිස්ටොෆර් පූට කිව්වත් පූගේ ඔලුවට මේ කාරණය යන්නේ නෑ. ක්‍රිස්ටොෆර්ට ඉස්කෝලේ යන්න වෙනවා. මේ වෙලාවේ හැම දේම පටලගෙන කලබල වෙලා පූ සහ එයාගේ යාළුවෝ ටික වෙන, පිග්ලට්, ඊයෝ, ටිගර් සහ අව්ල් මොනවා කරයිද කියන දේ චිත්‍රපටයෙන්ම බලන්න ඉතිරි කරන්නම්.

අධ්‍යක්ෂණය Karl Geurs විසින් සිදු කර ඇති අතර කතාව ලියලා තියෙන්නේ A.A. Milne, Karl Geursසහ Carter Crocker කියන අය. හඬකැවීම් ශිල්පීන්ගේ නම් මතක් කළොත්, Jim Cummingsවිනී ද පූ ලෙසත්, John Fiedler පිග්ලට් ලෙසත්, Ken Sansom රැබිට් ලෙසත්, Andre Stojka අව්ල් ලෙසත්, Peter Cullen ඊයෝ ලෙසත්, Paul Winchell ටිගර් ලෙස සහ Brady Bluhmක්‍රිස්ටෝෆර් රොබින් ලෙස හඬකැවීමෙන් දායක වෙලා තියෙනව. Animation | Adventure | Comedy | Family | Musical කියන වර්ගීකරණයන්ට අයත් වුණු මේ චිත්‍රපටය IMDbහි 7.1 ලකුණු ප්‍රමාණයකුත් හිමි කරගෙන තියෙනවා.

අප මෙතෙක් ලබා දුන් සියලුම Winnie the Poohහා සම්බන්ධ චිත්‍රපට මේ විදිහට පෙළගස්වන්න පුලුවන්.

  • The Many Adventures Of Winnie The Pooh (1977) – විනී ද පූ, පළමු Animated Feature චිත්‍රපටය.
  • Pooh’s Grand Adventure: The Search for Christopher Robin (1997) – විනී ද පූ, පළමු Direct-to-video චිත්‍රපටය
  • Goodbye Christopher Robin (2017) – විනී ද පූ සංකල්පය හා අදහස ඇති වූයේ කෙසේද යන්න පිළිබඳ Biography චිත්‍රපටය.
  • Christopher Robin (2018) – විනී ද පූ, පළමු Live Action චිත්‍රපටය.

එහෙමනම් අදට සමුගන්නවා…

ජය…

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 650MB |

Direct Download

| WEBRip | x264 | 720p | 650MB |

| WEBRip | x264 | 1080p | 1.2GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!