Anniyan (2005) | වැරදි කරන්නේ බලාගෙනයි….!

මම සදීෂ් රවිදු. දැනට මෘදුකාංග ඉංජිනේරු උපාධිය හදාරමින් ඉන්නේ. මීට පස්සේ මමත් බයිස්කෝප් සත්කාර්යයේ සාමාජිකයෙක් බව ආඩම්බරෙන් තමයි කියන්නේ….! මේ කතාව ගලා යන්නේ රාමානුජම් නම් බ්‍රාහ්මීය නීතිඥයා වටායි. කවුරු හරි කෙනෙක් වැරදි දෙයක් කරනකොට මෙයාට ඉවසන්න බැරි ව යනවා. මොහු හැමදේට ම නීති කතා කරන කට්ටියට වධයක් වෙච්ච චරිතයක්. කොහොම හරි අනික් අය කරන වැරදි වලට දඞුවම් දෙන්න බැරි ව ඉන්න රාමානුජම්ගේ හිතේ නන්දනී ගැන සැගවිච්ච ලොකු ආදරයක් තියෙනවා. ඒත් නන්දනී රාමානුජම්ගේ ආදරය ප්‍රතික්ෂේප කරනවා. මේ අතරතුරේ දී වැරදි කරන මිනිසුන් එක්කෙනා දෙන්නා අභිරහස් ලෙස ඝාතනය වෙනවා. මේ සේර ම ඝාතන කරන්නේ අන්නියන් කියලා කෙනෙක්. අම්භිගේ ආදරය ප්‍රතික්ෂේප කරපු නන්දනී රෙමෝ කියලා කෙනෙකුට ආදරය කරනවා. මීට වඩා කිව්වොත් මුළු කතාව ම මම කිව්වා වෙනවා. කවුද මේ රෙමෝ, අන්නියන් කවුද අම්භිගේ ආදරයට මොකද වෙන්නේ? මේ සේරම ප්‍රශ්නවලට උත්තර බලන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා. අා තව දෙයක්, මේ කතාව බලද්දී අපිත් මෙච්චර දවසක් නොසැලකිලිමත් වුණ පොඩි පොඩි අත්වැරදීම් හදාගන්න ඕනා කියලා ඔයාලගේ හිතට දැනුනේ නැත්නම්….එහෙම වෙන්නේ නෑ අනිවාර්යයෙන් ම දැනෙයි…..!
මේ සළරුව ගැන කියනවා නම් මේක 2005 අවුරුද්දේ නිකුත් වුණු IDM රේට් එක7.9 වුණු සුපිරි ද්‍රවිඩ සලරුවක්. එස්.ශංකර් විසින් කතාව ලියලා, තිර රචනය ලියලා, අධ්‍යක්ෂණය කරලා තියෙන මෙය පැය 03ක් පුරාවට දිවෙනවා. කමෙහි මගේ ප්‍රියතම ද්‍රවිඩ සිනමා නළුවා වන ශියාන් වික්‍රම්(රාමානුජම්) ප්‍රධාන නළුවා ලෙසත් සදා(නන්දනී) ප්‍රධාන නිළිය ලෙසත් රංගනයෙන් දායක වෙනවා. තවත් සුපිරි නළු ප්‍රකාෂ් රාජ්(ප්‍රභාකර්) පොළිස් නිලධාරියා ලෙසත් ඔහුගේ සහයකයා ලෙස විකට නළු විවේක්(චාරී) රංගනයෙන් දායක වෙනවා. තවත් ප්‍රවීණ රංගන ශිල්පීන් රැසකගේ රංගනයෙන් මෙම සිනමා කෘතිය අලංකාර වී තිබෙනවා. මේ කාර්යයට මුලින් ම අතගහන්නට කලියෙන් උපසිරැසි ගැන්වීමේ කාර්යයේ නිරත වෙන්නට අවශ්‍ය සියලු ම ගුරුහරුකම් මට ලබා දුන්න විකියා සහෝටත්, බයිස්කෝප් වෙබ් අඩවියේ සියළු ම දෙනා හට මාගේ හද පිරි ස්තූතිය පුද කර සිටිනවා. එහෙනම් තවත් සළරුවකින් හමුවෙනතුරු ජය වේවා….!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | XviD | SD | 746MB |

Direct Download

| DVDRip | XviD | SD | 746MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!