Cinderella Man (2005) | කඳුළු මැදින් ඔටුනු පළන් මිනිසෙක්…

ජේම්ස් ජේ. බ්‍රැඩොක් නම් ජනප්‍රිය බොක්සින් ක්‍රීඩකයාගේ චරිතාපදානයක් ලෙස නිර්මාණය කළ මේ චිත්‍රපටයේ, ජේම්ස් බ්‍රැඩොක්ගේ චරිතයට පණ පොවන්නේ සම්මානනීය නළු Russell Crowe. මේයි බ්‍රැඩොක් ලෙස Renée Zellweger ද, ජෝ ගෝල්ඩ් ලෙස Paul Giamatti ද රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ A Beautiful MindIn the Heart of the Sea වැනි විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Ron HowardIMDBදර්ශකයේ 8 ක අගයකුත්, Rotten Tomatoes හි 80% ක අගයකුත් ගත් මේ නිර්මාණය, 2005 වසරේදි සිනමාහල්වල ප්‍රදර්ශනය කරලා තියෙන්නේ, චිත්‍රපටය බලලා ප්‍රේක්ෂකයෝ අසතුටු වුනොත් ටිකට් පතේ මුදල් ආපහු දෙන පොරොන්දුව පිටයි. ඉතින් ඔවුන් විශ්වාස තියපු විදියටම ඩොලර් මිලියන 60 ක් යොදවලා නිම කළ මේ චිත්‍රපටය, ඩොලර් මිලියන 108.5 ක් උපයන්න සමත් වුනා. ඒ වගේම 2005 Golden Globeසම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස Russell Crowe සහ හොඳම සහාය නළුවා ලෙස Paul Giamatti නිර්දේශ වෙන්නෙත් මේ චිත්‍රපටයෙන්. පහළ තියෙන්නේ, ඒ නිර්දේශ වීම් හා සම්මාන ලැයිස්තුවයි.

Academy Award

Best Supporting Actor (Paul Giamatti) (Nominated)
Best Film Editing (Daniel P. Hanley, Mike Hill) (Nominated)
Best Makeup (David LeRoy Anderson, Lance Anderson) (Nominated)

BAFTA Award

Best Original Screenplay (Cliff Hollingsworth, Akiva Goldsman) (Nominated)

Critics’ Choice Movie Award

Best Actor (Russell Crowe) (Nominated)
Best Supporting Actor (Paul Giamatti) (Won)
Best Director (Ron Howard) (Nominated)
Best Film (Nominated)

Golden Globe Award

Best Actor – Motion Picture Drama (Russell Crowe) (Nominated)
Best Supporting Actor – Motion Picture (Paul Giamatti) (Nominated)

Screen Actors Guild Award

Outstanding Actor – Motion Picture (Russell Crowe) (Nominated)
Outstanding Supporting Actor – Motion Picture (Paul Giamatti) (Won)

ඉතින් දැන් කතාව ගැනත් බලමුකෝ. ජේම්ස් ජේ. බ්‍රැඩොක් කියන්නේ බොක්සින් බලන අයට නම් පුරුදු නමක් වෙන්නැති. ඒත් මට නම් ඇත්තටම මේ කතාව අලුත් එකක්. අයිරිෂ් ජාතික දෙමාපිය යුවළකගේ දරුවන් හත්දෙනාගෙන් කෙනෙක් විදියට 1905 දී ඉපදුණු බ්‍රැඩොක්, අවුරුදු 18 ඉඳන් බොක්සින් වල නියැළිලා, වයස අවුරුදු 21 වනවිට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙලා තියෙනවා. ඔහු කිසිම දාක නොකවුට් වුනේ නැති ක්‍රීඩකයෙක් විදියටයි සැලකෙන්නේ. (නොකවුට් කියන්නේ ප්‍රතිවාදියා බිම වැටෙන්න ගැහුවට පස්සේ, විනිසුරු දහයට ගනිනතුරුත් ප්‍රතිවාදියට නැගිටින්න බැරිවුනොත් ඒ ක්‍රීඩකයාට දිනුම ලැබෙන එකටයි.) නමුත් 1928 දි ඔහු පරාද වෙන්න පටන් ගන්නවා. ඒත් එක්ක ඇමරිකාවේ ලොකු වෙළඳ පරිහානියක් ඇතිවෙනවා. වෝල් ස්ට්‍රීට් කොටස් වෙළඳපොළ කඩන් වැටෙනවා. මේ කොටස්වලට මුදල් යොදවලා තියෙන නිසා වගේම ව්‍යාපාර අසාර්ථක වෙන නිසා, බ්‍රැඩොක්ට තමන්ගේ දරු පවුලත් අරන් පාරට බහින්න සිද්ධ වෙනවා. කුලී කාමර කෑල්ලක් අරන් පදිංචි වෙන ඔවුන් ජීවත් වෙන්නේ, බ්‍රැඩොක් කුලී වැඩට ගිහින් හම්බ කරන සුළු මුදලෙන්. ඒ වගේම රජයෙන් ලැබෙන සුළු සහනාධාර මුදලත්, ක්‍රිස්තියානු සමාජ සුබසාධන සංවිධානයෙන් ලැබෙන ආහාර සලාකත් ලබාගත්තත්, ළමයි තුන්දෙනෙක් ඉන්න තමන්ගේ පවුල නඩත්තු කරන්න බ්‍රැඩොක්ට ඒවා ප්‍රමාණවත් වෙන්නේ නෑ. මේ අතරෙදියි බ්‍රැඩොක්ගේ දිගු කාලීන මිත්‍රයා වගේම ඔහුගේ බොක්සින් කළමනාකරුවා වෙන ජෝ ගෝල්ඩ්, ඔහුට සටන් කරන්න තරගයක් හොයලා දෙන්නේ. ශූරතා තරගාවලියට යන්න ඉන්න බොක්සින් ක්‍රීඩකයෙක්ට ගහගන්න නිකමට දාන කෙනෙක් විදියට තරගයට යන බ්‍රැඩොක්, පුදුමාකාර විදියට තරගය ජයග්‍රහණය කරනවා. ඒත් කතාව එතනින් ඉවර නෑ. මම දැනටමත් ඕනිවට වඩා කිව්වද කොහෙද. ඒත් චිත්‍රපටයේ ඔය මම කිව්වට වඩා සංවේදිව කතාව තියෙනවා. මම හිතන්නේ ඒකේ තියෙන සංගීතයත්, කතාව රසිකයන්ගේ හිතට කාවද්දන්න ප්‍රධාන හේතුවක් වගේ. ඉතින් ඔබත් තමන්ගේ පවුල වෙනුවෙන් ඕනිම කැපවීමක් කරන කෙනෙක් නම්, බලන්න මේ සින්ඩරෙල්ලා මිනිසා ඔබ වගෙද කියලා. ඔහුට තියෙන ගතිගුණ ඔබටත් තියෙනවද කියලා. මේ චිත්‍රපටය ගත්තට පාඩුවක් නම් වෙන්නේ නැති බව මට සහතික කරන්න පුළුවන්. බොක්සින් වලට කැමති වගේම, සංවේදී හදවතක් තියෙන ඕනිම ප්‍රේක්ෂකයෙක්ට මේ කතාව විවෘතයි. එහෙනම් මම යනවා.

තවත් හොඳ උපසිරැසියක් එක්ක නැවත හමුවෙමු.

ඔයගොල්ලෝ චිත්‍රපටය බලලා ඉවර වුනාට පස්සේ මෙතනින් පහළ විස්තරය බලන්න. නැත්නම් කතාවේ කුතුහලයට ඒක බාධාවක් වෙයි.

චිත්‍රපටය බලලා ඉවර වුනාට පස්සේ ප්‍රේක්ෂකයින්ට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි, ඊට පස්සේ බ්‍රැඩොක්ට මොකද වුනේ කියන එක. මොකද එක තැනකදි ජොන්ස්ටන් කියනවා, මැක්ස් බෙයාගෙන් පහර කෑව කෙනෙක් මැරුනේ ඊළඟ සටනෙදියි කියලා. නමුත් විශේෂයෙන් කියන්න ඕනි, බ්‍රැඩොක්ට ඒ වගේ ආබාධයක් නම් වුනේ නෑ. බ්‍රැඩොක් ඊට පස්සේ සටන් දෙකක් කරලා තියෙනවා. පළවෙනි එකේදි ජෝ ලුවිස්ට පරාජය වෙමින් ශූරතාව අහිමි කර ගත්තත්, දෙවනි තරගයෙන් ඔහු 1938 දි ක්ෂේත්‍රයෙන් සමුගන්නේ ජයග්‍රහණයකුත් එක්කයි. ඔහු ක්‍රීඩා කළ බොක්සින් තරග 86 කින් 50 ක්ම ඔහු ඒ වනවිට දිනා තිබුනා. දෙවනි ලෝක යුද්ධයේදි ජෝ ගෝල්ඩ් – තමන්ගේ කළමනාකරුවා – සමඟ යුධ සේවය බැඳෙන බ්‍රැඩොක්, හමුදා භටයින්ට සටන් පුහුණු කරමින් ඉඳලා විශ්‍රාම යන්නේ පළවෙනි ලුතිනන් තනතුරට උසස්වීමෙන් පසුවයි. 1974 දි ඔහු මිය යන විට, ඔහුගේ වයස අවුරුදු 69 ක්.

අනික මැක්ස් බෙයා මේ කතාවෙදි දුෂ්ටයා විදියට පෙන්නුවට, ඇත්තම කතාව නම් ඔහු තමන් අතින් වුනු මරණ ගැන කණගාටු වුන බවයි. 1930 දි ෆ්‍රැන්කි කැම්බෙල් ඔහුගෙන් පහර වැදී සිහි නැතිව සිටි වෙලාවෙදි, මිනිත්තු 30 ක් පමණ පසුවී ගිලන් රථයට එතනට එනකම්ම, ඔහු කැම්බෙල් අසල සිටි බව විකිපීඩියා විශ්වකෝෂයේ සඳහන් වෙනවා. කැම්බෙල් මිය ගිය බව දැනගත් පසු, මැක්ස් බෙයා හැඬූ බවත් එහි සඳහන්. මැක්ස් බෙයා තමන්ගේ ක්‍රීඩා ජීවිතයේ තරග 81 කින් 68 ක් දිනුව ක්‍රීඩකයෙක්. 1959 දි ඔහුගේ වයස අවුරුදු 50 දි ඔහු හෘදයාබාධයකින් මිය යන විට, ඔහු බොක්සින් විනිසුරුවරයෙක් ලෙස සේවය කරමින් හිටියා.

බ්‍රැඩොක් සහ මැක්ස් බෙයාගේ තරග දිනුව ප්‍රමාණය සැසඳුවාම, අන්තිම තරගය දිනන්න බ්‍රැඩොක්ට ලොකු වාසනාවකුත් ලැබිලා තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ. අනික ඉතින් කොච්චර ගුටිකෑවත් නැගිටලා ඉන්න තරම් හයියකුත් තිබිලා තියෙනවා. මැක්ස් බෙයාගෙයි, ජිමී බ්‍රැඩොක්ගෙයි සටන ඔයාලට අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්. මම ඒක කිව්වේ, මේ චිත්‍රපටය බැලුවට පස්සේ මට නම් ඇත්තම සිද්ධිය බලන්න ඕනි වුන නිසා. ඉතින් මේ ගැන ඔයාලගේ ප්‍රතිචාරත් කමෙන්ටුවකින් සඳහන් කරන්න මිනිත්තුවක් වැය කරන්න කියලා ඉල්ලා සිටිනවා.

එහෙනම් තවත් නිර්මාණයකින් නැවත හමුවෙන තුරු හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!

මෙයට පෙර චමි.දේ.වා. (වාසල) සොයුරා විසින් පළකර තිබූ ලිපිය

“ලෝක බොක්සිං ඉතිහාසයම පීරා බැලුවත් ඔබට හොයාගන්න බැරි වේවි James J. Braddock ගේ ජීවිත කතාව වගේ මිනිසුන් උනන්දු වෙන තවත් කතාවක්…”

දරිද්‍රතාවයේ පතුලටම වැටී සිටියදී තම දරු පවුල ජීවත් කරවීම සඳහා ජීවන අරගලයක යෙදුන බොක්සිං වලල්ලේ වීරයකුගේ කතාව….Cinderella Man

වෘත්තීමය වශයෙන් බො‍ක්සිං ක්‍රිඩාවේ යෙදෙන Braddockතරඟයක් අතරතුර දී තම දකුණු අත ආබාධයකට ලක්වීම නිසා ඔහුට ඉදිරි තරඟ සඳහා සහභාගි වීමට නොහැකි වෙනවා. නමුත් ඔහු ක්‍රීඩා නොකලොත් දරුවන් තිදෙනා හා ආදරණීය බිරිඳ කුසගින්නේ සිටින බව ඔහුට මැවි මැවී පෙනෙන්න ගන්නවා. ඒත් තරඟ කිරීම සඳහා එකදු අවස්තාවක්වත් කිසිවෙකු ලබා දෙන්නේ නෑ. මේ නිසාම නගරයේ කුලීවැඩ සඳහා යන අතර එහිදී දිනකට සේවය සඳහා සීමිත කම්කරුවන් පිරිසක් ගන්නා බැවින් සමහර දිනවල ඔහුට ඒ අවස්තාවත් නොලැබී යනවා.

Braddock ගේ තත්වය තේරුම් ගන්නා ඔහුගේ දිගු කාලීන මිතුරා මෙන්ම කළමණාකරුද වන Toe Gould තවත් එක් අවස්තාවක් සොයාදෙනවා තරඟ කර යම් මුදලක් සොයාගැනීමට. ඔහුගේ ජයග්‍රහනයේ මාවත විවෘත වෙන්නේ එතැනින්….

ගහ මරා ගන්න ඒවගෙන් පිරුන කතාවක් නෙමෙයි… සංවේදීව ජීවිතය ගැනත් කතා කරන මේකත් නොබලා අත්හරින්න එපා…. යම් කෙනෙක් තම පවුල වෙනුවෙන් කරනා කැප කිරීම් වචනෙන් විස්තර කරන්න බෑනේ… ඉතිං ඒ හින්දා වැඩි විස්තර කියන්න ගියේ නෑ ඕන්….

හොලිවුඩයේ සුපිරි නළුවෙකුගේ රංගනයෙන් හැඩඋන මෙයIMDb වල 8.0/10 (61,047) ක් අරගෙන තියනවා. නළුවා කව්ද කිව්වේ නෑනේ තවම… ඒ තමයි Russel Crowe.

කටුක අත්දැකීම් මතින් ජීවිතය ජයගත්තු බොක්සිං වලල්ලේ වීරයකුගේ ජීවිත කතාව බලන්න ඔන්න බාගන්න… ඒ ගමන් කමෙන්ටුවකුත් දාලා යන්න…. වෙලාව තිබුනොත් බලලා ඇවිත් හොඳද කියලත් යන්න… 🙂

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 600MB |

Direct Download

| BluRay | x264 | 720p | 600MB |

| BluRay | x264 | 1080p | 2.1GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!