Over the Top (1987) | ලින්කන් හෝක්

ලැබුවාවූ 2019 අලුත් අවුරුද්ද බයිස්කෝප් සාමාජික සාමාජිකාවන්ට කිරියෙන් පැණියෙන් අළුත් සිනමාවෙන් පිරී ඉතිරී යන්න කියලා මුලින්ම මම ප්‍රාර්ථනා කරනවා. සිංහල අවුුරුද්දේ නිකන්ම එන්න බැරි නිසා ඔන්න තවත් බයිස්කෝප් එකකට සිංහල උපසිරැසි අරගෙනම ආවා. හැබැයි ටිකක් පරන චිත්‍රපටයක්. මේක මගේ තුන්වෙනි සිංහල උපසිරැසියයි. පළමුවෙන්ම උපසිරැසි නැති නිසා The Passage 1979 එකට උපසිරැසි හැදුවා. විනෝදෙට වගේ හැදුවේ. ආධුනිකයෙක් නිසා මේ ගැන දැනගන්න මුහුණු පොතේදි හමුවුනු කවදාවත් මුහුණට මුහුණ හමු නොවුනු යාලුවෙකුගෙන් අහලා බැලුවා. ඒ තමයි නිරෝෂ් ගුණසේකර සහෝදරයා. ඔහුට මගේ හද පිරි ස්තූතිය පිරිනමනවා. The Passage වලින් පටන් අරන් දෙවනියට Gray Lady Down 1978 චිත්‍රපටයටත් උපසිරැසි හැදුවා. මේ උපසිරැසි දෙක ඔයාලත් එක්ක බෙදාගන්න මම ශාන් විමුක්ති සොයුරාගෙන් ඇහුවම ඔහු අවසරය දුන්නා. ඔයාලත් බලන්න ඇති. ඉතින් මේ මගේ තුන්වෙනි සිංහල උපසිරැසිය. Over the Top 1987. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ අපි කවුරුත් හොදින් දන්න කියන කෙනෙක්. ඔහු බොහොම තරුණ කාලේ. ලස්සන කාලේ. Sylvester Stallone, එහෙමත් නැත්නම් Rambo, අන්න එයා. හැබැයි මේ චිත්‍රපටයේ අපි දැකලා පුරුදු Stallone නම් නෙවෙයි ඉන්නේ. ලේ පෙරාගෙන වෙඩි තියාගෙන බෝම්බ පුපුරවගෙන. ඒවා නැහැ. මේකේ ඉන්නේ බොහොම නිවිච්ච කෙනෙක්. චිත්‍රපටිය ගැන කෙටියෙන් කියන්නම්.

ලින්කන් හෝක් කන්ටේනර් ට්‍රක් රථ රියදුරෙක්. ජීවිතේ එහෙම් පිටින්ම කෙලෝගත්ත. සල්ලිකාර කට්ලර්ගේ දියණිය ක්‍රිස්ටිනා සමග විවාහ වන හෝක්ගේ නරක ගති පැවතුම් නිසා කට්ලර් තම දියණිය තමා ළගට ගන්නේ හෝක්ගේ පුතු මයිකල් සමගයි. හදවත් සැත්කමට පෙර මිය යන ක්‍රිස්ටිනාගේ එකම සහ අවසාන ආශාව ලින්ක් සහ මයික් එකතු වීමයි. ඒ වන විට ලින්ක් ජීවිතයේ වුණ සෑම දේම තේරුම් ගෙන මයික්ට හොද පියෙක් වීමට උත්සහ කරයි. කට්ලර් සීයාගේ වෑයම ඔහුගේ ධන හා මැර බලයෙන් තම මුණුබුරාව තමා ළග රදවා ගැනීමටයි. තම මාමන්ඩියගේ මුදල් හා මැර බලයට යටත් නොවන ලින්ක් තම පුතු සමග එක්ව නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් යාගැනීමට අත් පොර (arm wrestling නැත්නම අපි කියන්නේ Hand Fight) තරගාවලියකට එක්වේ. කට්ලර්ගේ බලපෑම් කොහොමද. මයික් ලින්ක් සමග එකතුවෙයිද. ලින්ක් තරගය දිනයිද. අවසානය ඔයාලම බලන්න. බෝරින් නැති සරල කතාවක්. ආසාවට තුවක්කුවක් පිස්තෝලයක් දකින්න නැති Stallone ගේ මේ චිත්‍රපටයේ ඔහු බොහොම අහිංසක පියකුගේ චරිතයක් ඉදිරිපත් කරලා තියනවා

චිත්‍රපටය තිරගතවෙලා තියෙන්නේ 1987 පෙබරවාරි 13 මෙහි ලින්කන් හෝක් ලෙස Sylvester Stallone ද, මයිකල් ලෙස David Mendenhall ද, ජේසන් කට්ලර් ලෙස Robert Loggia ද, ක්‍රිස්ටිනා ලෙස Susan Blakely ද රංගනයෙන් එකතු වේ. අධ්‍යක්ෂණය Menahem Golan. ඒ කාලේ මෙම චිත්‍රපටය ඇ.ඩො. මිලියන 16 පමණ ආදායමක් උපයා ගැනීමට සමත් වෙලා තියනවා. IMDb අගය5.7/10 එහෙනම් අදට මම නවතිනවා. පැරණි චිත්‍රපට බලන්න කැමති අය වෙනුවෙන් ආයෙත් දවසක සිංහල උපසිරැසියක් අරන් මම එන්නම්. ඔයාලා හැමෝටම සුභ දවසක් වේවා!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 780MB | YTS |

Direct Download

| WEBRip | x264 | 720p | 780MB | YTS |

| WEBRip | x264 | 1080p | 1.5GB | YTS |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!