Har Dil Jo Pyar Karega… (2000) | ආදරය කරන හැම හදවතකටම…

මිනිස්සු මට හැම වෙලාවෙම කතා කලේ පොඩි එකා කියල.
ඒකෙන් ඔප්පු උනා මම අනාතයෙක් කියල.
ඊට පස්සෙ මිසිස් ගොඩිනෝ මගෙ ජීවිතයට ඇවිත් මට ආදරය දුන්නා.
මම මේ ලෝකෙ තනිවෙලා නැහැ කියන්න ඒක එක සලකුනක් වුනා.
එයා මට ගොඩක් හොඳ් දේවල් ඉගැන්නුවා.
මිසිස් ගොඩිනෝ තමයි මට සංගීතය ඉගැන්නුවෙ.
එයාට ඕනෙ උනේ දවසක මාව ලොකු ගායකයෙක් කරන්න.
ලොකු වුනාම මම කෙනෙක් ගැන හීන මැව්වා.
මගේ සිහින කුමරිය ගැන…..
මන් වෙනුවෙන්ම කවුරුහරි ඉන්නවයි කියන්න මේක හොඳම සලකුනක්.
මට කියන්න බෑ ඇයි කියල ඒත් මුම්බායි නගරෙ තමයි,
මගෙ වෘත්තියයි මගෙ සිහින කුමරියයි මන් එනකන් බලන් ඉන්නෙ.
ඔයාල දැන් හිතනව ඇති මොකක්ද මේ සංඥාව කියල.
මිසිස් ගොඩිනෝ කියන විදිහට දෙවියො හැම වෙලාවෙම සලකුනු දෙනවා.
ඒත් අපිට ඒක පේන්නෙ නෑ.

හැබැයි දවසක් මටත් ඒ සංඥාව ලැබුනා.
මුම්බායි වලට යන්න සංඥාව.
මගෙ ජීවිතේම වෙනස් කරපු සංඥාව .

ඉතිං ඊට පස්සෙ…

මුම්බායි! මෙන්න මං එනෝ!

අද මම අරගෙන ආවෙ 2000 අවුරුද්දෙ ගොඩක්ම ජනප්‍රිය වුන චිත්‍රපටියක්. සල්මන් කාන්, රානි මුකර්ජි, ප්‍රීති සින්ටා රංගනයෙන් දායක උන මේ චිත්‍රපටියෙ කතාව වගේම සිංදුත් ගොඩක් ජනප්‍රිය වුනා. 1997 අවුරුද්දෙ තිරගත වුනු මලයාලම් චිත්‍රපටියක් ඇසුරෙන් නිපදවුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Andaaz (2003)Dhaai Akshar Prem Ke (2000)Badal (2000), Itihaas (1997), Jeet (1996), Laadla (1994) Deewana (1992) චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Raj Kanwar. ඒ වගේම ශාරුක් කානුත් ආරාධිත රංගනයකට දායක වෙනවා. සල්මාන් කාන් සහ නිශ්පාදක සජිද් නදියවාලා එක්ව එක්ව කල චිත්‍රපට අතරින් තුන් වන ජනප්‍රිය චිත්‍රපටය වනවා.

සංගීත අධ්‍යක්ශනය කරන්නෙ අනු මලික්. ගී පද රචනය සමීර්. ගායනයෙන් දායක වෙන්නෙ, අල්කා යාග්නික්, උදිත් නාරායන්, සෝනු නිගම්, KK, Preeti and Pinky සහ අනු මලික්. අදටත් බොහොම ජනප්‍රිය සිංදු 9ක් මේ චිත්‍රපටියෙ තියෙනවා.

එම වසරේ Ashirwad සම්මාන උළෙලේදී රානි මුකර්ජි විසින් මේ චිත්‍රපටියේ රඟපෑම් වෙනුවෙන් හොඳම නිලියට හිමි සම්මානය දිනා ගත්තා. ඒ වගේම ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී රානි මුකර්ජි හොඳම සහය නිලිය ලෙසද, හොඳම පසුබිම් ගායනය වෙනුවෙන් පියා පියා ගීතය වෙනුවෙන් Preeti and Pinky ද නිර්දේශ වුනා. මුකර්ජි

මේ චිත්‍රපටියට seeds තියෙන ටොරන්ට් ලින්ක් එකක් තිබුනෙ නැහැ. ඉතින් YouTube එකේ පැය 2.30.47 ක ධාවන කාලයක් සහිත Har Dil Jo Pyar Karega (HD) Salman Khan, Rani Mukerji, Preity Zinta – Hindi Movie With Eng Subtitles කියන කොපියට තමයි සබ් එක කරන්න වුනේ. ඒ නිසා වෙන කොපි වලට සබ් එක ගැලපෙයිද කියලනම් කියන්න බැහැ. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

පහත දී ඇති ‘Direct Download’ පිටපත් වැඩ නොකරන්නෙ නම්, එම පිටපත් ගන්නා ලද ‘YouTube’ පිටපතට ‘Click Here’ කල පසු යා හැක.ඉන්පසු එම අඩවියෙන් මෙම පිටපත බාගත කරගන්න.

YouTube Download

| YouTube | x264 | 720p | 975MB |

Direct Download

| YouTube | x264 | 360p | 540MB |

| YouTube | x264 | 720p | 975MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!