Bedtime Stories (2008) | සැබෑවක් වූ කතන්දර

ඔන්න ඉතිං තවත් සිංහල උපසිරැසියක් අරගෙන ආවා. ඔක්කොටම කලින් කියන්න ඕනේ ලැබුවා වූ සිංහල හින්දු නව වසර බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට සුබම සුබ නව වසරක් වේවා කියලා. ඉතිං හැමදාම වගේ අදත් අරගෙන ආවේ හරිම ලස්සන ළමා චිත්‍රපටයක්. කොටින්ම කිවුවොත් සුපිරිම කොමඩි චිත්‍රපටයක්. මොකද මේකේ රංගනයෙන් දායක වෙන්න ජනප්‍රිය සහ සුපිරි නළු Adam Sandler.ඇඩම්ගේ චිත්‍රපටයක් කොහොමද කියන්න ඕනේ නෑනේ. මෙයාගේ ෆිල්ම් බලලා තියෙන අය නම් දන්නවා ඇති මෙයාගේ ෆිල්ම් කොහොමද කියලා. දැන් අපි පොඩ්ඩක් මේ ෆිල්ම් එකේ විස්තර ටිකක් බලා ඉමු. කට්ටියනම් කතාව දන්නවා ඇති, මොකද මීට කලින් සයිට් එකේ ලිපියක් පල වෙලා තිබුණ නිසා.

මේක රිලීස් කරලා තියෙන්නේ 2008 වර්ෂයේ. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Adam Shankmanවිසින්. මේක ඩොලර් 80,000,000 වියදම් කරලා නිෂ්පාදනය කරලා තියෙන්නේ. ලොව වටා සම්පූර්ණ ආදායම ඩොලර් 212,874,442 ක් ලෙස සටහන් වෙනවා. IMDb දර්ශකයේ මේ සුපිරි චිත්‍රපටයට 6.1 ක අගයක් ලැබිලා තියෙනවා. Comedy, Family, Fantasy යන වර්ගීකරණයන්ට අයත් මෙම චිත්‍රපටය PG ඛාන්ඩයටයි අයත් වන්නේ. ධාවන කාලය පැය 1යි විනාඩි 39 ක්. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි හැමෝම ආදරය කරන Walt Disney ආයතනය.

චිත්‍රපටය තුළ අපිට ජනප්‍රිය නළු නිලියන් රැසක දකින්න ලැබෙනවා. මේකේ ප්‍රධාන චරිතය වන ස්කීටර් බ්‍රොන්සන්ට රංගනයෙන් දායක වෙන්නේ Adam Sandler විසින්. ජිල් ලෙස Keri Rusell ද, කෙන්ඩල් ලෙස Guy Pearce ද, මිකී ලෙස Russell Brand ද, බැරී නොටින්හැම් ලෙස Richard Griffiths ද, වයලට් නොටින්හැම් ලෙස Teresa Palmer මෙන්ම ඇස්පන් ලෙස Lucy Lawlessසහ වින්ඩී ලෙස Courteney Cox තමයි අනෙක් චරිත. ඒ ව්අගේම අපිට මේකේ දකින්න ලැබෙන ළමා චරිත වන පැට්‍රික් සහ බොබී සඳහා පිළිවෙලින් Jonathan Morgan Heit සහා Laura Ann Keslingතමයි දායක වෙන්නේ.

කතාව වෙන්නේ මෙහෙමයි. ස්කීටර් කියන්නේ හෝටල් ව්‍යාපාරිකයෙක්ගේ පුතෙක්. එයාගේ අක්කා තමයි වින්ඩී. ඉතිං මෙයාලා පොඩි කාලේ මෙයාලගේ තාත්තා එයාගේ මොටෙල් එක නොටින්හැම් කියන කෙනාට විකුණනවා. ඒ මොකද එයාගේ ව්‍යාපාරය අසාර්ථක නිසා. හැබැයි ඒක වෙන්නේ පොරොන්දුවක් මත. ඒක තමයි ස්කීටර් ලොකු වෙලා දක්ෂව වැඩ කලොත් අර හෝටලේ එයාට බාරදෙනවා කියන එක. ඉතිං ඔහ්ම කාලේ ගෙවිලා යනවා. ස්කීටර්ගේ හෝටලය දැන් විශාල ව්‍යාපාරයක් බවට පත්වෙලා. ඒත් ස්කීටර්ට එකේ වැඩ කරන්න වෙලා ටියෙන්නේ අළුත්වැඩියා කරන්නෙක් ලෙස. ඉතිං ඔහොම කාලය ගෙවෙද්දී ස්කීටර්ට එයාගේ අක්කාගේ දුවවයි පුතාවයි දවස් කිහිපයකට බලාගන්න ලැබෙනවා. ඉතිං ස්කීටර් එයාලව නිදිකරවන්න කතන්දරයක් කියාදෙනවා. ඒ කතන්දර කියන්නේ එයාගේ සැබෑ ජීවිතයට සම්බන්ධකරලා. ඉතිං පළවෙනි කතාව කියලා පස්සේ දවසෙම ස්කීටර්ට දැනගන්න ලැබෙනවා එයා කියා දෙන කතන්දරය ඇත්තක් වෙනවා කියලා. ඊට පස්සේ… හරි, ඊට පස්සේ කතාව මං කියන්න යන්නේ නෑ. ඒක ඉතිං ඔයාලටම බලලා දැන්ගන්න වෙයි.😃

ඉතිං මේක තමා මගේ පස්වෙනි උපසිරැසි ගැන්වීම. ඉතිං මේකත් කළේ කලින් කරපු චිත්‍රපට හතරේම වගේම ටයිම් ලයින් අළුතින්ම හදලා. ඉතිං, මේ තාක් කරපු චිත්‍රපටවලින් මං ආසාවෙන්ම සබ් කරපු ෆිල්ම් එක තායි මේක. ඉතිං තාම ඔයා මේක බලන්න හිතනවා නම් කියන්න තියෙන්නේ, අනිවාරෙන්ම බලන්න කියලා. මොකද මේක බාගත්තා කියලා ඩේටාවත්, බැලුවා කියලා කාලෙවත් අපතේ යන්නේ නෑ, මොකද මේක හරිම ලස්සන කතාවක් තියෙන ෆිල්ම් එකක්. එක සැරයක් බැලුවොත් අනිවාරෙන්ම තව දෙතුන් සැරයක් බලනවා ෂුවර්😀. පවුලේ හැමෝටම බලන්න පුළුවන් වගේම ඇති තරම් හිනාවෙන්නත් පුළුවන්. ඉතිං යන්න කලින් තව එක දෙයක් කියන්න තියනවා. හැමදාම වගේ කියනවා ඉතිං. ඒක තමා කමෙන්ට් එකක් දාන්න කියලා. චිත්‍රපටය බාගන්න විනාඩි 15 ක් යයි. සබ් එක බාගන්න තප්පර 30ක් යයි. ලිපිය කියෙවුවොත් සමහරවිය විනාඩි 3ක් විතර. ඉතිං චිත්‍රපටය බලන්න විනාඩි 99ක්. ඉතිං ඔය ඉතිං ඔය පැය දෙකකුත් විනාඩි දෙකක් වගේ කාලයට තව තප්පර 30ක් විතර එකත් කරලා කමෙන්ට් අදහසක පල කරන්න. මොකද ඔය උඩ කාලය වගේ දෙතුන් ගුණයක කාලයක් ගත කරලා තමා උපසිරැසිකරුවෙක් උපසිරැසියක් අරගෙන එන්නේ. ඒ ඔබේ අදහසක් විතරක් ගැනීමේ බලාපොරොත්තුවෙන්. හැබැයි සබ් එක 30ක් බාගත්තොත් ඒකෙන් එක්කෙනෙක් වගේ තමයි අදහසක් පල කරන්නේ. ඉතිං කොච්චර මෙහෙම කිවුවත් මේක නොසලකාහැරලා සබ් එක විතරක් බාගෙන යන මිනිසුන් කොච්චර ඇතිද? ආන ඒකයි හැමදාම සිය ගණනක් බාන සබ් එකකට කමෙන්ට් 15ක්- 20ක් වගේ ගාණකින් සීමා වෙන්නේ. ඉතිං අදහසක් පළ කරන් යන්න. අපි ඔබේ අදහසට වෙනම replyනොකලත් ඔය හැම අදහසක්ම එකක් නෑර කියවනවා. ඉතිං එහෙනම් අදහසක පළ කරගෙන යන්න අමතක කරන්න එපා.

හරි එහෙනම් දැන් යන්න තමා යන්නේ. අනිවාරෙන්ම මගහැර ගන්නේ නැතුව Bedtime Storiesබලන්න. සුබ දවසක්!

ලැබුවා වූ සිංහල හින්දු නව වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 750MB | YTS |

Direct Download

| BluRay | x264 | 480p | 360MB |

| BluRay | x264 | 720p | 750MB | YTS |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Bedtime Stories (2008) | සැබෑවක් වූ කතන්දර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!