Warrior (2019-) [S01: E02] | ඉල්ලං කෑම… (18+)

මතකනෙ ආගන්තුක රටකට පය තිබ්බ නාහෙට නාහන අලුත් හාදයා නේද, මෙයා එන්නෙ රස්සාවක් හොයන් නම් නෙවෙයි. මෙයා එන්නෙ මෙයාගෙ සහෝදරියව හොයාගෙන. ඒත් පය තියලා විනාඩි පහක් යන්න කලින් ආගමන විගමන නිළධාරින් එක්ක පැටලෙනවා. ඒ හේතුවෙන් අ ආම්ට හොප් වෙයි කියන කල්ලියට බැදෙන්න අවස්ථාව හිමි වෙනවා. මේකෙ නායකයා වෙන්නෙ ෆාදට් ජූන්, එයාගෙ පුතා තමයි යන්ග් ජුන්, මේයා අ සාම් එක්ක ගොඩක් හිතවත් වෙනවා.

ඒත් අ සාම් ආවෙ කා වෙනුවෙන්වත් සටන් කරන්න නෙවෙයිනෙ. ඒ හන්දා මෙයා ආව කාරණේ පටන් ගන්නවා. ඒ මෙයාගෙ සහෝදරි හොයන එක. කොහොම වුනත් කෙනෙක් ෂාඔජින් හොයනවා කියලා ආරංචිවෙලා ඒ කෙනාව මරන්න මැරයො එවනවා, හැබැයි උන් ටික අ සාම්ගෙන් ගුටි කනවා. අන්තිමේ ලෝන්ග් සී කියන ටොන්ග් නායකයගෙ ගෙදර අ සාම් හොයාගන්නවා. එතනින් තමයි අර මැරයො එවලා තිබුනෙ. අන්තිමේ අ සාම්ට එයාගෙ සහෝදරිය හම්බවුනත් එයා දැන් කලින් හිටපු කෙනා නොවන විත්තිය අ සාම්ට තේරුම් යනවා. කොහොමත් ඉදිරියට ටොන්ග්ලා අතර යුද්ධයක් හටගන්න නියමිත බවක් තමා දැනෙන්නෙ.

ඒ වගේම කියන්න ඕන මේ කතාවෙ “ඩක්” නමින් පිරිසක් හදුන්වනවා. ඒකෙ තේරුම රටේ මුල් පදිංචි කරුවන් වගේ අදහසක්, ඉතිං මං වෙන නමක් දාන්නෙ නැතිව “ඩක්” කියන එක එහෙම්ම පාවිච්චි කලා, ගැටලුවක් කරගන්න එපා ඔන්න.
එහෙනම් ඊලග කොටසින් හම්බෙමු.

ජය වේවා!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x265 | 720p | 162MB |

Direct Download

| WEB | x265 | 720p | 162MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Warrior (2019-) [S01: E02] | ඉල්ලං කෑම… (18+)

  • April 19, 2019 at 01:48
    Permalink

    Ane meka download wenne neh ne phone ekata. 😒

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!