Captain Marvel (2019) | මාවල් සිනමා විශ්වයේ බලවත්ම චරිතය!

හැමෝටම සුභම සුභ, සිංහල-හින්දු නව වසරක් වේවා! 😀

Amelie 2001| විස්මිත දිවිය නමින් පලවෙනකොට මං හීනෙකින්වත් හිතුවේ නෑ මේ වගේ විස්මිත ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. හැම පාරකදිම උපසිරසි කඩයිමක් සමරනකොට ලිපියට මුල පුරන්නේ එහෙමයි. එහෙනම් ඉතිං ආයෙත් ඒ විදියටම මුල පුරලා තවත් කඩයිමක් සමරන්නයි මේ සුදානම. බොහෝ දුරට මේ විදියට කියන්න ලැබෙන අවසාන අවස්ථාව මේක වෙන්න පුළුවන්. මොකද ඉඳල හිටලා ආස හිතෙන ෆිල්ම් එකකට උපසිරසියක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා මිසක් මින් ඉදිරියට මෙතෙක් ආව වගේ නිතරම රැදෙන්න ඉඩ කඩක් නැතිවෙයි පෞද්ගලික වැඩ රාජකාරි හේතුවෙන්. මේ කඩයිම මේ ටහ්රම් පමා වෙන්නත් හේතුව ඒකමයි. එහෙම උනත් ඇඩ්මින් කෙනෙක් විදියට තිරය පිටුපසට වෙලා නම් ඉන්න ලැබෙයි 😀 එහෙනම් ඉතිං මේ වගේ සුභ මොහොතකත් මුලින්ම කරන්න තියෙන දේ තමා මෙච්චර කාලෙකට කරන්න බැරිවුණ, මෙච්චර කාලයක් යනකම් හරියට නොතේරුන දෙයක් වෙනුවෙන් සමාව ඉල්ලන එක.

මිට ඉහත කඩයිමෙදිත් මේ ආකාරයටම දේවල් දෙක තුනක් කිව්ව. මේ වතාවේ කියන්න තියෙන්නෙ එක දෙයයි. සමාවෙයල්ලා යැපුම් මානසිකත්වයක් තියෙන පරපුරක් බිහිකරන්න උර දුන්නට. දහස් වාරයක් කනගාටු වෙනවා ඒ ගැන. මොකද අපි උඹලට සිංහල සබ් එකත් දීලා ඒකට ගැලපෙන ෆිල්ම් එකත් අත ලගටම ගෙනත් දුන්න. ක්ලික් දෙකකින් ෆිල්ම් එකක් තේරෙන සින්හලෙන බලන්න පුළුවන් තත්වයට අරගෙන ආව. ඒ දේ නිසා අංගවිකල අබ්බගාත පරපුරක් බිහිවුණා. පසු කාලීනව නීතිමය ප්‍රශ්න නිසා වෙබ් අඩවියෙන් ටොරන්ට් ලින්ක් දෙන එක නැවතුනාම සෑහෙන චෝදනා එල්ල වුණා සබ් ඒකට ගැලපෙන ෆිල්ම් එක හොයාගන්න නැහැ කියල. ඒක එන්න එන්න අඩු උනේ නැහැ වැඩි උනා මිසක්. සබ් එක අරගෙන ටොරන්ට් සයිට් එකකට ගිහිල්ල ඒකට ගැලපෙන ෆිල්ම් එක තෝරාගෙන ඩව්න්ලෝඩ් කරගන්න එක රොකට් සයන්ස් නෙමේ. ඉතාම සරල කාර්යක්. හැබැයි අපි අර ක්ලික් දෙකෙන් ෆිල්ම් එක දෙපතුල ලඟට ගෙනත් දුන්න කර්මය තාම පසුපස එලවනවා. අනුන්ගෙන් යැපීමේ මානසිකත්වයට කොයි තරම් නම් හුරුවෙලාද කියල කියනවා නම් සමහරු කෝල් කරලා අහනවා රෑ ඒකට දෙකටත් මචං මට මෙන්න මේ ෆිල්ම් එකේ ලින්ක් එක මේල් කරනවද කියල. ඉතිං නැවතත් සමාවෙයල්ලා අතපය නැති, දැඩි ලෙස අනුන්ගෙන්ම යැපෙන්න බලං ඉන්න, කම්මැලි යැපුම් මානසික පිරිසක් බිහිකරන්න 250කින් උර දුන්නට 😀.

ඉතිං ගිය සැරේ කිව්ව වගේම ඒ මේ වෙනකම් උපසිරසි කරන්න තිරය පිටුපස හයිය වෙච්ච ගෙදර කට්ටියවත්, තවමත් මට ගෙවාගන්න බැරි උනාම ඉන්ටර්නෙට් බිල් එක ගෙවල දෙන අම්ම තාත්තටත් බොහොම ස්තුතියි මේ වැඩේට දෙන සහයට. ඒ වගේම ඇඩ්මින් සෙට් එකටත්,  බයිස්කෝප් අමධ්‍යප සංගමයේ චැට් එකේ සෙට් එකත්, බයිස්කෝප් උපසිරසි කරුවෝ චැට් එකේ සෙට් එකත් එකි-මෙකි-නොකී, වචනෙකින් හරි උදව් වෙච්ච, දිරිමත් කරපු සෙට් එකත් ආදරෙන් මතක් කරන්න කැමතියි මේ ප්‍රීතිමත් අවස්ථාවේ. එහෙමනම් ඉතිං මට නන් අයුරින් උදව්-උපකාර කල හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි නැවතත්. නම් වශයෙන් මතක් නොකළේ 2013 වසරේ ඉඳලා අද වෙනකම් බයිස්කෝප් එක නිසා අඳුනගත්තු විශාල පිරිසක් ඉන්නවා මං හිතන්නේ වචන විසි දාහක විතර ලිපියක් ලියන්න වෙනවා ඒ හැමෝම ගැන සඳහන් කලොත් ඉතිං කාවවත් මග නොහැරෙන්න හැමෝවම එක එක තැන් වලින් කොටු කරලා සාමුහිකවම ස්තුතිය පල කලේ ඒකයි.. ඒ වගේම කැමති නම් ලයික්එකක් දාගෙන යන්න ඔන්න ඕකටත් 😀 මොලේ කුලප්පු උනාම මං සිනමාව පැත්තෙන් ලියන, කියන, කරන හැම ආත බුත වැඩක්ම ඕකෙන් ශෙයා වෙනෝ දැන් හැරෙමු ෆිල්ම් එක පැත්තට.

vima 100

හරියට බැලුවොත් 2019 වසර කියන්නේ කැප්ටන් මාවල් ෆිල්ම් දෙකක් රිලීස් උන අවුරුද්දක්. එකක් DCලගේ සෂැම් අනික මාවල්ලගේ කැප්ටන් මාවල්. මේ පටලවිල්ලේ අතීත කතාවට ගියොත් මුලින්ම කැප්ටන් මාවල් කියල චරිතයක් හිටියෙ DCලට. මාවල්ලට එහෙම කෙනෙක් හිටියෙ නැහැ. 1939දී C. C. Beck සහ Bill Parker දෙන්න එකතු වෙලා Fawcett Comics තුලින් බිලී බැට්සන් / කැප්ටන් මාවල් හෙවත්, වත්මන් DC සෂැම් චරිතය Whiz Comics #2 1940 පෙබරවාරි කලාපය හරහා නිකුත් කරනවා. Fawcett Comics ආයතනය පහු කාලීනව DC කොමික් විසින් අත්කරගන්නව. ඒ අනුවයි ඒ චරිතය DCලට අයිති වෙන්නෙ. ඒක උනේ DCල විසින් Fawcett Comics ලට නඩු දානවා එයාලගේ සුපර් මෑන්ගෙ චරිතය කොපි කළා කියල. කොහොමින්හරි අන්තිමේදී නඩුවේ තීන්දුව ලැබෙනවා ඒ කැප්ටන් මාවල් චරිතය සුපර් මෑන්ගෙ අනුකරණයක් කියල. ඒත් පහු කාලීනව DCල Fawcett Comics ආයතනය තමන්ට අරගත්තම මේ ගැටලුව විසදෙනවා. ඒ බව සෂැම් ෆිල්ම් ඒකෙන් දැකගන්න ලැබෙයි අපේ රසිකයින්ට 😀 ස්පොයිල් කරන්න ඕන නැහැනේ ඉතිං නේද 😛 ඉතිං ඔය පටලැවිල්ල වෙනකොට මාවැල්ල බලනවා, යකෝ මුන් අරගෙන තියෙන්නෙ අපේ නම නේද කියල. ඔන්න ඊට පස්සෙ මාවල්ල DCලට නඩුවක් දානව මාවල් කියන නම භාවිතා කිරීම නීති විරෝධියි කියල. කොහොම හරි නඩු තීන්දුව මාවල්ලගේ පැත්තට ලැබෙනවා. DCල තමන්ගේ චරිතය සෂැම් විදියට වෙනස් කරනකොට 1960 දශකයේදී මාවල් කොමික් ආයතනය විසින් තමන්ගේ නමින්, කැප්ටන් මාවල් කියන ඉතාම බලවත් චරිතය බිහි කරනවා. කොමික් අතින් කෙසේ වෙතත්, කොමික් පාදක සිනමා විශ්වයේදී නම් කැප්ටන් මාවල් විසින් සෂැම්ව පරාද කරපු බව කියන්න ඕනා. මේක අගු-පිල් විවේචනයක් නෙමේ මේ ෆිල්ම් දෙකම බලල ඉවර වෙලා තමා මෙහෙම කියන්නේ ඈ. කැප්ටන් මාවල් එකට දහයෙන් අටක් දෙනකොට සෂැම් ඒකට දෙන්න වෙන්නේ දහයෙන් පහක් වගේ. සෂැම් ඒකට බැරිවුනා මුල් හරියේ තිබ්බ ගතිය ඒකාකාරිව අන්තිම වෙනකම් අල්ලගෙන යන්න. අනික කොහොමත් සුරංගනා කතා වගේ තියෙන මේ චරිතවලට බලය ලැබීමේ කතාව අරගත්තොත් සෂැම් කියන්නේ කිසිම විද්‍යාත්මක සම්බන්ධතාවයක් නැති පොඩි උන්ටම ගැලපෙන සුරංගනා කතාවක් 😀 කැප්ටන් මාවල් එක ඊට වඩා විද්‍යාත්මක සම්බන්ධයක් තියෙනව. ඒ හේතු නිසදම මන්දා ඉතිං සුපුරුදු පරිදිම මාවල්ලගේ කැප්ටන් මාවල් බොක්ස් ඔෆිස් ආදායම් අතින් බිලියනයේ සීමාව පහු කරනකොට DCලගේ සෂැම් එක සෑහෙන්න අමාරුවෙන් හෙමින් සැරේ බඩගාගෙන යනවා. මං හිතන්නේ කවදාහරි බිලියනය ගහවි, එදාට ගොඩාක් රිදෙයි මාවල් ෆෑන්ස්ලට. හරිද ඩො 😛

එතකොට කැප්ටන් මාවල් තිරගත වෙන්නත් කලින්ම කැප්ටන් මාවල් චරිතයට රංගනයෙන් දායක වෙන බ්‍රි ලාසන්ට සමාජ ජාලා හරහා ප්‍රහාර එල්ලවුණේ ඇයි? එහෙම තමා සමාජ ජාලා උසාවිවල වැඩ සිද්දවෙන්නෙ. 😀 කොනක් අල්ලගත්ත ගහගෙන ගහගෙන ගියා. ඒ බ්‍රි ලාසන් එක්තරා අවස්ථාවකදී චිත්‍රපට විචාරකයින් ගැන අදහස් ප්‍රකාශ කිරීමක් හේතුවෙන්. එයා කියනවා ” අවුරුදු 40 ගණන්වල සුද්දෝ කියන දේවල් මට වැඩක් නෑ” කියල. ඔන්න ඔතනින් කට්ටිය අල්ලගන්නවා ඔන්න මෙකි කාන්තාවාදිනියක් කියල. වොන්ඩර් වුමන්ට රඟපාපු ගල් ගැඩොට්ගෙන් ඉගෙනගන්න ඉන්න ඕන විදිය කියලත්, ඒ වගේ උපදෙස් ගොඩකුත්. ඒ විතරක් නෙමේ. පුරසාරම් දෙඩුව බොක්ස් ඔෆිස් ෆ්ලොප් එකක් කරවනවා කියල. ඒ විතරක් නම් මදැයි. කැප්ටන් මාවල් ඒකට සමගාමිව තිරගත වුණ අලිටා බැට්ල් එන්ජල් එක බලන්න කට්ටියව දිරිමත් කළා මේ කතාවට විරෝධය පෑමක් විදියට. එතනින් නැවතුනේ නැහැ රොට්න් ටොමැටෝ වෙබ් එකෙත් කැප්ටන් මාවල් පිටුව අකුලගන්න වෙන තරමට වැඩේ දුරදිග ගියා. අනේ ඉතිං උඩ දාගෙන ගහපු කට්ටිය නැට්ට දෙපරන්දේ රුවාගත්තා මේකත් ඩොලර් බිලියනය පහුකලාම. හිඟා නොකා හිඟා කමින් එදා වේල ටුවර්ස් දුවන වෝනර් බ්‍රොස්ලගේ සෂැම් ඉදිරියේ කොහෙවත් ඉන්න හාල් කෑල්ලක් ගෙමක්වත් නැතුව වන් බිලියන් ගහපු එක බුදු අම්මෝ සතුට 😛 😀ඩයි හාඩ් DC ෆෑන්ස්ල ටික එකතු වෙලා පෙත්සමක් බාරදිපල්ලා DC එකත් ඩිස්නිලට විකුනන්න කියල. සොලෝ විතරක්ම බල බල ඉන්නවෙයි ලෝකේ ෆේමස්ම සුපර් හිරොස්ලගේ.

එවැනි රැවුම් ගෙරවුම් පහරදීම් රැසක් මැද Imdb  7.2ක් ලබාගත්ත. බ්‍රී ලාසන්, සැමුවෙල් ජැක්සන්, බෙන් මෙන්ඩල්සන්, ක්ලාක් ග්‍රෙග්, ඇතුළු පිරිස ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන. මාවල් සිනමා විශ්වයේ පළමු කාන්තා අධ්‍යක්ෂක වරිය වන ඇනා බෝඩන්ගෙ අධ්‍යක්ෂණයෙන් මාවල් ලොක්කා කෙවින් අයියා කියන විදියට මාවල සිනමා විශ්වයේ දැනට ඉන්න ප්‍රබලම චරිතය වෙන කැප්ටන් මාවල්ගේ කතාවත් ඇවෙන්ජර්ස් බිහිවීමත්, ශිල්ඩ් එකේ අතීතයත්, ඉන්ෆිනිටි වෝ තුලින් අපි දුටු කැප්ටන් මාවල් සහ නික් ෆියුරි අතර සම්බන්ධයත්, ස්ටෑන් ලීට කරන ගෞරවයක් වශයෙන් මාවල් ඉන්ට්‍රෝ ලෝගෝ එක වෙනස් කරල තියෙන විදියත්, කැප්ටන් ඇමරිකා සහ කැප්ටන් මාවල්ගෙ ආරම්භක කතාවන් අතර සමානාත්මතාවයන් ටිකත් බලාගන්න ඔයාලට බාර කරමින් මම සමුගන්නවා. හැමෝටම නැවතත් සුභම සුභ සිංහල-හින්දු අලුත් අවුරුද්දක් වේවා, ජයෙන් ජය වේවා, චිරං ජයතු බයිස්කෝප්!!!

ප.ලි. : මේ දෙන කොපිය HDTS කොපියක්. ඇවෙන්ජර්ස් : එන්ඩ් ගේම් එකට කලින් මේක බලන්න දෙන්න ඕන නිසා ඔන්න දුන්නේ ඇත්තටම. හොඳ කොපියක් ආවම අනිවා අප්ඩේට් කරනවා කියල දන්නවනේ 😀 ඒ වගේම තමා දැන් ගොඩක් ඇයට මේකේ ටයිම් ලයින් පැටලෙන ගතියක් තියේවි. මේ කොපියට රිවිව් එකක් දීලා නොබලපු ඇයට ස්පොයිල් කරන්න ඕන නැහැ කියල මං හිතන්නේ. ඒකමයි ගොඩක්ම මම කතාව ගැනවත් පොඩ්ඩක්වත් කිව්වේ නැත්තේ. එහෙනම් ඉතිං හොඳ කොපියක් ආව අප්ඩේට් එක වගේම මංසල හරහා රිව්ව් එකකුත් දෙන්නම්. එහෙනම් ඔබට බාරයි. 😀

~ Higher  Further – Faster ~

 

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTS | x264 | AC3 | 1GB |

Direct Download

| HDTS | x264 | 720p | 750MB |

| HDTS | x264 | AC3 | 1GB |

| HDTS | x264 | 720p | 1.3GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

20 thoughts on “Captain Marvel (2019) | මාවල් සිනමා විශ්වයේ බලවත්ම චරිතය!

  • April 17, 2019 at 19:37
    Permalink

    patta wedak saho , keep it up !!!!!!

    Reply
  • April 17, 2019 at 19:54
    Permalink

    thanks aiye godak loku deyak karanne oyala.
    api oyalath ekka hamadama innawa

    Reply
  • April 17, 2019 at 22:36
    Permalink

    disagree with the critic 😀

    Reply
  • April 18, 2019 at 00:24
    Permalink

    download wennene kohomada karaganne

    Reply
  • April 18, 2019 at 04:50
    Permalink

    Ammooo maarama slow download venne.

    Reply
    • April 18, 2019 at 16:07
      Permalink

      User drive eke yatama thiyena 15 thappara kalaya yanakam idala human veryfication eka karala ita passe yata thiyena create download file kiyana link eka klik karanna ita pase load vena page wala thiyena link tikath clik karanna anthimata thiyena link eken film eka download vei meka comment valin kiyana eka amarui samaharak than magaharilath athi eth kiuwa vidiyata koloth hari

      Reply
  • April 18, 2019 at 07:38
    Permalink

    shazam film ekath danna.

    Reply
  • April 18, 2019 at 20:19
    Permalink

    Thanks.happy new years ..

    Reply
  • April 18, 2019 at 22:11
    Permalink

    Copy dannaa epa bn baluuuuu wedaaa 💣💣💣💣

    Reply
  • April 19, 2019 at 01:46
    Permalink

    Mela download wenne neh me. Mobile use ayata. Wena clouds leak Dennako thanks

    Reply
  • April 19, 2019 at 10:03
    Permalink

    APOOOOOOOO BAN…… COPY DANNA EPAA BAN ……. LATE UNATH KAMAK NEEE ORIGINAL EKANAM….. PHONE EKEWATH BALANNA BHNE BAN… 😖😖😖😖😖😖

    Reply
  • April 19, 2019 at 19:15
    Permalink

    Thnakz Machan….
    Eth ade Cam Copy nm danna epa bn….
    Parakku unath aye Original eka witharak dahn saho…

    Reply
  • April 21, 2019 at 19:24
    Permalink

    bluray eka enna thava k0chchara kal yayidha

    Reply
  • April 21, 2019 at 19:29
    Permalink

    ubanama -patta ban..
    mata mathakai man Download karala balqanne nethuva DVD Valin Film Balana kaale eevage thibba sub karala thibbeth uba…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!