Liberal Arts (2012) | ජීවිතය හා සංගීතය….

ඔහු නමින් ජෙසී ෆිෂර් නම් වන්නේය. ඇය ලෙන්ගතු නමින් සබී වුවත් ජන්ම පත්‍රයට අනුව එලිසබෙත් නම ලද්දියකි. වයස අවුරුදු 30 ඉක්මවා යන වසයේ පසුවන ඔහු දැන් ලොව කාර්යය බහුලම නගරයක තව දිවි ගෙවන්නේ තනිවම වීමට ඔහුගේ වැරදි තියෙන්නට පුළුවන, එසේ නොවන්නටත් හැක.. නමුත් ඒ පිළිඳව මේ සලරුව කතා නොකිරීමෙන් අප හටද ඉන් පලක් නොවන්නේය… ඔහු මහ මග ගමන් කරන්නේද පොතක දෑස ඔබාගෙනය, ඒ ඔහුගේ ජීවිතයයි සාහිත්‍ය විෂයන් ඉහලින් උගත් ඔහු පොත පත තුල තම ජීවිතය තනිකමෙන් ගෙවනා අතරේ ඔහුගේ කුලුපගුම සරසවි ඇදුරෙකිගේ විශ්‍රාම ගැනීමේ සාදය සඳහා නැවතත් ඔහුගේ සරසවිය වෙන යන ගමනෙන් සිබී ඔහුගේ නෙත ගැටෙයි. ඔවුනේ දැන හැදින ගැනීමට මග පෑදුනත් එදා ඔවුන් දෙදෙනා අතර පතාගෙන පැමිණි බැදීමක් දෙදෙනාගේම සිත් තුල නැවතත් උඩු දුවන්නට ගත්තත් එය ලත් තැනම ලොප් වන්නේ ඔහු නැවතත් නිව්යෝක් නගරය වෙත පෙරලා පැමිණීමට සිදුවීම නිසාවෙයි…

නමුත් අවසන් මොහොතේ 19 හැවරිදි ඇය ඔහු අත තබන්නේ CD තැටියකි… එහි අඩංගු වන්නේ ශාශ්ත්‍රීය සංගීත කාණ්ඩයන් හා ගීත එකතුවකි.. එය ඇය සහබාගි වූ එක් දේශනයක ප්‍රතිඵලයක් වුවත් එය ඔහුගේ ජීවිතය මෙන්ම ඇයගේ ජිවිතයද උඩු යටිකුරු කරන සන්ධිස්ථානයක් වන්නේ ජීවිතය හා සංගීතය කොතරම් එකට බැදී ඇද්දැයි මොනවට පැහැදීලි කරමිනි… මේ උතුම් ත්‍යාගයට ඇයට ඔහුගෙන් ලැබෙන්නේ අතින් අකුරු කල ලියුම් යැයි කිවොත් අද තමාජයේ අපි භාවිතා කරන තාක්ෂණය හා සසදන කල විහිළුවක් වනු ඇත… නමුත් ඔවුන්ගේ ආදරය හෝ කුමක් හෝ වේවා ඒ සම්බන්ධය දිව යන්නේ ඒ ආකාරයෙයි… නමුත් ඇය ගේ බලාපොරොත්තු ඔහු ඉටු නොකරයි… ඒ ඇයි ? ඔවුන් දෙදෙනාගේ ජිවිත කෙසේ ගලා යනු ඇති ද? සංගීතය ජිවිතයේ කුමන ජවනිකාවක් රඟදක්වනු ඇතිද….? අත්දැකීම් ඇති ඔහුගේ ජීවිතය තවමත් ජීවිතය තුල යමක් කරන්නට වෙර දරන ඇයගේ ජිවිතයට කෙසේ නම් ලබපායි ද? කියවීම ඇත්තෙන්ම මිනිසා සම්පුර්ණ කරනු ඇති ද? මේ සියල්ල අලංකාර මිනිත්තු 97 තුල ඔබට දැකගත හැකි වේවි.

කලක පටන් හොඳ චිත්‍රපට කිහිපයක් එකමුතුව උපසිරැස කිරීමට කතිකා කරගෙන තිබුනත් හැම විටම ඒ සඳහා කුමක් හෝ බාධා කරන්නට පසු බට නොවිණි නමුත් අවසානයේ මෙය එසේ එකමුතුවෙන් ආරම්භකළ මුල්ම උපසිරැස වුවත් මිට කලියෙන් මකර යුද්ධය ඔබ අතට පත් කිරීමට අපට හැකි විනි… මෙය අපි බොහොම දෙනෙක් සිනහ සාගරකය ගිල්වූ “How I Met Your Mother” නම් ප්‍රහසන කතා මාලාවේ ප්‍රධාන නළු Josh Radnor අතින් අධ්‍යක්ෂණය වී තිබෙන අතර ඔහුගේම තිර පිටපතකි… ප්‍රධාන චරිතයටද ඔහුම වග කියන්නේ මෙකල බොහොම ප්‍රසිද්ධ Elizabeth Olsen “සිබී” ලෙස පසකින් ඔහු හා එක්වන විටය…

IMDB දර්ශකයේ 6.8 ක් වැනි අගයක් ලබාගත් මේ අගනා සිත්තම ඔබ බොහොම දෙනෙක් නොබලන බව දැන දැනත් සිංහල උපසිරැස නිර්මාණයට තෝරාගත්තේ මෙහි ඇති අලංකාරය හා හරවත් බව කිහිපදෙනෙකු අතර හෝ බෙදාගැනීමට තිබු කැමැත්ත නිසාවෙනි… එසේනම් අපි හමුවෙමු තවත් මෙවැනිම සලරුවකින්… ඔබ සැමට බුදු සරණයි…!!!

….අලංකාරය අත්විදීමට ස්ථානයවත්, අවස්තාවවත් බල නොපායි….
….ඒ සඳහා අවශ්‍ය වන්නේ මියුරු සංගීත කණ්ඩයක් පමණි….

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 800MB | YTS |

Direct Download

| Bluray | x264 | 720p | 800MB | YTS |

| Bluray | x264 | 1080p | 1.5GB | YTS |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!