In Hell (2003) | පලිගැනීම උදෙසා අපායක…

දීර්ඝ කාලයකින් පසු තම බිරිඳව හමුවිමට යන ආදරනීය ඔහුත්, තම සැමියා හමුවීමට නොඉවසිල්ලෙන් පසුවන සෙනෙහෙබර ඇයත්, ඔවුන් අතර ඔවුන්ටම නොදැනී සල්ලාල වෘකයෙක් සිටින බව නොදනී. බලවතුන් සමඟ හෙට්ටු වීමට නොහැකිව, නීතීයෙන් පිළිසරණක් නොලද ඔහු නීතිය තමන් විසින් ක්‍රියාත්මක කිරීමට පෙළඹේ. එම වරදට සිරගත වන ඔහු දඟ ගෙය තුල නොමිනිස් සමාජය උපේක්ෂාවෙන් ඉවසමින් සියළු බලාපොරොත්තු අතහැර මාරයා හමුවීමට බලාසිටින විට පැමිණෙන නව බලාපොරොත්තුවකින් ඔහු දෛවය පසෙක ලා උදාර කර්තව්‍යයක් වෙනුවෙන් තම ජීවිතය කැපකිරීමට තීරණය කරයි…

ආයුබෝවන් බයිස්කෝප් හිතවතුනේ, උඩ තියෙන ටික කියෙව්වම ප්‍රශ්න ගොඩක් ඔළුවට එන්න ඇති, මේ සලරුව නැරඹූවාට පස්සේ ඒවට උත්තර දැන ගන්න පුළුවන්. ඉතිං අද මම ගෙනාවේ සුපිරි නළුවෙක් ඉන්න ටිකක් පරණ චිත්‍රපටයක්, පරණ උනාට ගුණාත්මක බවින් නම් අඩුවක් නෑ. ක්‍රියාදාම චිත්‍රපට ගැන කතා කරද්දි Jean Claude Van Damme කියන නම නැතුව ඒ ගැන කතා කරන්න අමාරුයි. බෙල්ජියමේ උපත ලද මොහු මේ වනවිට 58 හැවිදිරි වියේ පසු වෙන ඒත් තවමත් ක්‍රියාකාරි රංගන ශිල්පියෙක්. Kickboxer (1989) චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තැබීමත් සමඟ ජනප්‍රියත්වයේ හිණිපෙත්තට පැමිණි වෑන් ඩෑම්ගේ ජනප්‍රියත්වය අදටත් අඩුවක් නෑ. චිතරපටයේ කතාව ගැන වැඩිය කියන්නේ නෑ එක හුස්මට බලන්න පුළුවන් නියම ෆිලුමක්.

2003 දී Ringo Lam විසින් අධ්‍යක්ෂනය කල මෙම සිත්තම 6.3 ක IMDb අගයක් ලබා ගැනීමට සමත් වෙනවා. Action/Drama/Thriller යන කාණ්ඩ වලට අයත් මෙහි ප්‍රධාන චරිතය වන කයිල් ලේබ්ලෑන්ක් ලෙස Lionheart (1990)Second in Command (2006), The Quest (1996)Universal Soldier (1992) Wake of Death (2004)Bloodsport (1988) ආදී චිත්‍රපට වල රඟ පෑ ඉහත සඳහන් කල සුපිරි නළු Jean Claude Van Damme විසින් රඟ දක්වනවා. සෙසු චරිත සඳහා Lawrence Taylorසිරකරු 451 ලෙසත්, Chris Moir බිලී ලෙසත්, Marnie Alton ග්‍රේ ලෙසත් රංගනයෙන් දායක වෙනවා. ෆිල්ම් එක බලන කොට Prison Break බලපු අයටනම් ඒකේ උන දේවල් ගොඩක් මේ ෆිල්ම් එකෙත් වෙන හැටි බලාගන්න පුළුවන්. මේ ෆිලුම උපසිරැසි ගැන්වීමට අවසර දුන් තිසර සහෝවත් ආදරයෙන් මතක් කරන ගමන් එහෙනම් වෙනදා වගේම අදහස් උදහස් කොමෙන්ටුවකින් දාගෙන යන්න කියලා ඉල්ලනවා. මේ වගේ තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ජය වේවා …! 😀

ඔබ සැමටම උදා වූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද කිරි පැණි උතුරන සුභ අළුත් අවුරුද්දක් වේවා… !

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 830MB | YTS |

Direct Download

| Bluray | x264 | 720p | 830MB | YTS |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!