Astérix aux jeux olympiques (2008) | සූර පප්පා සහ ඔලිම්පික් ක්‍රීඩා

න්න අද තමයි මීට අවුරුද්දකට විතර කලින් දීපු පොරොන්දුවක් ඉෂ්ඨ වෙන්නෙ. කට්ටියට මතක ඇතිනෙ සූරපප්පා ප්‍රංශ විත්‍රපට මාලාව, “සූර පප්පා සහ ක්ලියෝපැට්‍රා” සහ “සූර පප්පා සහ සීසර්” කලින් දුන්නනෙ. මෙන්න තියෙනවා ඒ විත්‍රපට මාලාවෙ දැනට හදල තියෙන අවසාන චිත්‍රපටය; ප්‍රංශ බසින් “Astérix aux Jeux Olympiques” ලෙසත් ඉංග්‍රීසියෙන් “Asterix at the Olympic Games” ලෙසත් නම් කරපු මේ චිත්‍රපටිය යූරෝ මිලියන 78 (€78 million) වැනි ඉතා විශාල පිරිවැයක් දරල හදපු චිත්‍රපටියක්. මේකෙ පසුතල වගේම ඇඳුම් වලටත් ගොඩක් වියදම් කරල තියෙනවා [මේ චිත්‍රපටිය නිකුත් වෙනකොට (2008) මේක තමයි ප්‍රංශයේ එතෙක් වැඩිම වියදමක් දරා නිපදවූ චිත්‍රපටිය උනේ]

මේ චිත්‍රපටිය මිශ්‍ර ප්‍රතිචාර ලබපු එකක් (IMDb : 4.9) උනත් සෑහෙන තරම් ආදායම්ක් ලබල තියෙනවා. මේකෙ ඉන්න නළු නිලියො ගැන කතා කලොත් Clovis Cornillac කියන ප්‍රංශ නළුවා “සූර පප්පා”(Astérix) ලෙසත්, දැනට ජීවත්වන හොදම ප්‍රංශ නළුවා ලෙස බොහෝ අවස්ථාවල හඳුන්වන Gérard Depardieu, “ජිම් පප්පා” (Obélix) ලෙසත් (ප්‍රංශයේ තිබෙන දැඩි ආදායම් බදු නීතීන් නිසා 2012 වසරේදී මොහු රුසියානු පුරවැසි භාවය ලබා රුසියාවේ පදිංචියට ගියේය) මෙහි රංගනයේ යෙදෙන අතර කතා මාලාවට එකතු වන අළුත් චරිත වන “Lovesix”(Alafolix) ගේ චරිතය කැනඩා නළුවකු වන Stéphane Rousseau රඟපානවා. එමෙන්ම “ග්‍රීසියේ කුමරිය” නොහොත් “ඉරීනා” ලෙස Vanessa Hessler නම් සුරූපී ඇමෙරිකානු-ඉතාලියානු නිළිය රංගනයේ යෙදෙනවා.

මේහෙ කතාව ගැන කිවුවොත් Lovesix නම් ගෝල් තරුණයා ග්‍රීසියේ කුමරිය වන Irina සමග ආදරයෙන් බැඳී සිටිනවා. නමුත් ඔවුන් එකිනෙකාව කවදාකවත් දැකල නෑ, එකිනෙකා දන්නේ හසුන් වලින් පමණයි. Lovesix, කුමරියව මුණගැහෙන්න ග්‍රීසියට යනකොට “සීසර්” ගෙ පුතා Brutus මේ කුමරියව විවාහ කරගන්න උත්සාහ කරනවා. ඉටින් ග්‍රීසියේ රජතුමා තීරණය කරනවා “ඔලිම්පික්” ක්‍රීඩා උත්සවයේ ජයග්‍රාහකයාට කුමරියව විවාහ කරල දෙන බවට. ඉතුරු ටික චිත්‍රපටය බාගෙනම බලන්න. චිත්‍රපටිය බාගෙන බලලා හිතට එන අදහසුත් ලියන්න, උපසිරැසි ගැන ගුණ දොස් ඕනැ එකක්.

ජයවේ !

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | SD | 710MB |

Direct Download

| DVDRip | x264 | SD | 700MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Astérix aux jeux olympiques (2008) | සූර පප්පා සහ ඔලිම්පික් ක්‍රීඩා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!