The Silence (2019) | ලොවක් නිහඬ කළ සත්වයින්….

2018 දෙසැම්බර් මස 11 වනදින චිත්‍රපට ප්‍රේක්ෂක ඔබගෙ සිත් ඇදබැඳගන්න හැකියවාක් ලැබුණු චිත්‍රපටයෙ නම මතකද?? නැද්ද? එහෙනම් ඔබට අපූරු සිනමා අත්දැකීමක් මඟ හැරීගොස් තිබෙනවා ඒකාන්තයි. Netflix ආයතනය මගින් නිකුත් කෙරුණු Bird Box සිනමා පටය තමයි ඒ. බලන්න නොලැබුණු අයට අදම චිත්‍රපටය නරඹන ලෙස යෝජනා කරනවා. එතකොට මේ 2019දී ආපු මෙමNetflix සිනමා අත්දැකීම කුමක්ද? එයත් කලින් චිත්‍රපටය වගේ ඔබේ සිත ඩැගැහගන්න පුළුවන් වෙයිද? යන සොඳුරු වචන පෙළ මේ වෙනකොට ඇතිවෙන්න අරගෙන ඇතිනෙ. ඒත් කට්ටිය බලනව ඇති ඒකෙයි මේකෙයි ඇති සම්බන්ධ කුමක්ද කියල 🙂 . කිසිම සම්බන්ධයක් නෑ. නමුත් කලි සිනමා පටයේදී ප්‍රෙක්ෂක ඔබගේ ඇස් වසා දැමුවා මෙරව ඔබව නිහඬ මාවතකට රැගෙබ යාවි. එහෙනම් අපිව මේ නිහඬ කරන චිත්‍රපටය දෙසට හැරෙමුකො.

චිත්‍රපටයෙ “පූර්ව ප්‍රචාරක පටය” ඔබට නැරඹන්න නොහැකි වුණා නම් එය නරඹා එයටත් එක විව්ස් ප්‍රමාණයකින් දායක වෙන අතරෙ සිනමා පටය නරඹන්න ඇතිවන කුතුහලය වැඩිකරගන්න. 2019 වර්ෂයෙ අප්‍රේල් මස 10 වෙනිදා තමයි නිකුත් ඒ උනේ. මේ වනවිට චිත්‍රපටය හට IMDb අගය 5.4 ක් ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා. ඕක සති දෙකක් වගේ යනකොට එහා මෙහා වෙන්නත් ඉඩතියෙනවා. ඒවගේම තමයි චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා පාදක කරගෙන ඇත්තෙ Tim Lebbonනැමති කතෘවරයාගෙ The Silence නැමති නව කතාවයි.

– Tim Lebbon කතෘවරයාගෙ Silence නවකතා පොත –

2017 වර්ෂයෙදී තිරගත වුනු Wish Upon සිනමා පටයෙ අධ්‍යක්ෂවරයා වෙච්චJohn R.Leonetti වසර දෙකක නිහැඩියාවකට පසු නැවතත් ඔබ හමුවට පැමිණෙන්නෙ ලෝකයාව නිහඬ කර වූ සිනමා පටයකින්. රංගනයෙන් දායක වෙන්නෙ The Chilling Adventure Of Sabrina කතාමලාවේ සබ්‍රිනාගෙ චරිතයට පණ පොවනා Kiernan Shipka | Stanley Tucci | Miranda Otto | John Corbett | Kate Corbett යන නළුකැලයි. එහෙනම් අපි චිත්‍රපටය දෙසට හැරෙමුකො.

විද්‍යාඥයන් පිරිසක් ගල් ගුහාවක් ගැන ගවේෂණයක් කරන්න එක්තරා ගුහාවකට ඇතුළු වෙනවා. ඉතිං මෙයාලා ඇතුළු වෙන්නෙ මීට අවුරුදු මිලියන ගණනාවකට පෙර නටබුන් වෙලා තිබ්බ ස්ථානයකට. නමුත් මෙම නටබුන් වලින් වැසී තියෙන ස්ථානය තුළ එක්තරා සත්ව කොට්ටාශයක් ජීවත් වෙනවා. ඒවගේම තමයි මොවුන් ශබ්දය හඹා යන්නෙ. හරියට නිකන් වවුල්ලු වගේ සත්ව ජාතියක්. හැබැයි මොවුන් වෙනස්. ඒ මොකද කියනවා නම් මිනීමස් කණ සත්ව ජාතියකට අයිති වෙනවා. ඔන්න ඔය අතරෙ මුළු ලෝකයම කණපිට පෙරෙලනවා. ඉතිං මෙවැනි ඛේදවාචකය මුහුණ දෙන එක්තරා පවුලක් ගැන කතාවකුයි ගෙතෙන්නෙ. ඇලී එම උඩදී සඳහන් කරපු සිදු වීම සිද්ධ වෙන්න කලින් අනතුරකට භාජනය වෙනවා. එයින් ඇයගෙ ආච්චියි සීයයි වගේම තමන්ගෙ බීරි වෙනවා. ඇය ජීවත් වෙන්නෙ තමන්ගෙ අම්මයි, මල්ලියි, තාත්තයි, සහ ආච්චි එක්කයි. ඔන්න ඉතිං ඉහළින් සඳහන් කරපු පුවතත් එක්ක මොවුන් බයවෙන්න අරගන්නව. ප්‍රවෘත්ති වලින් ගේ ඇතුලටම වෙලා ඉන්න කිව්වද මොවුන් සුදුසු වාසස්ථානයක් සොයාගෙන යනව මෙම සත්වයින්ගෙන් ගැලවීමට. ඉතිං ඔවුන්ට මෙම නිහඬ ලෝකයෙදී බේරී ගොස් සුදුසු වාසස්ථානයක් සොයාගැනීමට හැකි වෙයිද? අවාසන වෙනතෙක්ම නරඹන්නකො එහෙනම්.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

බයිස්කෝප් වාසීන්ට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා කියා පාර්ථනා කරනවා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 750MB | 

Direct Download

| WEB | x264 | 480p | 387MB |

| WEB | x264 | 720p | 750MB |

| WEB | x265 | 720p | 497MB |

| WEB | x265 | 720p | 876MB | 10Bit | 6Ch

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “The Silence (2019) | ලොවක් නිහඬ කළ සත්වයින්….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!