Holmes & Watson (2018) | හෝම්ස් සහ වොට්සන්!

ලොව එතෙක් මෙතෙක් පහල වූ විශිෂ්ටතම රහස් පරීක්ෂකයා වන ෂර්ලොක් හෝම්ස් ගැන ඔබ අසා ඇතුවාට සැකයක් නෑ. ඒවගේම ඔහුගේ සඟයා වන ඩොක්ටර් ජෝන් වොට්සන් ගැනත් අහලා නැතිවෙන්න බෑ. මෙයත් මේ දෙදෙනාගේ වීර වික්‍රමාන්විත අභිරහස් විසදීම් රැගත් කතාවක්. මුළු එංගලන්තයේම පරසිද්ධ, ලන්ඩන්හි බලාපොරොත්තුව, ක්ෂණයකින් ඔබගේ සියලු විස්තර කීමට සමත්, රැජිණ පවා සේවය ඉල්ලා සිටින, සියල්ලන්ට වඩා බුද්ධිමත් ෂර්ලොක් හෝම්ස්. ෂර්ලොක්ට කැපවුනු, ෂර්ලොක්ට පක්ෂපාතී, ෂර්ලොක්ගේ හිතවත්, ෂර්ලොක්ගේ සඟයා ඩොක්ටර් ජෝන් වොට්සන්. ඒවගේම එදා මෙදා තුර ෂර්ලොක්ට මුනගැහෙන ප්‍රබලම සතුරා මහාචාර්ය ජේම්ස් මොරියාටි. ඇයි තව හඩ්සන් මහත්මිය. මේ පිරිවරම ඉන්න, අභිරහසක් වටා දිවෙන කතාවක්. නමුත්…… මේ සර් ආතර් කොනන් ඩොයිල් මහත්තයගෙ ෂර්ලොක් සහ වොට්සන් නම් නොවේ. 🙂 සුළු දිය බරක් පිටකිරීමට සුළගේ දිශාව මැන, ගැල්මේ චාපය මැන, සපත්තුවලට විසිවීම වලක්වා, සිපරය ඇරගන්න පමනක් අමතක වී කලිසමේ මූත්‍රා කරගන්නා ෂර්ලොක් කෙනෙකි මේ. ෂර්ලොක්ගේ වෙස්මාරුවක් වන, කුඩා උඩුරැවුලකට මුලාවී, ෂර්ලොක් නැතිවී යැයි සිතා, ෂර්ලොක්ගෙන්ම ෂර්ලොක්ව විමසන ජෝන් වොට්සනයෙකි මේ. ඉතින් බලන්න ඇයි තවම පමා??

ගිය වසරේ දෙසැම්බර් 25වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටිය අයිතිවෙන්නේ Adventure,Comedy, Crime යන කාණ්ඩයන්වලට. ෂර්ලොක් හෝම්ස් විදියට ප්‍රසිද්ධ විකට නළු Will Ferrell සහ ජෝන් වොට්සන් විදියට එවැනිම විකට නළුවෙක් ලෙස වඩා ප්‍රසිද්ධ John C.Reilly රංගනයෙන් දායකවෙනවා. imdb අගයනම් ලැබිලා තියෙන්නෙ 3.7ක් වගේ අඩු අගයක්. ආදායම අතිනුත් සාර්ථකත්වයක් පෙන්නුම් කරන්න බැරිවෙලා තියෙනවා. ෂර්ලොක් හෝම්ස් රසිකයන්ගෙ වැඩ තමා. 🙂කොහොමවුනත් කොමඩි බලන ප්‍රේක්ෂක ඔබට ගැලපෙන එකක් වෙයි කියලා හිතනවා. ෂර්ලොක් හෝම්ස් රසිකයන්ටත් මොකක්ද මේ කරල තියෙන අපරාදෙ කියලා බලාගන්න ආරාධනා කරමින් තවත් උපසිරැසියකින් හමුවෙන තෙක් දැනට නවතිනවා! හැමෝටම ජයවේවා!!

සුභ අලුත් අවුරුද්දක් වේවා!!

සැ.යු. – මේකෙ වෙබ් කොපියෙයි බ්ලූරේ කොපියෙයි වෙනස්කම් ටිකක් තියෙනවා. උදාහරණයක් විදියට වොට්සන් සහ ෂර්ලොක් හමුවෙන විදිය මේ දෙකේ හාත්පසින්ම වෙනස්. මොකද වෙනස් වර්ෂන් දෙකකින් මේක නිකුත්වෙලා තියෙනවා. US release එක සහ international release එක විදියට. ඒ නිසා වෙබ් කොපිය ගත්ත අයට වෙබ් කොපියටත්, බ්ලූරේ කොපිය ගත්ත අයට බ්ලූරේ කොපියටත් උපසිරැසි වෙන වෙනම ලබාදීලයි තියෙන්නෙ. ඒ නිසා ඒ ගැන ගැටළුවක් නෑ…ජය!!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 768MB | YTS

| WEB | x264 | 720p | 756MB | YTS

Direct Download

| Bluray | x264 | 480p | 350MB |

| Bluray | x264 | 720p | 768MB | YTS

| Bluray | x265 | 720p | 586MB |

| WEB | x264 | 720p | 756MB | YTS

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Holmes & Watson (2018) | හෝම්ස් සහ වොට්සන්!

  • April 15, 2019 at 00:56
    Permalink

    Subtitle eka download wenne nane subtitle eke click klm sura pappa ekat ynne

    Reply
  • April 17, 2019 at 10:49
    Permalink

    cant download subtitles..

    Reply
  • April 19, 2019 at 13:35
    Permalink

    sub download karanna baiscope.lk gihin Holmes & Watson search karanna.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!