The Grudge 2 (2006) | ශාපලත් නිවස..!!

හොල්මන් චිත්‍රපටියක් බලමු ද? හොඳයි එහෙනම් ඔන්න මං ගෙනාව මගේ පස්වැනි උපසිරැසි නිර්මාණයට 2006 වසරේදි නිකුත් වුණු පට්ට පදිරි චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම තමයි Grudge 2. චිත්‍රපටියෙ නම බලද්දි ඔයාලට හිතෙනව ඇති මේක Series එකක් කියලා. ඔව් අපේ සහෝදරයෙක් මේකෙ පළවෙනි චිත්‍රපටිය වෙන Grudge එකේ සිංහල උපසිරැසිය දීල තියෙනවා. ඒක ඔයාලට මෙතනින් බලාගන්න පුළුවන්. පළවෙනි කොටස බලපු කට්ටියත් ඇති. ඒගොල්ලන්ට මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. දෙවෙනි කොටස යන්නෙ ඇත්තටම කිව්වොත් පළවෙනි කොටසත් එක්ක එකතුවෙලා. එහෙම වුණා කියලා මේකෙ පළවෙනි කොටස බලන්නම ඕනෙ නෑ. දෙවෙනි කොටස හොඳටම ඇති තේරුම් ගන්න. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Takashi Shimizu ; ඒ වගේම මේකට ලැබිල තියෙන IMDb අගය 4.9 ක්. වැඩිය කතා කරන්න ඉස්සර වෙලා අපි චිත්‍රපටිය ගැන චුට්ටක් දැනගෙන ඉමු නේද?

අපි Grudge චිත්‍රපටියෙ පළවෙනි කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. මේ ඔක්කොම දේවල් සිද්ධ වෙන්නෙ ජපානෙ තෝකියෝ වල තියෙන පැරණි ගෙදරකින්. මේ ගෙදර මීට ටික දවසකට කලින් භයානක මිනීමැරුමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි ගැහැනියකුයි, දරුවෙකුයි සාහසික ලෙස ඝාතනය වීම. ඒ මිනීමැරීම සිද්ධ කරන්නෙ දරුවගෙ තාත්තා, ඒ කියන්නෙ අර ගැහැනියගෙ සැමියා. ගැහැනියගෙ බෙල්ල මිරිකලා කඩා දමලා, පොලිතින් කවරෙක ඔතලා ඒ ගෙදරම තියෙන අටුවක් අස්සෙ මේ සැමිය හංගනවා. දරුවව මරන්නෙ නාන තටාකෙ ගිල්ලවලා. මෙතනදි හොල්මන් කරන්න පටන් ගන්නෙ මේ කියන ගැහැනිය. ඇයට සිද්ධ වුණු අසාධාරණය නිසා, ඇය හැමෝගෙන්ම ඒකට පළි ගන්නවා. ඒ පළි ගැනීම සිද්ධ කරන්නෙ, මේ ගෙදරට යන එන හැමෝවම ඉතා බිහිසුණු ලෙස මරා දාලා. මරණ විදිහ හිතාගන්නවත් බෑ. මිනිස්සු කියන්නෙ මේ ගෙදරට යන හැමෝටම සාපයක් වදිනව කියලා. මේකට දරුණු ලෙසම බිලි වෙන්නෙ, කැරන් (Sarah Michelle Gellar) කියන ගැහැනිය. ඇය පස්සෙන් අර මැරුණු ගැහැනියගෙ ආත්මය එන්න පටන් ගන්නවා. පළවෙනි කොටස අන්තිමේදි, කැරන් මේ සිද්ධිය දැනගෙන, ගෙදර ගිනි තියන්න පටන් ගන්නවා. ඒත් ඒක ඉවර වෙන පාටක් නෑ.

දැන් තමයි Grudge 2 චිත්‍රපටියෙ දෙවෙනි කොටසට යන්නෙ, මෙතනදි මේ සිද්ධියට එකතු වෙනවා කැරන්ගෙ සහෝදරිය වන ඕබ්‍රි (Amber Tamblyn). ඇයත් මේ සිද්ධිය ගැන හොයා බලන්න පටන් ගන්නවා. චිත්‍රපටිය පටන් ගන්නෙ කිසිම තේරුමක් නැතිව. ඒත්, ඔයාලට අවසානය වෙද්දි, මේ හැම එකක්ම තේරුම් ගන්න පුළුවන්. මෙතනදි, කතා ගොඩක් අපිට බලාගන්න පුළුවන්. ඒත්, ඒවා පටන් ගන්නෙ එකම තැනකින්. ඇත්තටම කවුද මේ මැරුණු ගැහැනිය? ඇය මේකට සම්බන්ධ වෙන හැම කෙනෙක්වම මරන්නෙ තමන්ගෙ පලිය පිරිමහ ගන්නමද? මොකද්ද මේක ඇතුළෙ සැඟවිලා තියෙන රහස?

ඉතුරුටික බලන එක ඔයාට බාරයි. හැබැයි මම එකක් කියන්නම්, මේක රෑට නම් බලන්න එපා, අර ගැහැනියගෙ මූණ දැක්කහම නම් ඕන්නෑ.. :p

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 750MB | YTS

Direct Download

| Bluray | x264 | 720p |  750MB | YTS

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!