Supernatural [S14 : E18] | ඇත්තටම මොකද වුණේ?

පසුගිය කොටසින්

ප්‍රශ්න කිහිපයකට මුහුණ දීලා වින්චෙස්ටර් සහෝදරයෝ දෙන්නා එයාලගේ අම්මා වගේම ජැක් එක්ක එකතු වෙලා ඩීන් පොඩි කාලෙ කරපුසෙල්ලමක් කරන ගමන් රස කෑම ජාති කන ගමන් විනෝද වෙන්නයි හිටියෙ. ඒත් ඉතින් මේ අයට කවදාවත් සතුටක් කොයින්ද නේද?! මේ අය මේ දේවල් වලට ලැස්ති වෙද්දී නික් ඩොනටෙලෝගේ ගෙදරට ගිහින් එයට ඒන්ජල් කෙනෙක්ගේ වරමක් ඇතුල් කරලා ලූසිෆර් එක්ක සම්බන්ධ වෙලා ලූසිෆර් වගේම නික්ව ධාරකයා විදිහට එක්කාසු කරන විදිහ අහගෙන තියෙනවා. ඒකට නික්ට ජැක්ගේ ලේ ඕන කරලත් තියෙනවා. මේ නිසා නික් ලොකු රැවටීමක් කරලා එයාව බංකරේ ඇතුලට අරන් යන්න සලස්වලා ජැක්ගේ ලේ අරගත්තා මතක ඇතිනේ. ඉතින් ලේ අරගත්තට පස්සෙ එයා හැදුවේ ලූසිෆර්ව ආයෙ කැදවලා ධාරකයෙක් විදිහට එකතු වෙන්න. හැබැයි ජැක් ඒකට ඉඩ දුන්නේ නැහැ. ජැක් වෙනදා තවත් කෙනෙක්ට සලකන විදිහෙන් බැහැරව දරුණු විදිහට නික්ට පහර දුන්නා. මේකට මේරි ටිකක් විතර හිතේ අවුලෙන් හිටියෙ. මේරි හිතුවේ ජැක්ගේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. හැබැයි ජැක් ඒක පිළිගන්න කැමති උනෙත් නැහැ. පැහැදිලිව ජැක්ගෙ අවුල වෙන මොකුත් නෙවෙයි ආත්මය විනාශ ක්ෂය වෙලා තියෙන එක නිසයි.

ඒ කාරනාව ගැන දැනගන්න ලැබෙන්නේ කෑස් ගමනක් ගිහින් තිබුනා මීට කලින් සීසන් එකක දකින්න ලැබුණු මිට කලින් දිවය ලෝකේබොත්තමක් ඔබ ඔබා ඉදලා පෘතුවියට ආවට පස්සෙ සල්ලි වලට මිනිස්සුන්ව සුව කරන තවත් ඒන්ජල් කෙනෙක්ගේ උදව් ඇතිව ජෝශුවා මීට කලින් දෙවියන් එක්ක කතා කරන්න පාවිච්චි කරපු එක්තරා ආභරණයක් හොයන් ගියා. අදාළ ආභරණය හොයාගත්තත් කෑස් ඒකෙන් දෙවියන්ට කතා කලා. හැබැයි ඒකට පිළිතුරු දෙවියන්ගෙන් නම් ලැබුනේ නැහැ. එයා දන්නේ නැහැ ජැක් මේ වෙද්දී හැසිරෙන විදිහ ගැන. ජැක් මේරි එක්ක වාදයක ඉද්දි මේරිට මොකක්දෝ මන්දා දෙයක් වුනා. මේරි මැරිලා යන්න ඇතිද? එහෙම නැත්තම් කොහෙට හරි  අතුරුදහන් වෙන්න ඇතිද? ජැක් හැසිරෙන විදිහ එක්ක අද කොටස සැහෙන වෙනස් මාවතකට ලගා වෙනවා. මොකද වෙන්නෙ කියලාඑහෙනම් බලලම ඉන්නකෝ.

තවත් පැය කිහිපයකින් උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබලා සියළු දෙනාටම සුභම එකක් වෙන්නයි කියලා එක සිතින් ප්‍රාර්ථනා කරන ගමන් අදට මම සමු ගන්නවා. ජය!! ☀🙏

——
අද කතාවේ නම “Absence”
අධ්‍යක්ෂණය: Nina Lopez-Corrado
ලිව්වේ: – Robert Berens
විකාශනය වුනේ: 2019 අප්‍රේල් 18 
මීලග කොටසින්: “Jack in the Box” | 2019 අප්‍රේල් 18

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x265 | 720p | 182MB |

Direct Download

| WEB | x264 | 480p | 166MB |

 

| WEB | x265 | 720p | 182MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!