Doom Patrol [S01: E09] | මනස්ගාත ලෝකය..!

ඔය අතරෙ මතක ඇති ක්ලිෆ්ගෙ ඇගට මීයෙක් රිංගලා ඊට කලින් සතියෙ මිනිහා නටපු නාඩගම. ඔය නිසා ජේන් තරහා වෙලා ගියත් මතක ඇතිනෙ. එහෙම ජේන් පිටවෙලා ගියාට පස්සෙ ජේන් මනස්ගාත ලෝකෙට ගිහින් මතුපිට ලෝකෙට කැරන්ව මතුවෙනවා. කැරන් කියන්න යම් ආකාරයක රොමෑන්ටික් වගේම ෆැන්ටසියක ජීවත් වෙන කෙනෙක්. ඉතිං මෙයා මෙයාගෙ පරණ පෙම්වතා හොයන් යනවා. ඒ තමා ඩගි. කැරන් ඩගී එක්ක දහස් වතාවක් විතර එකතුවෙලා ආපහු වෙන්වෙලා තියෙනවලු. කොහොමත් ඩගි ආයෙමත් කැරන්ගෙ මායාවට අහුවෙනවා. හැබැයි මෙයාගෙ පවුලෙ අය මේකට කැමති නෑ. කොහොම නමුත් ඒ අයවත් කැරන්ගෙ මායාවට යටත් වෙනවා. ජේන්ව හොයන් ආව ක්ලිෆ් සහා රීටා දෙන්නගෙන් මායාවට අහු නොවි බේරෙන්නෙ ක්ලිෆ් විතරයි. ඔය නිසාම අනික් අයගෙ බන්දනෙත් නැතිවෙලා යනවා. ඒත් එක්කම කැරන්ව මනස්ගාත ලෝකෙට ඇදන් ගියා මතක ඇති. එහෙම ගියාම මතුපිට ලෝකෙට කවුරු හරි එන්න ඕනනෙ. ඒ සාමාන්‍යයෙන් ජේන්. ඒත් අපි දැක්ක විදිහට ජේන් ගල්වෙලා වගේ හිටියෙ. ඒ කියන්නෙ මතුපිටට කවුරුත් ඇවිත් නැහැ. මොකද ජේන් ආපහු එන එක ප්‍රතික්ෂ්ප කරනවා. වෙන අය එන්නෙත් නැහැ. මොකද ජේන් තමයි මූලිකයා, ඒ කියන්නෙ ජේන් තමා සාමාන්‍යයෙන් මතුපිට ජීවත් වෙන කෙනා මෙයාට කිසිම බලයක් නැහැ. අපි කතාවෙ සදහන් වෙන “The Underground” කියන නමට තමයි “මනස්ගාත ලෝකෙ” කියන නම පාවිච්චි කලේ, “යටිබිම” හෝ “අන්ඩර්ග්‍රවුන්ඩ්” කියලා සිංග්ලිෂ් වලින් දාන එක කැත නිසා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා “මනස්ගාත ලෝකෙ” කියන හරියටම ගැලපෙන බව අද තේරෙයි.

තවත් කියන එක තේරුමක් නැහැ, ඔයාලම බලාගන්නකො මනස්ගාත ලෝකෙ කොහොම එකක්ද කියලා අද එහෙනම්. මම යන්නම්.

හැමෝටම ලබන්නා වූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x265 10bit | 1080p | 405MB | PSA |

Direct Download

| WEBRip | x265 10bit | 720p | 182MB | PSA |

 

| WEBRip | x265 10bit | 1080p | 405MB | PSA |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!