Asterix and Obelix Meet Cleopatra (2002) | සූර පප්පා සහ ක්ලියෝපැට්ට්‍රා

මේක තමයි මගේ පළවෙනි පරිවර්තනය. මෙච්චර දවසක් “බයිස්කෝප්” වෙබ් අඩවියෙ තියෙන නිර්මාණ රසවින්ද. පස්සෙ මටත් හිතුන පරිවර්තනයක් කරන්න ඕන කියල. මම තෝරගත්ත චිත්‍රපටය ප්‍රංශ චිත්‍රපටයක් උනත් මේ කතාව අපිට ඉතා හුරු පුරුදුයි. අපි පොඩි කාලෙ (සමහරු නම් ලොකු කාලෙ) ඉතා ආසාවෙන් රසවිඳපු “සූරපප්පා” කාටුන් කතාමාලාව හැමෝටම මතක ඇතිනෙ. එහෙම නම් ඒ කාටුන්වල එක කොටසක් තිබුන “සූරපප්පා සහ ක්ලියෝපැට්ට්‍රා ” කියල මතක ඇති. අන්න ඒ කතාවට අනුරූපව හදපු චිත්‍රපටයක් තමයි මේ “Astérix & Obélix: Mission Cléopâtre” ලෙස ප්‍රංශ භාශාවෙනුත් “Asterix and Obelix Meet Cleopatra” ලෙස ඉංග්‍රීසියෙනුත් නම් කරල තියෙන වර්ශ 2002 දී ප්‍රංශ-ජර්මන් චිත්‍රපටයක් ලෙස කරන ලද මේ නිෂ්පාදනය. මේක ප්‍රංශ චිත්‍රපටයක් නිසා වෙන්න ඇති ලංකාවෙ එච්චරම ජනප්‍රිය නොවුනෙ. නමුත් මට මතක විදියට මේක 2004දී විතර ඉංග්‍රීසි උපසිරැසිත් එක්ක ජාතික රූපවාහිනෙ පෙන්නුව. IMDb දර්ශකයෙ 6.5/10 ක් ලෙස සටහන්ව තිබුනත් හාස්යෝත්පාදක චිත්‍රපටයක් විධියට ඉතාමත් හොඳ චිත්‍රපටයක් කියලයි මම හිතන්නෙ.

මෙම චිත්‍රපටයට අධික වියදමක් දරල තියෙනව වගේම ඉතා සාර්ථකව පැරණි ඊජිප්තු ඇලෙක්සැන්ඩ්‍රියා නගරය සහ අනෙකුත් ස්ථාන ප්‍රතිනිර්මාණය කරල තියෙනව කියල කියන්න පුළුවන්. ඒ වගේම මේකෙ සෑම රූපරාමුවකින්ම හාස්‍යය ඉස්මතු කරල තියෙනව කියල හිතෙනව.

මේකෙ රඟපාන නළු නිලියො ගැන කියනව නම්, ඉතාමත් ප්‍රසිද්ධ සහ දක්ෂ නළු නිලි පිරිසක් මේකට දායක වෙලා තියෙනව. සම්මානණීය ප්‍රංශ නළු “Gérard Depardieu” මෙහි “ඔබෙලික්ස් (ජිම් පප්පා)” ගේ චරිතයට පණ පොවනව, ඒවගේම “ක්ලියෝපැට්‍රා” ලෙස රඟපාන්නෙ ඉතා ජනප්‍රිය වගේම සම්මාන ලාභී ඉතාලි ජාතික නිලියක් වන “Monica Bellucci” විසිනුයි. “ඇස්ටෙරික්ස් (සූර පප්පා)” ලෙස රඟපාන්නෙ තවත් ජනප්‍රිය ප්‍රංශ නළුවකු වන “Christian Clavier” විසින්. එමෙන්ම තවත් දක්ශ ජනප්‍රිය නළුවන් වන “Jamel Debbouze”[එඩිෆිස්(නිකම් බාස්)] සහ “Alain Chabat”(සීසර්) වැනි නළු නිලියන් රංගනයෙන් දායක වෙලා තියෙනව.

මේකෙ කතාව මම කියන්නෙ නෑ, මොකද සූර පප්පා කාටූන් එක බලපු අය කතාව දන්නව. නමුත් නැවත නැවත බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්. චිත්‍රපටිය බලල කොමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා…
හැමෝටම ජයවේවා…!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | XviD | SD | 700MB |

Direct Download

| DVDRip | XviD | SD | 336MB |

| DVDRip | XviD | SD | 700MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Asterix and Obelix Meet Cleopatra (2002) | සූර පප්පා සහ ක්ලියෝපැට්ට්‍රා

    • April 14, 2019 at 08:48
      Permalink

      Puluwan. Oya Baiscopelk eke Account ekak hadagenada inne.?

      Reply
      • April 14, 2019 at 12:20
        Permalink

        Account ekak thiyenawa log wela download karanna heduwata den nene

        Reply
        • April 14, 2019 at 12:31
          Permalink

          “සිංහල උපසිරැසිය මෙතනින් ගන්න” anna Ethanin beluwada.?

          Reply
  • April 14, 2019 at 12:47
    Permalink

    Register wena eka ain karana co upasirasa download karana baha

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!