Flavors of Youth (2018) AKA Si shi qing chun | බලාපොරොත්තුවේ සුවඳ…

කොහොමද යාලුවනේ ඔන්න මම අලුත් ඇනිමේ නිර්මාණයක් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා.

ඔයාල මම අන්තිමට කරපු Death Note ඇනිමේ එක බලලා සතුටු වෙන්න ඇති කියල මම විශ්වාස කරනවා. එහෙම නම් අද මම අරන් ආපු ඇනිමේ එක දිහාට හැරෙමු හැම දේටම කලින් මේ ඇනිමේ එක ගැන විස්තර ටිකක් කියන්න ඕනනේ. එහෙනම්,

මෙදා පාර මම අරන් ආපු ඇනිමේ නිර්මාණය කලින් කරලා තියන ඇනිමේ නිර්මාණ වලට වඩා ටිකක් වෙනස් මොකද හැම ඇනිමේ නිර්මානයකමට සාමාන්‍යයෙන් ප්‍රධාන වෙන්නේ ජපානය නේ මේකෙදි චීනය තමයි මුලික වෙන්නේ. ඒ වගේම මේ ඇනිමේ එක 5 centimeters per second(2007)ඇනිමේ එක වගේ කෙටි කතා 3 ක් එකට කැටි කරලා නිර්මාණය කල ඇනිමේ නිර්මාණයක්. ඒ වගේම මේක ටිකක් අලුත් ඇනිමේ එකක් ඒ කියන්නේ මේ ඇනිමේ එක තිරගත වෙලා තියෙන්නේ 2018 වසරේදී. ඒ වගේම ඔයාල හැමෝම දන්න Netflix ස්ටූඩියෝ එකයි Your name(2016)The Garden of Words(2013) වගේ ඇනිමේ නිෂ්පාදනය කරපු CoMix Wave Films ස්ටූඩියෝ එකයි එකතුවෙලා තමයි මේ ඇනිමේ එක නිෂ්පාදනය කරලා තියෙන්නේ, ඉතින් මේකේ ග්‍රැෆික් ගැන වෙන මොන කතා ද. මේකේ Genres ගැන කියනවා නම් Drama, Romance, Slice of Life යන ඒවාට අයිති වෙනවා. ඒ වගේම මේ ඇනිමේ නිර්මාණය MyAnimelist දර්ශකයේ 7.29 ද, IMDb දර්ශකයේ 6.5/10 වගේ අගයක් ද අරන් තියනවා. මේ ඇනිමේ නිර්මාණය නිෂ්පාදනය කරලා තියෙන්නේ Tang, Yunkang කියන නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Li, Haoling කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි.

එහෙනම් දැන් කතාව මම කලිනුත් කිව්වා මේක වෙනස් කතා 3 එකට එකතු කරලා හදල තියන ඇනිමේ එකක් කියල. මේ කතා 3 ම කියවෙන්නේ වෙනස් නගර 3 ක සිද්දවෙච්ච වෙනස් ආදර කතා 3 මම ඒ කතා ගැන කියන්න යන්නේ නැහැ මොකද ඒවා කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියල තේරෙන්නේ නෑ, ඒ තුන මම දැකපු ලස්සනම කතා 3 ක්. තව දෙයක් තියනවා 5 centimeters per second ඇනිමේ එකේ තිබුනේ නැති දෙයක් මේ ඇනිමේ එකේ තියනවා ඒ තමයි මේ වෙනස් කතා තුනම අන්තිමේදී එක තැනකදී එකට එකතු වෙනවා. එහෙනම් මම ආරාධනා කරනවා මේ සුන්දර ඇනිමේ නිර්මාණයේ අසිරිය විඳගන්න කියල. එහෙනම් තවත් මේ වගේ ලස්සන ඇනිමේ නිර්මාණයක් එක්ක හමු වෙමු. එහෙනම් හැමෝටම සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 1080p | 1.4GB |

Direct Download

| WEB | x264 | 1080p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Flavors of Youth (2018) AKA Si shi qing chun | බලාපොරොත්තුවේ සුවඳ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!