Justice League vs the Fatal Five (2019) | අනාගතයෙන් අනතුරක්…[Bluray Updets]

වෝනර් බ්‍රදර්ස් සමාගමේ DC ඇනිමේෂන් චිත්‍රපටයක් වන Justice League vs. the Fatal Fiveකියන චිත්‍රපටය සමගින්. 34 වන DC ඇනිමේෂන් චිත්‍රපටය වන මෙම චිත්‍රපටය වෙනස් ආරක් ගන්න චිත්‍රපටයක් කිවොත් නිවැරදියි. මේ කතාව අනාගතයේ සිට වර්ථමානය දක්වා දිවෙන චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටය මුලින්ම ප්‍රදර්ශනය කරනු ලැබුවේ කැලිෆෝනියා වල Anaheim වල පසුගිය මාර්තු 30 වෙනිදා පැවති   Wonder Con එක අවස්ථාවේදී.  ඒ වගේම මේ ගැන මුලින්ම ආරංචිය අපට දැනගන්න ලැබුනේ 2018 ජුලි 20 පැවැත්වූ සැන් දියාගෝ කොමික් කොන් අවස්ථාව තුලදියි.

මුලින් කිව්වා වගේම මෙවර ජස්ටිස් ලීග් එකට ලැබෙන අභියෝගය ලැබෙන්නේ 31 වෙනි ශතවර්ෂයෙන්. 21 වෙනි ශතවර්ෂයේ වෙසෙන ජස්ටිස් ලීග් වීරයන්ට ලැබෙන අභියෝගය සුළුපටු එකක් නෙමෙයි. ඔවුන්ගේ ආයුධ ගොඩක් බලවත් වගේම තාක්ෂණික මට්ටමින් ඉහලයි. සුපර්මෑන් පවා අඩපන කරන්න පුළුවන් පිරිසක් එක්ක තමයි මේ සටන විහිදෙන්නේ. අලුත් චරිත ටිකක් මේ කතාව තුලදී දැකගන්න ලැබේවි. The Fatal Five හෙවත් Emerald Empress, Mano, Persuader, Tharok, Validusකියන අනාගතයේ එනම් 31 වෙනි ශතවර්ෂයේ ඉන්න සතුරන් පිරිසක් තමයි වර්තමානය දක්වා කාල තරණයක යෙදෙන්නේ. 31 වෙනි ශතවර්ෂය වෙනකොට ජස්ටිස් ලීගයේ බොහෝ සාමාජිකයන් මිය ගිහින්. ජස්ටිස් ලීගය වෙනුවට අපට දකින්න ලැබෙන්නේ Legion of Super Heroes නමැති යුක්තිය වෙනුවෙන් සටන් වදින විවිධ ලෝක වලින් එක්වූ වීරයන්ගේ සංවිධානයක්. ඔවුන් සමග සටන් වදින 5 දෙනෙක් තමයි මේ ෆේටල් ෆයිව් කියන්නේ. ඉතින් ඒ පස්දෙනා වර්ථමානයට එන්න එක්තරා හේතුවක් තියෙනවා ඒ තමයි ලයිම්ලයිට්. මොකද්ද මේ ලයිම් ලයිට් කියන්නේ? ඒක විසඳගන්න මම ඔයාලට භාර දෙන්නම්.

වෙනදා වගේම චරිත වලට හඬ දායකත්වය සැපයෙන්නේ පහත පරිදියි.

Kevin Conroy  –  Bruce Wayne / Batman
Susan Eisenberg – Wonder Woman
George Newbern – Clark Kent / Superman
Elyes Gabel –  Thomas Kallor / Star Boy
Diane Guerrero – Jessica Cruz / Green Lantern
Peter Jessop – Tharok
Tom Kenny – Bloodsport
Matthew Yang King – The Persuader
Sumalee Montano – Emerald Empress
Philip Anthony-Rodriguez – Mano
Daniela Bobadilla – Miss Martian
Kevin Michael Richardson – Mr. Terrific
Noel Fisher – Brainiac 5
Tara Strong – Saturn Girl

ඒ වගේම කලින් DC ඇනිමේෂන් චිත්‍රපට මොනවද කියලත් පහතින් පෙලගස්වලා තියෙනවා. මග ඇරුනු චිත්‍රපටයක් තියේ නම් පහලින් ඒක බලාගන්නත් පුළුවන්.

  1. Superman: Doomsday
  2. Justice League: The New Frontier
  3. Batman: Gotham Knight
  4. Wonder Woman
  5. Green Lantern: First Flight
  6. Superman/Batman: Public Enemies
  7. Justice League: Crisis on Two Earths
  8. Batman: Under the Red Hood
  9. Superman/Batman: Apocalypse
  10. All-Star Superman
  11. Green Lantern: Emerald Knights
  12. Batman: Year One
  13. Justice League: Doom
  14. Superman vs. The Elite
  15. Batman: The Dark Knight Returns
  16. Superman: Unbound
  17. Justice League: The Flashpoint Paradox
  18. Justice League: War
  19. Son of Batman
  20. Batman: Assault on Arkham
  21. Justice League: Throne of Atlantis
  22. Batman vs. Robin
  23. Justice League: Gods and Monsters
  24. Batman: Bad Blood
  25. Justice League vs. Teen Titans
  26. Batman: The Killing Joke
  27. Justice League Dark
  28. Teen Titans: The Judas Contract
  29. Batman and Harley Quinn
  30. Batman: Gotham by Gaslight
  31. Suicide Squad: Hell to Pay
  32. The Death of Superman
  33. Reign of the Supermen 
  34. Justice League vs. the Fatal Five

චිත්‍රපට නිර්මාණයට පාදකවූ  කොමික් පොත්

The Fatal Five  කණ්ඩායම මුලින් අපට දකින්න ලැබෙන්නේ 1967 නිකුත්වූ කොමික් පොතක් වූAdventure Comics #352 හරහායි. මේ චරිත නිර්මාණය කරනු ලැබුවේ  Jim Shooter විසින්  31 වෙනි ශතවර්ෂයේ  Legion of Super-Heroesකණ්ඩායමට එරෙහිව සටන් වදින විරුද්ධ වාදීන් පිරිසක් ලෙසටයි. නමුත් මුලින්ම මේ පිරිස  Legion of Super-Heroes කණ්ඩායම සමඟ එක්ව කටයුතු කරනවා  පොදු හතුරෙක් පරාද කිරීමට. Adventure Comics #352 සඳහන් වන ආකාරයට Sun-Eaterනමැති පොදු හතුරා විනාශ කිරීමට මේ දෙපිරිසම අත්වැල් බැඳගන්නවා. අවසානයේ ඔවුන් විසින් ලබා දෙන සහය වෙනුවෙන් Legion of Super-Heroes විසින් The Fatal Five  කණ්ඩායමට සමාව ලබා දී ඔවුන් හා එක්වන්න අවස්ථාව ලබා දෙනවා. නමුත් ඔවුන්ට අවශ්‍ය වෙන්නේ තනිවම කණ්ඩායමක් විදිහට තමන් විසින් බේරාගත් ලෝක ආක්‍රමණය කරන්නයි. මෙහෙම තමයි ආරම්භය සිදු උනේ. පසුකාලීනව Zero Hour: Crisis in Time! නමැති කොමික් කලාපය හරහා 1994 දීත් මෙම චරිත දක්ස්නට ලැබුනා. එහෙනම් නැවත හමුවෙන තෙක් හැමෝටම ජයෙන් ජය!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 660MB | YTS |

Direct Download

| Bluray | x264 | 480p | 250MB |

| Bluray | x264 | 480p | 500MB |

| Bluray | x264 | 720p | 660MB | YTS |

| Bluray | x264 | 1080p | 1.2GB | YTS |

| Bluray | x265 | 720p | 350MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!