DCs Legends of Tomorrow [S04 : E10] | සත්‍යයේ කැරපොත්තා!

ඔන්න එහෙමනම් ගෙනාවා ලෙජන්ඩ්ස් ඔෆ් ටුමාරෝ හතරවැනි කතාමාලාවේ 10වැනි කොටහා. ඉතින් මේකට උපසිරැසිය ගේන වගකීම බාර උනේ මට.හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

මතකනේ නේට්ගෙ තාත්තා රහස් ව්‍යාපෘතියක් කරගෙන යනවා කාල කාර්යාංශයේ රදවලා ඉන්න ජීවින්ව උපයෝගී කරගෙන. ඉතින් කොනානේ, එහෙමත් නැත්නම් කුපේව ගෙනියන්න ආව අවස්ථාවෙ මෝනාගෙ මැදිහත් වීම නිසා සේරම වැඩ ටික අවුල් උනා. ඒ වගේම කුපේත් කාර්යාංශයෙන් මිදිලා පලා ගියා. ඉතින් කාර්යාංශය මේ කුපේව සහ මෝනාව හොයාගෙන ඉන්න අතරේ අපේ ලෙජන්ඩ්ලා මේ අයට රැකවරණය දුන්නා. ඒ වගේම එයාලට උදව් කළා. හැබැයි අන්තිමේ ඒක නතර උනේ ලෙජන්ඩ්ලා කාල කාර්යාංශයේ සතුරෝ බවට පත්වෙමින්.

ඒ වගේම තමයි මේ කුපේ සහ මෝනා ප්‍රශ්නේ නිසා සාරා සහ ඒවාගෙ සම්බන්දෙත් දෙදරලා ගියා. ඉතින් ඔය සිද්දියෙන් පස්සේ ඕන අද ඒවා කාල කාර්යාංශයේ අධ්‍යක්ෂක තනතුරෙන් නිවාඩු ගිහිල්ලා දැන් හෑන්ක් ලොක්කා තමයි වැඩ බලන්නෙ. ආ හෑන්ක්ගෙ මුල්ම කාර්‍යය වෙන්නෙ ලෙජන්ඩ්ලව අල්ලගන්න එක. ඉතින් හෑන්ක් විශ්වාසෙ දිනාගෙන ඉන්න නේට් වගේම සාරි දෙන්නත් නියමෙට රගපෑම කරගෙන යනවා හෑන්ක්ගෙ හොර අල්ලන්න. කොහොමහරි මේ වැඩේ බාර වෙන්නෙ ගැරීට. පිස්සා වගේ උන්නත් මොකද ගැරී වැඩේ තිතටම කරගෙන යනවා නෝරාගෙ සහයත් අරගෙන.

ඉතින් මේ අතරේ ලෙජන්ඩ්ලා යනවා අතීතයට පොඩි ගැටළුවක් විසදන්න කියලා. ඒ තමා ඇමෙරිකා ඉතිහාසයේ අපකීර්තිමත් ජනපතිවරයෙක් වෙච්ච නික්සන් හිටිහැටියේ සත්‍ය කතා කරන්න පටන් ගත්තු එක. හොදයි එහෙමනම් මීට වඩා මොකුත්ම කියන්නෙ නෑ. ඔයාලම බලන්නකෝ. එහෙනම් යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය. ඒ වගේම ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්දත් කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා පතනවා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහමෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 290MB |  

Direct Download  

| HDTV | x264 | SVA | 290MB |  

| HDTV | x265 | 720p | 200MB |  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “DCs Legends of Tomorrow [S04 : E10] | සත්‍යයේ කැරපොත්තා!

  • April 22, 2019 at 18:28
    Permalink

    Ela ela. E11th awith thynne. Ekatath sub eka ikmanatama damu…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!