The Kid who would be King (2019) | එක්ස්කැලිබර් අසිපතේ නූතන උරුමකරු [Bluray Update]

ඔයාලා හැමෝම ආතර් රජතුමාගේ කතාව දන්නවා නේද ? මර්ලින් , වට මේසයේ නයිට්වරුන්, ලැන්ස්ලොට්, පර්සිවල් , ගැවින් එතකොට එක්ස්කැලිබර් අසිපත, විලේ ඉන්න කාන්තාව. අර අපි ආසාවෙන් බලපු මර්ලින් කතා මාලාවේ මේ හැමදේම තිබුනා නේද. ආතර් රජතුමා කියන්නේ එංගලන්තයේ තියෙන පුරාවෘත්තගත ශ්‍රේෂ්ට චරිතයක්. මේ ඇසුරෙන් මේ වනවිට රෑපවාහිනි කතා මාලා සහ චිත්‍රපට ගණානාවක් නිපදවලා තියෙනවා. ඒ අතරින් මර්ලින් කතා මාලාව හා King Arthur:Legend of the Sword (2017)යන චිත්‍රපටයත් අතිශය ජනප්‍රිය උනා. ඉතින් අද මම ඔයාලට අරන් ආවේ ආතර් රජතුමා හා සබැඳි අළුත්ම සලරුවයි.

එංගලන්තය කඩා වැටි අරාජිකව තිබූ සමයක සාමාන්‍ය ළමයෙක් උන ආතර් , මර්ලින් විසින් පාෂානයක පිහිටුවා තිබූ එක්ස්කැලිබර් අසිපත ඇදගෙන තමා අනාගත රජු බව ඔප්පු කලා. ඔහු රජ වු පසු මිත්‍ර පාක්ෂිකයන් හා ඔහුගේ නයිට්වරු සමඟ එංගලන්තය එක්සේසත් කර ඉතා යහපත් අයුරින් පාලනය කලා. ආතර් රජුගෙ අඩ-සොයුරිය වන මොගානා රජකමට උරුමකම ඉල්ලා ආතර් රජු හා යුධ වැදුන අතර ඉන්ද්‍රජාලික මර්ලින්ගේ හා නයිට්වරුන්ගේ උදව් ඇතුව ආතර් රජු සාර්ථකව මොගානාව පාතාල ලෝකය වෙත පලවා හැරියා.

ඇලෙක්සැන්ඩර් එලියට් කියන්නේ තමන්ගේ මව සමග ජීවත් වන අවුරුදු 12ක සාමාන්‍ය ළමයෙක්, මෙයාගේ හොඳම යාළුවා තමයි බෙඩර්ස් කියන්නේ , මේ දෙන්නට නිතරම ඔවුන්ගේ පාසලේ ඉන්න වැඩිමල් ළමයි දෙන්නෙක්ගෙන් කරදර සිද්ධවෙනවා. දවසක් ඇලෙක්සැන්ඩර්ට මෙහෙම කරදරයක් වෙද්දි එතනින් පැනලා යනකොට කඩාවැටුන ගොඩනැගිල්ලක තියෙන කණුවක ගහපු අසිපතක් දකින්න ලැබෙනවා. ඉතින් මෙයා මේ අසිපත එතනින් ඇදලා අරගෙන ගෙදර අරන් යනවා. එතනින් පස්සේ ඇලෙක්ස්ට බොහෝම අමුතු දේවල් තමයි අත්විදින්න ලැබෙන්නේ. ඔයාලා බලනවා ඇති ආතර් රජතුමා ගැන කතාවක් කියලා මොකද මේ ඇලෙක්සැන්ඩර් කෙනෙක් ගැන කියවන්නේ කියලා. ආතර් රජුට මෙයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? එංගලන්තය මොගානාගේ තර්ජනයෙන් ඇත්තටම බේරුනාද ? ඒ ගැන දැන ගන්නනම් මේ කතාව බලන්නම වෙනවා.

2019 ජනවාරි මස තිරගත වු මෙම සලරුව Fantacy\Action යන වර්ගීකරණයට අයත් වෙනවා. ඒ වගේම 6.2ක Imdb අගයක් ලබා ගැනීමටත් , 90%ක කුණු තක්කාලි අගයක් ගන්නත් , ගූගල් පරිශීලකයන්ගෙන් 85%ක මනාප ලබා ගන්නත් මේ චිත්‍රපටයට හැකි වෙනවා. Joe Cornish විසින් මෙහි තිර රචනය හා අධ්‍යක්ෂණය සිදු කර තියෙනවා. Louis Serkis ඇලෙක්සැන්ඩර් ලෙසත්, X-Menචිත්‍රපට පෙලේ මහාචාර්ය චාල්ස් එක්සේවියර් ලෙස එක් වු Patrick Stewart මර්ලින් ලෙසත් ,Mission:Impossible-Rogue Nation (2015) හා Mission:Impossible-Fallout (2018) හි රඟ පෑ Rebecca Ferguson මොගානා ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

ඒ වගේම මේ චිත්‍රපටයි ගැන දැනුවත් කර උපසිරැසි ගැන්වීමට අවසර දුන්න හසන්ත අයියාවත්ආදරයෙන් මතක් කරනවා. HD Rip එකකට තමයි උපසිරැසිය කරන්න ගත්තේ, ඒත් ලංකා විදුලි බල මණ්ඩලයට ස්තූති වෙන්න මේක කර ගන්න ටිකක් පරක්කු උනා. හොඳ කොපියක් ආව ගමන් යාවත්කාලීන කරලා දෙන්න පොරොන්දුවෙන ගමන් ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ජය වේවා !

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 1GB | YTS |

Direct Download

| Bluray | x264 | 480p | 440MB |

| Bluray | x264 | 720p | 1GB | YTS |

| Bluray | x264 | 1080p | 1.93GB | YTS |

| Bluray | x265 | 720p | 700MB |

| Bluray | x265 | 1080p | 1.8GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “The Kid who would be King (2019) | එක්ස්කැලිබර් අසිපතේ නූතන උරුමකරු [Bluray Update]

  • April 4, 2019 at 09:20
    Permalink

    ko bn sub eka vena link valatane yanne meken

    Reply
    • April 10, 2019 at 07:10
      Permalink

      Wenama google search karala download karhn

      Reply
  • April 17, 2019 at 07:03
    Permalink

    thanks ……………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!