To Let (2019) | නිවසක සෙවණට වරම් නොලද්දෙමි

ලෝක සිනමාවේ කොච්චර කරක් ගැහුවත් ගොඩක් දෙනාට සිංහල සිනමාවට පස්සේ වැඩියෙන්ම සමීප ඉන්දියානු සිනමාවනේ. ඉන්දියාව ඇතුළෙත් කොච්චර නම් සිනමා නිර්මාණ බිහි වෙනවද? තෙලංගානා ප්‍රාන්තයේ තෙළිඟු සිනමාව රජ කරද්දී කේරළයෙන් මලයාලම බිහිවෙනවා. තමිල්නාඩුව ආශ්‍රිත දමිළ සිනමාව වැඩ පෙන්වනවා. අවුරුද්දකට ෆිල්ම් කීයක් නම් එළියට එනවද? හැබැයි මේ දහස් ගාණක් චිත්‍රපටි අතරේ ඉන්දියාව හෙල්ලෙන ජාතියේ නිර්මාණ බිහිවෙන්නේ හරිම කලාතුරකින්. ToLetකියන්නෙත් ඉන්දියානු සිනමා කර්මාන්තයම හොල්ලපු ෆිල්ම් එකක්. හැමදාම අඩි හයේ ෆයිට් කෑලි බලන එකේ පොඩි වෙනසකට කැමතිද? එහෙනම් මේ තමයි කියාපු බෙහෙත!

ජාත්‍යන්තර සිනමා උළෙලක් නියෝජනය කරනෙක කොයි තරම් නම් අමාරුද? හැම සිනමාකරුවෙක්ටම ඒ වාසනාව නැහැ. හැබැයි අපේ ඩිරෙක්ටර් මහත්තයා Chezhiyan නම් නියම වාසනාවන්තයා..! සිනමා උළෙලන් 100කට අධික ප්‍රමාණයකට ඔහුගේ මෙම සිනමා පටය නිර්දේශ වුණා. එතනින් 1/3ක්ම ජය ගන්නත් සමත් වුණා. ඉතින් එසේ මෙසේ භාණ්ඩයක්ද මේ… අපොයි නෑ!!

64වන ජාතික සිනමා උළෙලේ හොඳම දමිළ චිත්‍රපටය..
කල්කටා අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම ඉන්දියානු සිනමා පටය…
ලොස් ඇන්ජලිස් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම පවුලේ චිත්‍රපටය..
ලිසිට් එක ඔතනින් ඉවර වෙන්නේ නැහැ. තව සම්මාන 30ක් තියෙනවා. නිර්දේශ වීම් 84ක් තියෙනවා. කතාව දිග්ගැස්සෙන හින්දා ඔය හැම සම්මානයක් ගැනම මෙතන කියන්නේ නැහැ. ලිපිය අවසානයට එකතු කරන්නම්.

ඇත්තටම මොකක්ද මේ චිත්‍රපටිය? මෙච්චර වටින ෆිල්ම් එක?
කතාව යන්නේ මෙහෙමයි,

ඉලන්ගෝ කියන්නේ සිනමා සහාය අධ්‍යක්ෂකවරයෙක්. සිම්පල් පවුලක් තියන්නේ… නෝනා අමුධා සහ අවුරුදු පහේ පුංචි පුතා සිද්ධාර්ත්! හැබැයි ගෙදරක් නෑ. ඉන්නේ කුලියට. ඒත් ගෙදර අයිතිකාරයන්ගේ කරදර හින්දා දවස් 30ක් ඇතුළත කුලී ගෙයින් වෙන ගේකට යන්න වෙනවා. අතේ පිච්චිය නැතිව අලුතෙන් කුලී ගෙයක් හොයාගන්න දවස් 30ක් ඇතුළේ කරන අරගලය තමයි චිත්‍රපටියට පාදක වෙලා තියන්නේ. මන් සාමාන්‍යයෙන් ලිපියේදී කතා සාරාංශය නොකිව්වට මෙතනදී කිව්වේ Family|Dramaවර්ගීකරණයට අයිති මේ වගේ චිත්‍රපටි බලන්න පිස්සු වැටිලා ඉන්නේ වෙනම රසික පිරිසක් හින්දයි…

Chezhiyanගේ අධ්‍යක්ෂණයට නිෂ්පාදනයෙන් හවුල් වෙන්නේ ඔහුගේම බිරිඳ Prema Chezhiyanවිසිනි. ඒ La Cinema නැමැති තම පවුලේ චිත්‍රපට ආයතනය වෙනුවෙනි. තිර පිටපතත් ඔහුගේයි. විශේෂත්වය තමයි වසරේ හොඳම ඉන්දියානු චිත්‍රපටිය වුණත් කිසිදු ප්‍රවීණ නලු නිළියක් මෙහි නොමැති වීමයි. චිත්‍රපටියේ දක්නට ලැබෙන සියලු දෙනාම ක්ෂේත්‍රයට නවකයන්. දින 25ක් ඇතුළත රූගත කිරීම් ඉවර වුණා කියලත් සඳහන් වනවා. මේ වසරේ පෙබරවාරි 21වනදා තිරගත වීම ඇරඹි මෙයට 8.4 IMDb අගයක් හිමිවෙනවා. 93% ප්‍රේක්ෂක ප්‍රතිචාරත් තමන් සතු කර ගන්න සමත් වෙනවා. Behindwoods වැනි වෙබ් අඩවිවල තියෙන විචාරත් හරිම ඉහළයි. කතාව තවත් දිග්ගස්සන්නේ නැතිව දැන් අර පොරොන්දුව ඉෂ්ට කරන්නම්. ඉතින් ඔය පහළින් දාලා තියන්නේ ToLetචිත්‍රපටිය ලබා ගත් සියලු සම්මාන ඇතුළත් ලැයිස්තුව. පින් ඇත්තෝ කියවත්වා!

  • Winner- Best Indian film- Kolkata International Film Festival, India
  • Winner- World Human Rights Silver Award – World Human Rights Awards, Indonesia
  • Winner- Best dramatic Feature – South Film and Arts Academy Festival, Chile
  • Winner- Best Sound Design – South Film and Arts Academy Festival, Chile
  • Winner- Best Lead Actress – South Film and Arts Academy Festival, Chile
  • Winner- Best Production Design – South Film and Arts Academy Festival, Chile
  • Winner- Best Child Actor, Oniros International Film Festival, Italy
  • Winner- FIPRESCI Award, Benglauru International Film Festival, India
  • Winner- Best Director, International Independent Awards, California
  • Winner- Best Feature Film, Eurasia International Film Festival, Eurasia
  • Winner- Best Feature film, Fuori Mercato -Como Independent Film Festival, Italy
  • Winner- Best Indie Film,European Cinematography AWARDS,Poland
  • Winner- World Woman Awards, Silver Award, Indonesia
  • Winner- Best Tamil film, 65th Indian National Awards,India
  • Winner- Best Director,Barcelona Planet Film Festival,Spain
  • Winner- Best Director,Innovative Film Festival, Bengaluru
  • Winner .Best Actress, Innovative Film Festival,Bengaluru
  • Winner- Best Feature Film – Rome Prisma Awards, Rome
  • Winner- Best Cinematography Award MIFF, Milano, Italy
  • Winner- Best Family Film – Best Fiction Film Festival,Los Angeles
  • Winner- Award of Merit Special Mention – The Indie Fest Film Festival, California
  • Winner- Silver Palm Award, Mexico International Film Festival, Mexico
  • Winner- Best Feature Film – Almaty Indie Film Festival, Kazakhstan
  • Winner- Best feature Film – Pondicherry International Film Festival
  • Winner- Best Director – Pondicherry International Film Festival
  • Winner- Best Editor – Pondicherry International Film Festival
  • Winner- Special Jury Mention award in International Competition – 49th IFFI Goa
  • Winner- Best Family Film, Family & Social International Film Festival White Whale Festival,Los Angeles
  • Winner- Best Indian Film, All Lights India International Film festival, Hyderabad
  • Winner- Best Actor, Cult Critic Movie Awards, India
  • Winner- Best Supporting Actress, Cult Critic movie Awards, India
  • Winner- Best Independent Film, Five Continent International Film festival, Venezuela

මන් මෙතනට Nominations and Official selections එකතු කළේ නැහැ. ඒ ලිස්ට් එකත් කියවන්න කැමති කෙනෙක් ඉන්නවා නම් විකිපීඩියා අඩවියට ගිහින් බලන්න පුලුවන්. කිසිදු ප්‍රවීණ නළු නිළියකගෙන් තොරව මුලු ඉන්දියාවෙම හොඳම චිත්‍රපටිය බවට පත් වුණු මෙයට ලැබුණු විචාරක පැසසුම් නම් එමටයි. ඇකඩමි සම්මානලාභී ඉරාන ජාතික සිනමාකරුවෙක් වනAsghar Farhadi කියා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම පරිපූර්ණ චිත්‍රපටියක් වන බවයි. වෙනස්ම කන්සෙප්ට්වලින් ඉන්දියානු චිත්‍රපටි ක්ෂේත්‍රය හොල්ලපු Adoor Gopalkrishnan පවා මෙය ඇගයුමට ලක් කරලා තියෙනවා. ඔබ නැතිව ඔබ එක්ක, පුරහඳ කළුවර, ආකාස කුසුම් වැනි විශිෂ්ට ගණයේ නිර්මාණ රාශියක් ලාංකීය සිනමාවට දායාද කළ ප්‍රසන්න විතානගේ වරක් සහතික කළේ, මෙය මානුෂීය හැඟීම්වලින් පිරුණු අව්‍යාජ නිර්මාණයක් බවටයි.

තව දුරටත් විස්තර කරන්න ඕනේ නෑනේ. කෙටියෙන්ම කීවොත්, ToLet කියන්නේ මුලු ඉන්දියාවෙම හොඳම චිත්‍රපටය බවට පත් වුණු සලරුවක්!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | ESub | 700MB |

Direct Download

| HDRip | x264 | SD | 186MB | 

| HDRip | x264 | SD | 398MB | 

| HDRip | x264 | SD | 697MB | 

| HDRip | x264 | 720p | 1GB |

| HDRip | x264 | 720p | 1.4GB |

| HDRip | x264 | 1080p | 2GB |

| HDRip | x264 | 1080p | 2.4GB |

HDRip | x264 | 1080p | 3.4GB |

| HDRip | x264 | 1080p | 4.4GB |

| HDRip | x265 | 720p | 750MB |

| HDRip | x265 | 720p | 900MB |

| HDRip | x265 | 1080p | 1.5GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “To Let (2019) | නිවසක සෙවණට වරම් නොලද්දෙමි

  • April 16, 2019 at 23:19
    Permalink

    Me tike dapu films tika supiriiiiii,,,,,,,,,,,,, ANNIYAN film ekat dennkoo…………………………

    Reply
    • April 18, 2019 at 22:38
      Permalink

      Ok balamu. Baiscopelk eke Subtitle ekata galapena eka thamai denna ona. Ehema ekak hoya ganna puluwan una gaman aniwaren danawa.

      Reply
    • April 22, 2019 at 00:26
      Permalink

      Onna oya illapu nisa, Anniyan 2005 , dunna.

      Reply
  • April 17, 2019 at 19:29
    Permalink

    oya link eken dawnlod kara gann ba ne bro google eken gnnth b mokk hari seen ekk thiyed e gana

    Reply
  • April 19, 2019 at 07:31
    Permalink

    Yariyaan 2014 ,junooniyat 2016 ,sense8 christmas special 2016 link ekath denna…………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!