Petta (2019) | මම ගොඩක් හොඳ එකෙක් නෙවෙයි! [Proper HDRip Update]

හොඳ කෙනෙක් වෙන්න හැබැයි ගොඩක් හොඳ කෙනෙක් වෙන්න එපා..!

ඒයි..! කාටම හරි ගෙදර ගෑණි දරුවො ගැන කැක්කුමක් එහෙම තියෙනව නම්! ඔහොම්ම පැනලා යන එකයි ඇත්තේ..!
මරන්න තරහින් ඉන්න‍ේ පුතෝ.! අම්මප එකෙක්වත් මරන්නේ නැතුවනම් අතඅරින්නේ නෑ..!

දෙදාස් දහනවයේ ජනවාරි මාසේ නවවෙනිදා ලෝක වාසී හිංදු ආගමික ජනතාවට සහ දමිළ සිනමා රසිකයින්ට වගේ්ම Super Star රජිණි ගේ රසිකයන්ටද විශේෂ දවසක් උනා. තෛයි පොංගල් දිනය සමරන සතිය උ එක සමාඟාමිව තිරගත කරන්න යෙදුන දමිළ සිනමාවේ දැවැන්තයන් දෙනෙකුගේ චිත්‍රපට දෙකක්ම නව වෙනිදා හා දහවෙනිදා යන දින දෙකෙ සිට තිරගතකිරීම ආරම්භ කරපු නිසා! ඇත්තටම මේ වගේ අවස්ථාවක් උනොත් රසිකයෝ විදියට අපි මොකද කරන්නේ කාගේ චිත්‍රපටියද ඉස්සෙල්ලා බලන්නේ? පොඩ්ඩක් ඉන්න මට දෙයක් අමතක උනා දැවැන්තයෝ දෙන්නගෙන් එක්කෙනෙක් ගැන කිව්වට අනිත් කෙනා ගැන කිව්වේ නෑනේ! ඒ කවුරුවත් නෙවෙයි දමිළ සිනමාවේ පතාක යෝධයකු වන අජිත් කුමාර් නොහොත් තල අජිත්! ඒ නම් දෙක කිව්වම කට්ටිය දන්නව ඇතිනෙ කවුද කියලා! ඉතින් මමත් අර ඉස්සෙල්ලා කිව්ව ගැටලුවට මුහුණ දුන්නා දෙන්නම හොඳයි අවුලක් නෑ ඒත් ඉස්සෙල්ලා බලන්නේ කාගේ එකද.? කොහොමින් හරි චිත්‍රපටි දෙකටම උපසිරැසි කරන්න භාරගෙන තිබුන නිසා අවසානෙදි සිනමා ශාල‍ාවේ 10.30 දර්ශණ වාරයේ අජිත්ගේ චිත්‍රපටයත් එම සිනමා ශාලාවේම 2.30 ට පෙන්නපු මේ චිත්‍රපටියත් බලලම තමයි ආවේ.!

රජිනිකාන්ත් කිව්වම නොදන්න කවුරුවත් නැති තරම් ඒ තරම්ම ප්‍රසිද්දයි පෞරානිකයි දැනට ලෝකයෙන්ම මාදිලි හතරක සිනමා පටවලට රඟපාලා තියෙන එකම නළුවා රජිණි කාන්ත් ඒ කිව්වේ හතර වර්ගයකම කළුසුදු, වර්ණ, ඇනිමේෂන්, හා 3D යන ප්‍රභේද හතරේම චිත්‍රපට සඳහා තම රංඟනය ලබාදී ඇති සමස්ත ලෝකයේම එකම නළුවා රජිණ කාන්ත්ය!

වයසට ගියත් හවසට ගෙදර කියනවා වගේ කොච්චර කාර්ය්‍ය බහුල වුනත් හැටනව හැවිරිදි රජිනි තම රසිකයින්ව නම් කවදාවත් අමතක කරේ නෑ. ඒ තමන්ගෙ රසිකයන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ද කරමින් ඔවුන් බලාපොරොත්තුවන ආකාරයේ සිනමා නිර්මාණ හරහා නිරන්තරයෙන්ම නැතත් කලින් කලට හෝ ඔවුන්ගේ අතරට පැමිනෙමින්.! තමන්ටම ආවේනිකවු රංඟන ශෛලයකින් හෙබි ඔහු රසිකයින්ගේ සිත් ‍සොරාගෙන එක්තැන් කරගන්නට උපන්හපන් වු රංගධරයෙක්.! දමිළ සිනමාවේ පමණක් නොව සමස්ථ ඉන්දියාවේම භේදයකින් තොරව ගෞරවාදාරයට නිරතුරුවම පාත්‍රවන්නා වු රජිණි ඉන්දීය රජය විසින් ඉන්දීය පුරවැසියකුට පිරිනමන්නාවූ ඉහලම සම්මානයන්ගෙන් පිදුම් ලද පුද්ගලයෙක්.! ඒ 2000 වසරේ දී පද්ම භූෂණ සම්මානය, 2016 වසරේ පද්ම විභූෂණ යන සම්මානයන්ද ලබා ගනිමින්.!

ඉතින් Petta 2019 කියන්නේ රජිනිගේ තවත් සුවිශේෂි සිනමා පටයක් මේ චිත්‍රපටයේ ඔහු හා රංගනයෙන් තවත් දමිළ සිනමාවේ පෙරලියක් කල දක්ෂතම නළුවෙක් හා දමිළ සිනමාවේ නිලි රැජිණන් ලෙසින් අභිෂේක ලැබු නිලියන් යුගලයක් ද එක්ව සිටිනවා. ඒ පිලිවෙලින් අප කවුරුත් දන්නා චරිතාංග නළුවකු වන  Vijay Sethupathiසමඟින්  Simran හා Trisha Krishnan යන රංගන ශිල්පිීන් ත්‍රිත්වයයි.!  මෙම චිත්‍රපටයේ රඟපෑම නිසා තම සිහිනයක් සැබෑවු බව Trisha විසින් පවස‍ා තිබෙනවා ඒ තම ජිවිතයේ ප්‍රථම වරට රජිණි කාන්ත් සමඟින් රංගනයේ යෙදුන නිසා වෙන් බව ඇය වැඩිදුරටත් පවසා සිටියා .ඒ වගේම හින්දි සිනමාවේද චරිතාංග නළුවකු වනNawazuddin Siddiqui ද මෙහි රංගනයේ යෙදීම විශේෂ කරුණක්.! ඔහුගේ ප්‍රථම දමිළ සිනමා ආගමනයද මෙයයි..! දැනට පවතින තොරතුරු අනුව මෙම චිත්‍රපටයේ බොක්ස් ඔ‍ෆීස් ආදායම ඉන්දීය රුපියල් කෝටි 250 කි. මේ සඳහා imdb හි මනාප 4521 කින් 7.9/10 ක අගයක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. ඉහල ධනාත්මක සමාලෝචන මධ්‍යයේ තිරගතවු මේ සිනමාපටය මගින් රජිණි කාන්ත්ගේ ඔහුටම ආවේනිකවු ඒ කතා ශෛයිලය,නර්ථන ශෛයිලය,සටන් ජවනිකා රඟ දැක්වීමේ ශෛලයන් මනා ලෙසින් දැක ගන්නට පුලුවන්..! ඒ වහෙම M. Sasikumar ගැනත් විශේෂයෙන් සඳහන් කල යුතුයි. Naadodigal (2009), Sundarapandian (2012), Kutti Puli (2013) and Tharai Thappattai (2016) සිනමාපට හරහා ඔබ හමුවට පැමිණි ඔහු මේ චිත්‍රපටයේ රජිනිකාන්ත්ගේ හොඳම මිතුරා ලෙසින් රංගනයේ නිරත වනවා. චිත්‍රපට නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, ගායකයෙක් සහ නිෂ්පාදකවරයෙක් විදිහට සසිකුමාර් දමිල සිනමාවට කල සේවය කියා නිම කරන්නට බැරි තරම්.

චිත්‍රපටයේ අධ්‍යක්ෂණය- Karthik Subbaraj

නිෂ්පාදනය – Kalanithi Maran

කතාව – Karthik Subbaraj

බොක්ස් ඔ‍ෆීස් ආදායම -ඉන්දීය රුපියල් කෝටි 250 කි.

(දැනට ඇති තොරතුරු අනුව) චිත්‍රපටය සඳහා ධනාත්මක විචාරක ප්‍රතිචාරයන් මෙසේය.

අවසාන වශයෙන් බයිස්කෝප් සිංහලෙන් හා එක්ව සිටින දමිළ සිනමා රසික රසිකාවියන් හට මේ සිනමා පටය නරඹන ලෙසට ආරාධනා කරමින් අදට මා සමුගන්නවා. (අද නම් චිත්‍රපටියේ කතාවනම් කියන්නේ නෑ) සමුගන්නට පෙරාතුව මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට අපි වෙබ් අඩවියේ සංස්කාරකවරයෙකු වන අශාන් විමුක්ති සොයුරාට (විමා) ස්තුති කරන අතරම මාගේ සහෝදර උපසිරැසිකරුවකු වන තාරක නුවන් දිල්හාර මල්ලිට විශේෂ ස්තුතිය පිරිනමනවා. මාගේ රාජකාරි කරන ස්ථානයේ විදුලි බලය දුරකථන ග්‍රාහක සංඥා නැති නිසා අසාලිවීමක් ලෙසින් උපසිරැසි නිර්මාණය කර ඇති මේ චිත්‍රපටය සඳහා හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත්වු විගස තාරක නුවන් දිල්හාර සොයුරා විසින් ඔබ හමුවට මෙය ඉතා ඉක්මණින් ගෙන එනවා ඇති. එසෙනම් 2.0 (2018) සිනමාපටය සමඟින් නැවතත් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා. කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා.!

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි…!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | ESub | 700MB |

Direct Download

| HDRip | Esub | x264 | 200MB |

| HDRip | ESub | x264 | 400MB |

| HDRip | ESub | x264 | 700MB |

| HDRip | 720p | x264 | 1.4GB |

| HDRip | 1080p | x264 | 2.5GB |

| HDRip | 720p | x265 | 1GB |

| HDRip | 1080p | x265 | 1.7GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!