Death Note AKA Desu nôto [S01 : E27 & E28] | කොහොමද දෙවැනි L …!

කොහොමද යාලුවනේ! ඔන්න මම ඩෙත් නෝට් එකෙ දාහතරවෙනි කොටසත් අරන් බයිස්කෝප් අඩවියට ගොඩවැදුන.

ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ  Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ  10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, Drama, Fantasy, Thriller, Mystery, Crime ගණයන්ට අයිති වෙනවා ඒ වගේම මේ  Tv series එකේ නිෂ්පාදනය  කරලා තියෙන්නේ Masao Maruyama කියන නිෂ්පාදකවරයා,  අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tetsurou Araki කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි.

මම කලින් කතාව ගැන මතක් කරලා ඉන්නම්.යගමි ලයිට් කියන්නේ උසස් පාසල් ශිෂ්‍යයෙක් එයාට දවසක් මරණයේ දේවියගේ ඩෙත් නෝට් එක හම්බ වෙනවා.ලයිට් ඒ පොතේ බලය ගැන දැනගත්තම ඒ පොතට කරන්න පුළුවන් දේවල් හොයා ගන්නවා.ඒ පොතේ නම ලියන ඕනම කෙනෙක් මැරෙනවා.ලයිට් මේ ලෝකේ යහපත් තැනක් කරන්න හිතාගෙන හිරේ ඉන්න අපරාධකාරයන්ව මරනවා .එකෙන් ඒ මරණ කෙනාට කීරා කියලා නම පටබන්දෙනවා.එත් මරනවා කියන්නේත්  මිනී මැරුමක් නේ .මේ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වනවා මේ පරීක්ෂණ කරන්නේ L කියන කෙනා.මිනිස්සු මේ අපරාදකාරයන්ව මරණ කෙනාට කියන්නේ කීරා කියලා .L,ප්‍රසිද්දියේම කීරාට අභියෝග කරනවා තමන්ව මරන්න කියලා එත් ඒක කරන්න ලයිට් ට බැරි වෙනවා මොකද Lගේ ඇත්ත නම දන්නේ නැති නිසා.එත් කීරා දිගටම අපරාදකාරයෝන්ව මරනවා. ඔන්න ඔහොමයි මෙච්චර දුර කතාව.

හාහ් L මැරුණා, එතකොට එච්චරද… නැහැ ඉවරම නැහැ L වගේම දෙන්නෙක් මේ එපි වලදී L ගේ තැනට එනවා. හැබැයි මේ දෙන්නගේ වෙනසක් තියනවා ඒ මොකද්ද කිව්වොත් එක්කෙනෙක් වැඩ කරන්නේ නීතියට අනිත් කෙනා නීතියෙන් පිට එත් දෙන්නගෙම ඉලක්කය තමයි කිරාව අල්ලන එක, කොහොම නමුත් ඔයාල දන්නවා පොලිසිය ගාව ඩෙත්නොට් එකක් තියනවා ඒ වගේම මේ නෝට්බුක් ගැන ගොඩක් දේවල් පිටටත් ගිහින්. ඉතින් නීතියෙන් පිට ඉන්න කෙනා ගේ පලවෙනි ඉලක්කය වෙන්නේ ඔය පොලිසිය ගාව තියන නෝට්බුක් එක ඒක ගන්න ඒක ගන්න එයා පොලිසියේ පරීක්ෂක අංශයේ ප්‍රධානිතුමාව ඒ කියන්නේ ලයිට්ගේ තාත්තගේ ලොක්කව අල්ලගන්නවා එයාව නිදහස් කරන්න නම් පොලිසිය ගාව තියන නෝට්බුක් එක ඉල්ලනවා එත් කිරා ප්‍රධානිතුමාව මරල දානවා එතකොට නෝට්බුක් එක දෙන්න ඕන නැහැ නේ ඉතින්. මේකට පිළිතුරු විදියට අරකෙනා ලයිට් ගේ නංගිව ඒ කියන්නේ අපේ යගමි ප්‍රධානිතුමාගේ දුවව පැහැරගන්නව. ඉතින් ලයිට් මොකක් කරයිද ලයිට්ට ඉස්සෙල්ලා වගේ මරන්නත් බැහැ මොකද දැන් පැහැරගෙන තියෙන්නේ එයාගෙම නංගිව නීතියට වැඩ කරන කෙනා මේ වෙලාවේ උදව් කරයි ද කියල දැනගන්න මේ එපසොඩ් දෙක බලන්න වෙනවා.එහෙනම් අදට මං ගියා ආයෙත් අනිද්දට ඊළඟ කොටසින් හමුවෙමු.
ඔබට ජය!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BDRip | x265 10bit | 720p | 4GB | Complete S01 

Direct Download

| BDRip | x265 10bit | 720p | 100MB | E27 |

| BDRip | x265 10bit | 720p | 110MB | E28 |

| BDRip | x265 10bit | 720p | 4GB | COMPLETE S01 |    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!