Thadam (2019) | විද්‍යාවෙන් සාක්ෂි වසන් කිරිම.!

ඉහත ඡේදයේ සඳහන් කරලා තියෙන විදියට අද කාලේ සිනමා කර්මාන්තය පවා වෙනස්ම මඟකට පැමිණ තිබෙනවා. බොහොමයක් වර්තමානයේ නිර්මාණය වෙන සිනමා නිර්මාණවල වැඩි වශයෙන් දකින්න තිබෙන දෙයක් තමයි සත්‍ය කතා සිදුවීම් පාදක කරගෙන වගේම නව තාක්ෂණය ගැන, නවීන විද්‍යාවේ පවා තවමත් සොයාගැනීම් සිඳුකරමින් පවතින විෂයන් පිළිබඳව හා සාමාන්‍ය කෙනෙකුට සිතීමට පවා අපහසු කාරණාවන් උදාහරණයක් විදිහට කාලය හරහා ගමන් කිරීමේ න්‍යායන්, අධිඅස්වාභාවික දේවල්, අතී නවීන තාක්ෂණික දේවල් ගැන කෙසේ නමුත් මේ දේවල් බොහොම රසවත් ලෙසින් ප්‍රේක්ෂකයින්ට ඉදිරිපත් කරන්නට වර්තමාන සිනමා නිර්මාණකරුවන් හටද තිබෙන්නේ මහත් උද්යෝගයක් බව මනාව පැහැදිලි වෙන කරුණක්.!

Should Be Considered :- Based On True Story

අද කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් අප දන්නා කියනා දෙයක අපි නොදන්නා පැතිකඩක් ගැන. Action,Crime,Thriller,Mysteryවර්ගීකරණය යටතේ නිර්මාණය වූ මේ චිත්‍රපටය 2019 මාර්තු මාසේ 01 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ කර ඉතා සූක්ෂම විදිහට ප්‍රේක්ශක සිත් පැහැරගනිමින් අවසානයේ බ්ලොක්බස්ටර් හිට් ලේබලය අලවාගන්නට සමත් වුනු සිනමා පටයක්.! චිත්‍රපටය මේ වන විට ජාත්‍යන්තර චිත්‍රපට සංචිත දර්ශකයේ 10/8.7 ක අගයක් වාර්තා කරන අතර මෙම චිත්‍රපටය Magizh Thirumeni නම්වු අධ්‍යෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් හා රචනයෙන් හැඩුවූවන සත්‍ය සිදුවීම් පාදක කරගෙනද නිර්මාණය වුවක්..! දමිළ සිනමා රසිකයින්ට මතක ඇති මෙම අධ්‍යක්ෂකවරයාගේම මීටත් පෙර සිදුවු නිර්මාණ කීපයක් එවා නම් Thadaiyara Thaakka (2012), Meaghamann (2014) යන සිනමාපට ද්විත්වය. මෙම සිනමා පටයේ ප්‍රධාන රංගනයන්Arun Vijay සමඟින් කන්නඩ සිනමා නිලි Tanya Hope ( මේ ඇයගේ ප්‍රථම දමිළ සිනමාපටය) නවක නිලියක වන Smruthi Venkat ද සපයනවා.Kuttram 23 (2017)Chekka Chivantha Vaanam (2018) වැනි සිනමාපටද රඟ පෑ Arun Vijay ගේ රංගන ප්‍රතිභාව ගැන යමක් පැවසුවහොත් Yennai Arindhaal (2015) දමිළ සිනමා පටය එහිදි මොහු සාම්ප්‍රදායික වීරයාගේ චරිතයෙන් මිදි ප්‍රතිවීර චරිතයක් රඟ දැක්වුවා ඔබට මතක ඇති. එහිදි ඔහුට තම රංගන හැකියාවේ තවත් හැරවුම් ලක්ෂයක් ප්‍රේක්ෂකයින් හට ඉදිරිපත් කිරිමට හැකිවුවා නොඅනුමානයි.


– අරුන් විජේ, ඉන්දර් කුමාර් (නිෂ්පාදක), මගීල් තිරුමුණී (අධ්‍යක්ෂක) –

ඉතින් මං මුලින්ම කිව්වා වගේ හැමදේම පරිනාමනය වන මේ කාලෙදි උපසිරැසිකරුවන් වන අපද එසේ විය යුතු බව මා සිතනවා. අද කාලේ ඉල්ලුම එහෙමත් නැතිනම් Trend එකට අනුව ලිපි සැකසීමට පවා අප බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩා‍යමේ සහෝදර උපසිරැසිකරුවන්ද පෙලඹි තිබෙනවා. එහෙනම් සිනමාපටයේ තිබෙන කතාව ගැන නම් නෙවෙයි මේ කියන්න සූදානම් වන්නේ.! කතාව මොකක්ද කියලා අහන්නත් එපා..! එහෙමනම් ලෑස්තිවෙන්න චිත්‍රපටයක් බලන්න නෙවෙයි අපරාධ පරික්ෂණයක් කරන විදිය පැත්තකින් වාඩි වෙලා බලා ඉන්නට.!

බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායම කියන්නේ ප්‍රේක්ෂක ඔබ සැමට නිරන්තරයෙන්ම විදේශ සිනමාපට සඳහා උපසිරැසි ලබාදෙමින් විනෝදාස්වාදය ලබාදෙන අතරම දැනුමින්ද නිතර නිතර පෝෂණය කිරීමට ඇප කැපවී වෙහෙසෙන පිරිසක් බව ප්‍රේක්ෂක ඔබ සියලු දෙනා හොඳින් දන්නා කරුණක්.! ඒ කාරණාව විවාදයකින් තොරවම කිසිම සැකයක් නැතුව කියන්නත් පුලුවන් දෙයක්.! එය තවත් සනාථ කරමින් චිත්‍රපටය‍ට අදාල වන තවත් විද්‍යාත්මක කාරණාවක් ඔබ හමුවේ දිග හැරිමට අවසරයි…

මේ කියන්න යන්නේ චිත්‍රපටයට පාදක උන පොදු කරුණක් ගැන ඇතැම් අය මේ ගැන දන්නවත් ඇති. සමහර අය දැනගෙන හිටියත් අමතක වෙලත් ඇති.කොහොමින් හරි ඔබ කවුරුත් හොඳින් අහලා තියෙන වචනයක් තමයි D.N.Aකියන අකුරු තුන ඇත්තටම මේක වචනයක් නෙවෙයි කෙටි යෙදුමක් Deoxyribo Nucleic Acid ( සිංහල තේරුම- ජිවීන්ගේ ප්‍රවේණි කේත සහිත අණුව) යන වචනය කෙටි කරලා තමයි D.N.Aකියලා කියන්නේ.! ජිවියෙකුගේ වර්ධනය,ප්‍රජනනය,විකාසනය,ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍යය වන ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරිමට තිබෙන එකිනෙක වටවු ද්විත්ව හෙලික්සීය හැඩයකින් එතුණු දාම දෙකකින් සමන්විත යුක්ත අණුවක්.! කෙටියෙන් විස්තර කරොත් ‍ඒවිදියට දක්වන්න පුලුවන් එසෙනම් D.N.A කියන දේ පිලිබඳව මම සඳහන් කරන්න යන්නේ නෑ අවශ්‍යය නම් වෙනත් අදාලම තැනකදි ඒ ගැන සාකච්චා කරමු.

ඒ වගේම කවුරුත් දන්න දෙයක් තමයි D.N.Aකියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් කියන කාරණාව.බහුලව අපරාධ පරික්ෂණ සිදු කිරිමේදි පුද්ගලයෙකුගේ නිර්දෝෂිභාවය ඔප්පු කිරිමට යොදාගන්නා ප්‍රභල සාක්ෂි අතරට D.N.Aපරික්ෂණ වාර්ථාවද ගන්නේ ප්‍රමුඛ ස්ථානයක්.!

  • ලොව ප්‍රථම වරට අපරාධකරුවන් හඳුනාගැනීමට D.N.A සාක්ෂි භාවිතා කිරිම ආරම්භ කලේ 1980 වර්ශයේ ඒ D.N.A ඇඟිලි සලකුණු තාක්ෂණයේ ආධාරයෙන්.!

අපි කවුරුත් දන්නා කරුණ තමයි D.N.Aකෙනාගෙන් කෙනාට වෙනස් ඒක කවදාවත් සමාන වෙන්නේ නෑ කියන කාරණාව හැබැයි මේ සිනමා පටයෙන් කියන්නේ ඔය සම්මතයෙන් එහාට ගියපු කාරණාවක් ගැන. කවුරු හරි කිව්වොත් පුද්ගලයින් දෙදෙනෙකුගේ D.N.A එක සමාන බව ඔබ පිලිගන්නවද.? අනිවාර්යයෙන් ඔබ කියයි ඒක වෙන්න බෑ කියලා එහෙනම් ඒ වගේ දේවලුත් මේ ලොකේ වෙනවා කියල දැනගන්න. ඔබ අහලා තියෙනවා නිවුන්නු ගැන.? අහලා ඇති හැබැයි නිවුන්නුන්ගේ ප්‍රභේද වර්ග දෙකක් තියෙනවා ඒවා නම්..

1 . එකාකාර (සර්වසම) නිවුන්නු (identical twins)
2 . දෙ ආකාර (විසම) නිවුන්නු (nonidentical twins)

නිවුන් දරුවන් හටගන්නා ආකාරයන්

01.සර්වසම                              02.දෙආකාර

1. ඉහත රූප සටහනෙ අංක එක රූපයේ දැක්වෙන සර්වසම නිවුන්නු. (Identical Monozygotic)
සර්වසම නිවුන්නුද උපදින්නේ සාමාන්‍යය ලෙසින් ඩිම්බයක් සංසේචනය වී යුක්තාණුවක් හටගෙන දෙකට බෙදීමෙන් එකිනෙක වෙන්වී එය යුක්තාණු දෙකක් ලෙසින් ගර්භාෂයට සම්බන්ධ වී කලලයන් දෙකක් සෑදේ. මේ කලලයන් දෙකෙහිම එකසමාන වර්ණදේහයන් තිබෙන නිසා එයින් උපදින දරුවන් සර්වසම නිවුන්නු කාණ්ඩයට අයත් වේ.

2. රූප සටහනේ දෙවෙනි කොටස අනුව විසම/දෙආකාර නිවුන්නු. ( Fraternal Dizygotic)
එම උපත් සිදුවන්නේ ඩිම්බ කෝෂ වලින් එකවර ඩිම්බ දෙකක් මුක්ත වීමෙනි. එවිට මේ ඩිම්බයන් දෙක වෙන වෙනම සංසේචනය වී යුක්තාණු දෙකක් සෑදීමෙන් දරුවන් දෙනෙකු උපදි එම දරුවන් දෙආකාර නිවුන්නු කාණ්ඩයට අයත්වේ.

*මෙහිදි අපේ කතාවට වැදගත්ම වන්නේ පලවෙනි වර්ගයේ සර්වසම නිවුන්නුය.
ඔවුන්ගේ ගති ලක්ෂණ :- DNA එක සමාන වීම.
එකම පෙනුම.
අසමසම ඇඟිලි සලකුණු.

එහෙනම් මෙසේ ඔබ වෙත පුද කර සිටිනවා වසරේ තවත් සුපිරිම සිනමා අද්දැකීමක් සිංහල උපසිරැසි සමගින්ම. ත්‍රාසය, භීතිය, අපරාධ, අභිරහස්, වලින් සපිරි මේ සිනමා අද්දැකීම ඔබ මවිත කරනවා සැකයක් නැහැ. මග හැරගන්න එපා කියලා අවසාන වශයෙන් ඉල්ලා සිටින ගමන් අදට මා ඔබගෙන් සමුගන්නවා ඒ වගේම මාගේ කාර්ය්‍යබහුලත්වය වගේම විදුලි බලය,දුරකථන ග්‍රාහක සංඥා වැනි ගැටලු නිසා අසාලිවීමක් ලෙසින් කල මෙම සිනමාපටයේ සිංහල උපසිරැසිය ගුණාත්මක පිටපතක් අන්තර්ජාලයට නිකුත්වු විගස අප අඩවියේම සහෝදර උපසිරැසිකරුවකු වන තාරක නුවන් දිල්හාර මල්ලි විසින් ඔබ වෙත ගෙන එනවා ඇති. එමෙන්ම උපසිරැසිය බාගෙන යමින් ගමන් පහලින් ඔබගේ අදහස් උදහස්ද සඳහන් කර යන ලෙසද ඉල්ලා සිටිනවා. මොකද තවත් මෙවන් කටයුත්තක් කිරීම සඳහා අපට ඔබෙන් ලැබෙන එකම ඉන්ධනය, ඔබ වචනයකින් හෝ එකතු කරනා ඒ වටිනා අදහසයි. එහෙනම් තවත් දමිළ චිත්‍රපටයකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | ESub | 700MB |

Direct Download

| HDRIP | x264 | SD | 210MB | 

| HDRIP | x264 | SD | 397MB | 

| HDRIP | x264 | SD | 687MB | 

| HDRIP | x264 | 720p | 1.4GB | 

| HDRIP | x264 | 1080p | 2.5GB | 

| HDRIP | x264 | 1080p | 3.5GB

| HDRIP | x265 | 720p | 921MB |

| HDRIP | x265 | 1080p | 1.6GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!