Maro Charitra (2010) | නොමැරෙන ආදරයක් ….

“මිනිසා උපදින්නේ ආදරයෙන්…”
“ඔහු ආදරය සොයමින් ජීවත් වෙනවා…”
“ඔහුට ආදරය ලැබුනම,
ඔහු ඒ ආදරය වෙනුවෙන් සටන් කරනවා…”
“ඔහු සටන දිනුවොත්,සතුට වෙනුවෙන්,”
“ඔහු නැවත නැවතත් එනවා…”
“ඔහු පරාද වුනොත් මොකද වෙන්නේ?
ඔහු ආයෙත් දිනන්න එයි.
“ඒකයි හැමදාම දිනන ආදරය මායිම් නැත්තේ, මරනය අඩුවෙන්”

ඔන්න ඉතින් ආයෙත් ලස්සන තෙළිගු ආදර කථාවක් අරගෙන ඔයගොල්ලන්ව හම්බ වෙන්න ආවා.ඉතින් ඉස්සෙල්ලම ස්තූති වන්ත වෙනව මට මේකට උපසිරසි කරන්න වෙන් කරල දුන්නට බයිස්කෝප් ටීම් එකටයි, විශේෂයෙන් සිසිල ප්‍රසාද් අයියටයි.පරනයි කියල අතාරින්න එපා ලස්සන ආදර කථාවක් තියෙන්නේ.

අපි ආදරය කරන කොට ඒකට කොච්චරනම් බාධක එනවද,

කුලය, මුදල්, බලය ඒ වගේ බාධක කිහිපයක්. ඉතින් ඒවටත් වැඩිය ලොකුම බාධකය තමයි වැඩිහිටියන්, දෙම්පියන්. ගොඩක් ආදර වන්තයන් ආදරය වෙනුවෙන් ඒ වගේ බාධක ආවම සටන් කරන්න බැරුව ආදරයෙන් වෙන් වෙනවා…ඊටත් වැඩිය ආදර බාධක හමුවේ ගොඩක් තරුණ ජීවිත බලාපොරොත්තු සුන් වුනාම ජීවිතෙන් සමුගන්නවා.එහෙනම් ජීවිතයක් දෙන ආදරයක් වෙනුවෙන් මැරෙන එක සාධාරණද? නෑ…ඔයාට ඔයාගේ ආදරය රැක ගන්න ඊළග උපත වෙනකන් ඉන්න වෙනවද?……. ඒක මේ ආත්මෙදිම කරගන්න ඔනි..ඒකයි ජීවිතය…..ඒකයි ආදරය…ආදරය කවදාවත් මැරෙන්නේ නෑ….

  • කාණ්ඩය : Romance
  • අධ්‍යක්ෂණය : Ravi Yadav
  • රංගන ශිල්පීන් : Aadarsh Balakrishna, Shradha Das, Anita Galler
  • කථාව රචනය : Umarji Anuradha, K. Balachander
  • විකාශණය : 25 March 2010 (USA)
  • IMDB අගය : 3.3/10

කථාව ගැන කිව්වොත් බාලු ඇමරිකාවේ උපත ලබා ජීවත් වෙන තරුණයෙකි. ස්වප්නා ඇමෙරිකා එක්සත් ජනපදය තුලට පැමිනෙන්නේ තම පියාගේ තෙලිගු ජන භාෂාවලින් කරන ලද පර්යේෂණ සදහා සහය දැක්වීමටය. බාලුගේ නිවසට අසල්වාසි නිවස තුල මොවුන් පදිංචිය සදහා පැමිනෙයි. බාලු අධ්‍යාපන කටයුතු සදහා තම ගෙදරින් පිටව ගොස් සිටී. දිනක් බාලු තමාගේ අධ්‍යාපන කටයුතු වලින් මිදී විවේකයක් ගැනීම සදහා තම නිවස වෙත එන විට ඔහුගේ නෙත ගැටෙනුයේ ස්වප්නා කෙරෙහිය. ස්වප්නා හට කථා කිරීමට බාලු තැත් කරත් ස්වප්නා ඉන් මිදී තම නිවස කරා දිවයයි. පසු දිනක බාලුට ස්වප්නාව මුණ ගැසූණු විටකදී ඔහු ඇයට කථා කිරීමට ගියත් ඇය කිසිම දෙයක් නොපවසා සිටීමෙන් ඔහු දැනගන්නේ ඇයට කථා කිරීමට නොහැකි බවයි… පසුව මිනිසු බාලු සහ ස්වප්නා ආදරය, කිරීමට පටන් ගන්නේ දේව මෙහෙයකදී ඇය ගොළු බවට රගපෑම බාලු විසින් එය බොරුවක් බව දැනගැනීමෙන් පසුවයි. ඔවුන් දෙදෙනාටම දෙනො ආදරය කිරීමට පටන් ගත්තද ඔවුනගේ දෙමාපියන් ඊට විරුද්ධව ඔවුනගේ සියළු බලා පොරොත්තු කඩ කර දමයි.

දෙමව්පියන් ඔවුන්ව වෙන් කිරීමට ගන්නා පියවර වන්නේ දෙදෙනාම වසරක් පමණ හමුවීමට / මෙන්ම කථා කිරීමටද නොහැකිව සිටන ලෙසයි. එය සිදුකලහොත් පමණක් ඔවුන් දෙදෙනා විවාහ කර දෙන බව දෙමව්පියන් පවසයි. ස්වප්නාගේ දෙමව්පියන් ස්වප්නාගේ මස්සිනා කෙනෙකු ඇයට සම්බන්ධ කර බාලු හා ස්වප්නා අතර භේදයක් ඇති කිරීමට උත්සාහ කරයි. චිත්රපටයේ ඉතිරි කොටස ආදරය පැවතුනද, ප්‍රේමයෙන් සියලු බාධක ජයගනියිද නැද්ද කියලා බලන්න ඔයාලට භාර කරනවා.

තවත් ලස්සන උපසිරසියකින් හමුවෙනකම් තෙරුවන් සරණයි!

මෙහි ටොරන්ට් පිටපත සදහා උපසරසි නිකුත් කර ඇත. තවද මෙහි ටොරන්ට් පිටපට භාගත කිරීමේ අපහසුතාවය නිසා යූටියුබි හි ඇති පැය 02:27:39 ඇති වීඩියෝ පිටපත සදහා වේ උපසිරසි හොදින් ගැලපේ. උපසිරසි ඒ සදහාද නිකුත් කර ඇත..

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| DVDRip | x264 | SD | 700MB |

Direct Download

| DVDRip | x264 | 480p | 730MB |

| DVDRip | x264 | 720p | 1.2GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!