Wagah (2016)| දේශ සීමාව…

හැමෝම සැපෙන්, සතුටින්, සාමයෙන් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අපේ දමිළ චිත්‍රපටි රසිකයන්ට තවත් මේ වසරෙ නිකුත් වුන සිනමා පටයකට උපසිරැසි අරගෙන තමා මේ බයිස්කෝප් අඩවියට ගොඩ වෙන්නෙ.

ආයි ඉතින් අපේ රටේ කාටවත් යුද්ධය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මොකද ඉතින් වසර 30 පුරාවට තිබුන යුද්ධය දැන් අපේ රටේ නම් කාට පිං සිද්ද වෙන්න හරි ඉවරයි. මේ ෆිලුම ලංකාව ගැන දෙයක් නම් නෙවෙයි, ඒත් යුද්ධය සම්බන්ධ නිසයි එහෙම කිව්වෙ. මේ සිනමා පටය ඉන්දු – පකිස්තාන දේශ සීමා අරගලය අලලා නිර්මාණය කරපු එකක්. ආයි ඉතින් ඔය අරගලය ගැන අමුතුවෙන් කියන්න ඕන නැ අදත් (ඔක්තෝම්බර් 01) මම ප්‍රවෘත්ති වලට දැක්කා ඔය කේස් එක හින්දා සාක් සමුළුවත් දින නියමයක් නැතිව කල් දාලා කියලා. සිනමා පටය නමින් wagahwagah කියන්නෙ දේශ සීමවක්. වැඩි විස්තර කියන්න නම් මම දන්නෙ නැ. මේ සිනමා පටය මේ වනවිට IMDb දර්ශකයේ 5.2/10අගයක් ලබාගෙන තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක සදහා වික්‍රම් ප්‍රභූ සහා Ranya Raoරංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන ටිකක් විතර කියනවනම්…, ඉන්දියාවෙ එක ගමක අයියා මලෝ දෙන්නෙක් ඉන්නවා. මෙයාලා නෑදෑයො. කොහොමහරි ඉගෙනීමෙන් පස්සෙ මේ දෙන්නටම එයාලගෙ දෙමාපියන්ට අයිති කඩවල් කරගෙන යන්න බාර දෙනවා. මේ වැඩේ ටික දවසක් යනකොට මෙයාලට පා වෙලා අයියා හමුදාවට බැදෙන්න තීරණය කරනවා. මෙයාලා හිතන්නෙ හමුදාව කියන්නෙ හරි ජොලි තැනක් කියලා. කොහොමහරි සම්මුඛ පරීක්ෂණයෙන් මල්ලි සමත් වුනත් උස ප්‍රශ්නයක් නිසා අයියා අසමත් වෙනවා. මල්ලි තමා අපේ කතාවෙ ප්‍රධානියා වාසු. ඔහු සම්බන්ද වෙන්නෙ දේශ සීමා ආරක්ශක බලකායට. කොහොමහරි මෙයා කාශ්මීරයේ රාජකාරි කරන අතරතුරේදි පාකිස්තානයෙන් ආව ගෑණු ළමයෙක් හම්බවෙනවා. ඇය නමින් කනෝම්, වාසු කියන්නෙ කාජල් කියලා. පාකිස්තානයේ තියෙන රහස් වධකාරයක ඉන්දියාවෙ සෙබළු අල්ලගෙන වධ දීලා මරලා දේශ සීමාවට ගෙනත් දාන පටන් ගන්නවත් එක්ක ඉන්දීය ජනතාව ඇවිස්සිලා ඉන්දියාවෙ ඉන්න පාකිස්තානුවන් රටෙන් පන්නන්න ගන්න නිසා කනෝම් නැවත පාකිස්තානයට යන්න යනවා. ඒත් එයාලා යන බස් එකටත් අතර මගදි පහර දෙනවා.

කොහොමහරි කනොම්ට එයාගෙ පාස්පෝට් වීසා හැමදෙයක්ම අහිමි වෙනවා. ඒවා නැතුව ආපහු ගමට යන්නත් බැරි තත්වයක් උදා වෙනවා. ඔය අතරෙ වාසු වෙන මාර්ගයකින් කනොම්ව එයාගෙ ගමට එක්ක යන්න තීරණය කරනවා. ඒක දුෂ්කර ගමනක් වුනත් අන්තිමට කනොම්ව ගෙදරට ඇරලවලා ආපහු එනකොට පාකිස්තානු හමුදාව විසින් වාසුව අල්ල ගන්නවා. මෙතන ඉදන් ඔයාලට බාරයි.

එහෙනම් මම ගිහින් එන්නම්.

කොමෙන්ට් එකක් දාගෙන ගියා කියලා ඉතින් මගෙ අමනාපයක් නම් නැ!

වාසු: “ඉන්දියාවෙ ගමක ඉපදිලා, පාකිස්තානයෙ හිරගේක වධහිංසා විදිනවා.
         ඒකට හේතුව,මම ඉන්දියානුවෙක්.”

ජය වේවා!

පහත දී ඇති ‘Direct Download’ පිටපත් වැඩ නොකරන්නෙ නම්, එම පිටපත් ගන්නා ලද වෙබ් අඩවියට ‘Click Here’ කල පසු යා හැක.ඉන්පසු එම අඩවියෙන් මෙම පිටපත බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | SD | 700MB |

Direct Download

| HDRip | x264 | SD | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!