LAW (2018) | පළිගැනීමේ අවතාරය !

ආයුබෝවන් යාලුවනේ සුපුරුදු පරිදි ඔන්න ආයෙත් තෙලුගු සිනමා සිත්තමකින් මම ඔයාලව හමුවෙන්න ආවා. මේ වතාවේ නම් ගෙනවේ IMDb අගය 7.2ක් තරම් ඉහළ අගයක් පවතින 2018 නොවැම්බර් 23 වන දින තිරගත වීම ආරම්භ කරන ලදThriller කාණ්ඩය යටතේ පෙළගස්වා ඇති පැය 2කුත් විනාඩි 09 පුරා දිවෙන Kamal Kamaraju ප්‍රධාන චරිත නිරූපණය කරන චිත්‍රපටයක්. මුලින්ම මම මේ නළුවගෙ බලපු ෆිල්ම් එක Avakai Biryani (2008) ලස්සනම ආදර කතාවක්, බලල නැතිනම් බලන්න කියල ආරාධනා කරන ගමන් අපි චිත්‍රපටය දෙසට හැරෙමු.

රාධා ඇගේ යහළුවන් සමග සිනමා ශාලාවක ඉදන් චිත්‍රපටයක් බලලා එළියට එන්න ලෑස්තිවෙනකොට මදාවියෝ කට්ටියක් මෙයාලට මග අහුරනවා. බේරිලා යන්න හැදුවත් ඔවුන් ඉඩ දෙන්නේ නැහැ . රාධාගේ යහලුවෙක් එයාගෙ අයියට මැසේජ් එකක් යවනවා කට්ටියක් කරදර කරනව ඇවිල්ල බේරගන්න කියල. පස්සෙ එයාගෙ අයියා ඇවිත් කට්ටියටම හොදටම නෙළලා නංගිගෙ යහලුවන්ව බේරගන්නවා. රාධා මේක දැනගන්නෙ පස්සෙ. ඊට පස්සෙ මෙයා එයාගෙ අයියව අන්දන්න කියල හිතාගෙන යාලුවගෙ ෆෝන් එකෙන්ම අයියට මැසේජ් එකක් දානවා කොලේජ් එකේ කොල්ලො එයාලට රැග් කරල කරදර කරනව ඉක්මනට එන්න කියල. කොහොම හරි මේ හමුවෙන් රාධා සහ යහලුවගෙ අයියා වන වික්‍රම් අතර ප්‍රේම සම්බන්ධක් පටන් ගන්නවා

ඔහොම කාලය ගෙවිගෙන යද්දි දවසක් රෑ රාධා එන වීල් එක කැඩිලා එයාට ටික දුරක් පයින් යන්න වෙනවා. පයින් යනකොට කවුද පස්සෙන් එනව කියල දුවගෙන යනවා මහල් නිවාසයට. එයයි තාත්තයි විතරයි ඉන්නෙ, රාධාගේ අම්මා එයා පොඩි කාලෙදිම අන්ත්‍රා වෙලා. මේ ගැන රාධා පහුවදා වික්‍රම්ටයි යාලුවන්ටයි කියද්දි විහිළු කරනවා හොල්මනක් පස්සෙන් ආව කිව්වාම. ඉතින් රාධා දවසක් දකිනවා තමන් පිටිපස්සෙන් ආව මිනිහා ඉන්නවා පාර අතුගගා තමන් දිහා බලාගෙන. මෙයා ඒ මනුස්සයට බනිනවා මීට පස්සෙ තමන්ගෙ පස්සෙන් එන්න එපා කියල. ඔහොම දින ගණනක් යද්දි මේ දෙන්නගෙ අදරේ ගෙවල් වලින් දැනගෙන විවාහයත් තීන්දු වෙනවා. ඔය අතරේ මහල් නිවාසේ මුරකරුවෙක් නැහැ කියලා පොලිසියෙන් මහල් නිවාසයේ සභාපති තුමාට අවවාද කරනවා ඉක්මනටම මුරකරුවෙක් යොදන්න කියලා.

රාධා දිනක් රාතියේ මහල් නිවාසයට ඇතුළුවෙනකොට මෙන්න මෙයා පස්සෙන් ආව කෙනා මුරකරුවා වෙලා ගේට්ටුව ගාව ඉන්නවා. එයා කාමරේට යනකම්ම මේ මනුස්සයා පස්සෙන් එනවා. දවසක් මේ මුරකරුවා පස්සෙන් ඇවිත් රාධාගේ අතින් අල්ලනවා. මේකට තරහ ගිය රාධා මුරකරුවාට කම්මුල් පහරක් ගහනවා. පහුවදාම මේක මහල් නිවාසයේ අය දැනගෙන මුරකරුවාට යන්න කියනවා. ඒත් මේ මහල් නිවාසයේ ඉන්න කොල්ලො 4ක් දෙනෙක් එකතුවෙලා මුරකරුට හොදටම ගහනවා. මේකට තරහා යන මුරකරුවා, උඹලා හැම එකෙක්ම මැරිලා යයි කියලා තරහට කෑ ගහනවා. ඔන්න පහුවදාම මුරකරුවා කිව්වා වගේ අර කොල්ලන්ගෙන් කෙනෙක් මැරිලා ඉන්නවා. පොලීසියෙන් ඇවිත් විස්තර හොයන්න පටන් ගන්නවා. ඒ අතරතුර තවත් කොල්ලෙක් මරුමුවට පත් වෙනවා….. එහෙනම් දැන් තමයි කුතුහලේ, මුරකරුවා මරන්න ඇතිද ? නැතිනම් වෙන කවුරු හෝ කරන්න ඇතිද ?

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | Esub | 700MB |

Direct Download

| HDRIP | x264 | ESub | 200MB |

| HDRIP | x264 | ESub | 400MB |

| HDRIP | x264 | ESub | 700MB | 

| HDRIP | x264 | 720p | 1.3GB |

| HDRIP | x265 | 720p | 860MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!