Deiva Thirumagal (2011) | පිස්සෙක්ද? තාත්තා කෙනෙක්ද?

ඔන්න මේ පාර මන් ඔයාලට ගෙනාවේ දමිළ සිනමා පටයක්. මේක බැලුවම ඇත්තටම ඇඩෙනවා. මෙහෙම කිව්වට කවුරුත් තරහා ගන්න ඕනේ නෑ. මේක බලලා ඇහැට නිකමටවත් කඳුලක් එන්නේ නැති අය ඉන්නවනම් එයාලාට කිසිම සංවේදීතාවයක් නෑ කියන්න පුළුවන්. ඒ තරම් දුක හිතෙන කතාවක්. මේකේ රඟපාන්නේ ඔයාලා ගොඩාක් දෙනෙක් කැමති නළුවෙක්. එයා තමයි වික්‍රම්. ඒ වගේම අනුෂ්කා ශෙට්ටි කියන නිළියත්. ළමා නිලියක් වශයෙන් සාරා අර්ජුන් කියන පොඩි කෙල්ලත් රඟපානවා. සුපිරි මේකේ IMDB 7.4/10 අරන් තියනවා. 2011 තමයි නිකුත් වෙලා තියන්නේ.

කතාව දිහාට හැරෙමුකො. තාත්තා කෙනෙක් ඉන්නවා. හැබැයි එයාට තියන්නේ මන්ද මානසික තත්වයක්. මෙයාගේ බිරිඳ දරුවා ලැබෙන කොට මිය යනවා. ඉතින් මේ වගේ තාත්තා කෙනෙක් කොහොමද ළමයෙක් බලාගන්නේ. හැමෝටම ඒක තමයි ප්‍රශ්නේ. ඒත් මේ තාත්තා හොඳ සිහි බුද්ධිය තියන තාත්තා කෙනෙක්ටත් වඩා හොඳට තමන්ගේ දරුවාව රැකබලා ගන්නවා. මේ දෙන්න හරිම සතුටින් ජීවත් වෙනවා. ඒත් මේ දෙන්නට කණකොකා අඬන්නේ මේ ළමයා (නිලා) ඉස්කෝලේ යන්න ගත්තට පස්සේ. ඉස්කෝලේ විදුහල්පතිනියට මේ ළමයා ගැන දුක හිතිලා එයාගේ ඉගෙනීම් කටයුතු වලට උදවු කරනවා. ඒත් එයා පලවෙනි වතාවට ක්‍රිශ්නාව දැක්කම එයාට දෙයක් මතක් වෙනවා. එයා ක්‍රිශ්නාගෙන් නීලව උදුරාගෙන යනවා. අනේ ඉතින් අහිංසක ක්‍රිෂ්ණා මොනවා කරන්නද. මෙයා නිලාව හොයාගෙන යන කොට මෙයාට උදවු වගේම නොයෙකුත් තර්ජනත් ඇති වෙනවා.

ඇයි මේ විදුහල්පතිනිය මෙහෙම කලේ, ක්‍රිෂ්ණට නිලාව ලැබෙයිද, ක්‍රිෂ්නාට උදවු කරන්නේ කවුද, මේ ඔක්කොම කතාව බලලා දැනගන්න. සමහර විට මේ කතාව ගොඩාක් දෙනා බලලා ඇති. නොබලපු අය බලන්න. බයිස්කෝප් එකේ නොතිබුන නිසයි දුන්නේ. තවත් උපසිරසියක් එක්ක පුළුවන් උනොත් හමු වෙන්නම්.

පහත දී ඇති ‘Direct Download’ පිටපත් වැඩ නොකරන්නෙ නම්, එම පිටපත් ගන්නා ලද වෙබ් අඩවියට ‘Click Here’ කල පසු යා හැක.ඉන්පසු එම අඩවියෙන් මෙම පිටපත බාගත කරගන්න.

Direct Download

| DVDRip | x264 | 240p | 307MB |

| DVDRip | x264 | 360p | 498MB |

| DVDRip | x264 | 720p | 1.5GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Deiva Thirumagal (2011) | පිස්සෙක්ද? තාත්තා කෙනෙක්ද?

  • March 28, 2019 at 08:06
    Permalink

    Thanks …………..oi vagema Iam sam 2001 film eketh link eka dennako …………………………………

    Reply
    • March 30, 2019 at 17:18
      Permalink

      Ok. Onna oya illapu film ekath dan dala athi.
      I Am Sam (2001)

      Reply
  • March 30, 2019 at 11:23
    Permalink

    1.5gb ekatanm sub weda ne download karanna epa aparade

    Reply
    • March 30, 2019 at 22:47
      Permalink

      තත්පර 2, 3 වගේ වෙනසක් නේද තියෙන්නෙ.? ඒක හදාගන්න පුලුවන් ඔයා බලන Video Player eken.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!