Paskal [2018]| රට වෙනුවෙන් දිවි පරදුවට තබා පැස්කල් විශිෂ්ටයින් සිදු කල දැවන්ත මෙහෙයුම…

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකක් එක්ක තමයි ඔයාලව හමුවෙන්න එන්නෙ , මේක සත්‍ය සිදූවීමක් ඇසුරුකොට ගෙන නිර්මාණයවුන සටන් ජ්වනිකා වලින් පිරුණු යුදමය බයිස්කොප් එකක් , මුලින්ම මේක මට මේ පට්ටම බයිස්කොප් එක ලබා දුන්න සුදීර ,සිසිල ඒවගේම අපේ ඉසුරු සම්පත් මල්ලිටත් ස්තුතිවන්ත වෙන්ට ඕන , ඒවගේම මේකට IMDB දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා ඒ 7.6 අගයක් , මගේ අදහසට අනුව නම් මේකට ඊට වඩා ඉහල අගයක් හිමි විය යුතුයි ..එහෙනම් , අපි මේකේ අධ්‍යක්ෂවරයා කවුද කියන එක හොයලා බලමු , Adrian Teh තමයි , මේ පට්ටම ඇක්සන් මුවි එක නිර්මාණය කරලා තියෙන්නෙ .. මේ බයිස්කොප් එක පැයකුත් විනාඩි පනස්පහක කාලයක් දාවනය වෙනවා .. ඒ ගතවන කාලය , ඔයාලා කිසිම කෙනෙකුට දැනෙන එකක් නැහැ , මම එහෙම කියන්නෙ මොකද කියන එක ඔයාලට මේක බලද්දි තේරුම් ගන්න පුලුවන් වේවි ..

එහෙනම් අපි මේකේ ස්ටෝරිය ගැන කෙටියෙන් දැන ගමු , මේකේ ස්ටෝරිය මෙහෙමයි මේක අපි කවුරුවත් බලන්න කැමති NETFLIX ගේ දැවන්ත නිර්මාණයක් ..ඒ වගේම මැලේසියානු සත්‍ය සිදූවීමක් ඇසුරෙන් නිර්මාණය වූවක් , පස්කල් නමින් හදුන්වන්නෙ මැලේසියානු රාජකීය නාවික හමුදාවට අයත් විශේෂ බලකායක් , එම බලකායට සම්බන්ධ වෙන එක මැලේසියානු නාවීක හමුදා සොල්දාදුවන්ට හීනයක් වගේ දෙයක් ..ඒ මොකද කිව්වොත් , පැස්කල් විශිෂ්ට යන්ගේ බලකායට සුදුසුකම් ලබන්න නම් , දුෂ්කර ගමනක් යන්න සිද්ධ වෙනවා , ඒ පාඨමාලාව ඒ තරමටම දුෂ්කර එකක් ..ඔයාලට මේක බලදි ඒක තේරුම් ගන්න පුලුවන් වේවි ,කොහොම හරි ආර්මන් ඇතුළු කිහිප දෙනෙක් පැස්කල් බලකායට සුදුසුකම් ලබනවා , ආර්මන් ගේ හොදම යාළුවා වුනේ ජෝසුවා , ඔවුන් දෙදෙනාගේ පලවෙනි මෙහෙයුම වුනේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුමක් , එහිදි , ජොසුවා මිය යනවා ..ඒ සිදුවීමත් එක්ක ආර්මාන් විශාල කඩාවැටීමකට ලක් වෙනවා , ඒවගේම ජෙබ් අර්මාන් ගේ කණ්ඩායමේසමාජිකයෙක් වෙන ජෙබ්ව පැස්කල් වලින් නෙරපා දමනවා , ඒ මොකද කියන එක මම ඔයාලට කියන්න යන්නෙ නැහැ , ඒක ඔයාලට මේක බලාගෙන යද්දි හොයා ගන්න පුළුවන් වේවි , ඒ සිදුවීමත් එක්ක , හැමදෙයක්ම වෙනස් වෙනවා .. ජෙබ් භයානක මුහුදු කොල්ලකරුවෙකු වන රූඩි එක්ක සම්බන්ධ වෙනවා , ඔවුන් ලෝරල් 11 නමින් හදුන්වන තෙල් පිරිපහදුවක් , ඔවුන්ගේ යටතට අරගන්නවා , එහි සිටින , සේවකයින්ද සමග , ඔවුන් මිලියන සියයක කප්පම් මුදලක් ඉල්ලා සිටිනව රජයෙන් .. ප්‍රාණ ඇපකරුවන්ව නිදහස් කරන්න , ඒවගේම එතන සේවකයින් අතර ලිලී ජොසුවාගේ බිරිදත් සිටිනවා ..ඔයාල මේක බලලා හොයා ගන්නකෝ , ආර්මාන් ඇතුළු කණ්ඩායමට , මේ මෙහෙයුම සාර්ථකව නිම කරලා , ප්‍රාණ ඇපකරුවන්ව නිදහස් කරගන්න පුළුවන් වේවිද කියලා ..එහෙනම් මේ වගේම තවත් පට්ටම බයිස්කොප් එකකින් හමුවෙමු !!!!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 950MB |

Direct Download

| WEB | x264 | 480p | 590MB | 

| WEB | x264 | 720p | 710MB |

| WEB | x264 | 720p | 950MB | MkvCage |

| WEB | x264 | 1080p | 1.9GB | YTS

| WEB | x265 | 1080p | 1.6GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Paskal [2018]| රට වෙනුවෙන් දිවි පරදුවට තබා පැස්කල් විශිෂ්ටයින් සිදු කල දැවන්ත මෙහෙයුම…

  • March 26, 2019 at 08:31
    Permalink

    Thanxxxxx brooooo..jayen jaya

    Reply
  • March 27, 2019 at 12:28
    Permalink

    Elama bro.thanxxxxxxxx……

    Reply
  • March 31, 2019 at 15:09
    Permalink

    thanks ………………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!