The Hole in the Ground (2019) | පොළවෙන් මතු වු අභිරහස් විවරය…

ආයූබෝවන් බයිස්කෝප් හිතවතුනේ, ඔන්න කාලේකින් හොල්මන් චිත්‍රපටයක් ගේන්න තමයි සූදානම් වෙන්නේ, 2019 වසරේනම් තවම අපිට Horror ගණයේ හොඳ නිර්මාණ දකින්න ලැබුනේ නෑ. Annabelle 3 සහ It : Chapter 2 තමයි මේ වසරේ ඉදිරියට පැමිණීමට නියමිත බලාපොරොත්තු සහගත නිර්මාණ වෙන්නේ. එම චිත්‍රපටත් පැමිණි විගසම අප වෙබ් අඩවිය හරහා උපසිරැසි ලබා ගැනීමට අපේ බයිස්කෝප් සහෝදර සහෝදරියන් කටයුතු කරයි. ඒ වගේම මේ සලරුව උපසිරැසි ගැන්වීමට අවසර දුන් තිසර අයියාවත් ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි දැන් චිත්‍රපටය පැත්තට හැරෙමු.

Lee Cronin විසින් අධ්‍යක්ෂනය කර ඇති මෙම සිත්තම 5.8 ක IMDb අගයක් ලබා ගැනීමටත් Rotten Tomato හී 87% ක ප්‍රතිචාර ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. මෙය Thriller/Horror යන කාණ්ඩ යටතේ තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. සාම්ප්‍රදායික හොලමන් කතා තේමාවලින් බැහැරව අළුත් යමක් ප්‍රේක්ෂකයාට ලබා දීමට අධ්‍යක්ෂවරයා උත්සහ දරලා තියෙනවා. ඒ වගේම ඉතා සීමිත නළු නිළියන් සංඛයාවක් තමයි මේ චිත්‍රපටයට දායකත්වය ලබා දෙන්නේ.

සාරා ඕ නීල් ඇගේ පුතා ක්‍රිස් සමඟ නව නගරයක් වෙත ජීවත් වීමට පැමිණෙන්නේ, ඔවුන්ගේ ජීවිතවල අඳුරු අතීතයන් අමතක කර නව ජීවිතයක් ඇරැඹිමටයි. නමුත් ක්‍රිස් වෙනත් නගරයක පදිංචියට යාම ගැන නොසතුටෙන් පසු වන අතර ඔහු ඔවුන් පදිංචිව සිටින නිවස යාබද වනයේ සැරිසරන්නට කැමත්තෙන් පසු වෙනවා. දිනක් තම මව සමඟ අමනාප වෙන ක්‍රිස් මෙම වනය තුලට පිය නගන් අතර, ඔහු පසුපස එන සාරාටද වනය මැද ඉතා අස්වාභාවික සිදූවීමක් දකින්න ලැබෙනවා. මේ සිද්ධියෙන් පසු ඔවුන්ගේ ජීවිත උඩුයටිකුරු වන තවත් සිදූවීම් දාමයක් නිවස තුල සිදුවෙනවා. සාරා හා ක්‍රිස්ට වනය මැද දකින්න ලබුනේ මොකක්ද ? මේ සිද්ධිය ක්‍රිස්ට බලපාන්නේ කොහොමද ? ඇත්තටම මේ සිදුවීමවලට වග කිවයුතු පාර්ශ්වය කවුද ? මේ අස්වාභාවික බලවේග වලට එරෙහිව මොවුන්ට සටන් කල හැකිවෙයිද ? ඒ සියල්ලටම පිළිතුරු සොයා ගැනීම ඔබට භාරයි.

Seana Kerslake විසින් සාරා ඕ නීල් ලෙසත්, James Quinn ක්‍රිස් ලෙසත් Game of thronesTroy 2004 , Wonder Woman 2017 ආදී චිත්‍රපට වල රඟ පෑ James Cosmoඩෙස් බ්‍රැඩී ලෙසත් රංගන දායකත්වය ලබා දෙනවා, ඒ වගේම කියන්න ඕන ඔයාලා දාන පොඩි හරි කොමෙන්ටුවක් අපිට ලොකු දෙයක්, ඔයාලා දක්වන අදහස් නිසා තමයි කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව උපසිරැසි කරන්න ධෛර්යය ලැබෙන්නේ, ඒ නිසා ඔයාලගේ අදහසක් නැත්නම් යෝජනා කොමෙන්ටුවක් වශයෙන් පල කරන්න කියලා ආදරෙයින් ඉල්ලා සිටිනවා. එහෙනම් ආයෙත් මේ වගේ තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ජය වේවා…! 😀

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 750MB |

Direct Download

| WEB | x264 | 480p | 430MB | 

| WEB | x264 | 720p | 750MB | MkvCage |

| WEB | x264 | 1080p | 1.5GB | YTS

| WEB | x265 | 720p | 615MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Hole in the Ground (2019) | පොළවෙන් මතු වු අභිරහස් විවරය…

  • April 29, 2019 at 19:00
    Permalink

    USER download eken download karaddi crash venva openload eka tharam eka hoda ne vage. ath super jaya veva

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!