Species 2 (1998) | මෝහිනී 2 (18+)

ආයුබෝවන් ඔක්කොම යාළුවන්ට. ඔන්න ඉතින් මම මගේ දහ නවවන උපසිරැසිය විදියට Species චිත්‍රපට මාලාවේ දෙවැනි කොටස අරගෙන ආවා. පලවෙනි කොටස බැලුවනම් ඉතින් මේක අනිවාර්යයෙන්ම දෙනකම් ඉන්න ඇති කියල දන්නවා. ඔයාල දැනටමත් බලලා නැත්නම් ඉස්සෙල්ලා ඒක බලන්න . මොකද මේ දෙක එකට සම්බන්ධයි. කෙලින්ම මේක බැලුවොත් තේරෙන එකක් නැ. කියන්න තියෙන්නේ ගොඩක් වියදම් කරලා හදල තියන චිත්‍රපටි හින්ද පරණ උනත් රුප රාමු අධි තාක්ෂණික ක්‍රම වලට හදල තියන්නේ. බැලුවට පාඩු නැ. මොකද අලුත් ඒවා තරම්ම මේකේ කතාව සහ රුප හොඳයි කියල විස්වාසයෙන් කියන්න පුළුවන්.

කතාව ගැන කියනවා නම් පොළවෙන් අඟහරු ලෝකෙට යන ගගනගාමියෙක් වැරදීමකින් පිටසක්වට ජාන අසාදනය ලක්වෙලා ආපහු එනවා . ඒක එයාවත් දන්නේ නැ. මේ අතරේ ඔයාලට පළමු කොටසේ මුණගැසුන “සිල්” ගේ ජාන වලින් තව කෙල්ලෙක් නිර්මාණය කරනවා “ඉව්” කියල. මේ අතරේ ආපු ගගනගාමියා මේ ලෝකේ ඉන්න කාන්තාවන් හා එක්වීම හින්ද සුපුරුදු විදියටම ඉක්මනට පිටසක්වල ජීවින් හැදෙනවා . ඔය අතරේ “ඉව්” පැනල යනවා . පස්සේ අසාදනය වෙච්ච ගගනගාමියා එක්ක “ඉව්” එකතුවෙන් නියමාකාර පිටසක්වල ජිවියන් හැදෙනවා . ඉතින් මේ සිදුවීම් නවත්තන්න හමුදාව සහ විද්‍යාඥයෝ කණ්ඩායමක් ගන්න උත්සාහය තමා මේකේ තියෙන්නේ. මේ චිත්‍රපටිය Sei-fi ගණයට අයිති උනත් මට කියන්න පුළුවන් Horror, Thriller කැමති අයට අල්ලලා යාවි කියල.

හොදයි ඉතින් මම ඊළඟට දෙන්නේ මේකෙම තුන්වන කොටස., ඒක ඉක්මනට දෙන්න බලනවා . ඒත් ගැටලුවකට තියෙන්නේ ඇස්වහක් කටවහක් නැ, අපේ බයස්කෝප් එකේ පෝලිම දිගයි. මම හිතන්නේ චිත්‍රපට සංස්ථාවේවත් මේ වගේ පෝලිමක් නැතුව ඇති. කොටින්ම මේ චිත්‍රපටියේ පලවෙනි එක බාර දීල දවස් හයකට පස්සේ තමා පල උනේ. බලමුකෝ , ඔක්කොම හොඳින් උනොත් තුන්වන එක ඉක්මනටම ලැබේවි.

මේකේ තියන ඇතැම් රූපරාමු හේතුවෙන් වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්. තව කියනවනම් ගොඩක් සංවේදී අයට කියන්නේ මේකේ තියන සමහර කොටස් බලනකොට පරිස්සමින්. ඉතින් බලනවානම් ඒ ගැන සැලකිලිමත් වන්න කියල කියනවා.

මම යනවා . එන්නම් ඉක්මනින්.

බුදු සරණයි …..!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BluRay | x264 | 1080p | 1.3GB |

Direct Download

| BluRay | x264 | 480p | 492MB |

| BluRay | x264 | 720p | 987MB |

| BluRay | x264 | 1080p | 1.3GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Species 2 (1998) | මෝහිනී 2 (18+)

  • March 27, 2019 at 17:22
    Permalink

    Meke deka newey issella eka dann thibune

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!