Death Note AKA Desu nôto [S01 : E07 & E08] | සැකය ලයිට් දෙසට!

කොහොමද බයිස්කෝප්වාසි හිතවතුනි! ඔන්න මම ඩෙත් නෝට් එකෙ හතරවෙනි කොටසත් අරන් බයිස්කෝප් පලට ගොඩවැදුන.
ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ 10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, Drama, Fantasy, Thriller, Mystery, Crime ගණයන්ට අයිති වෙනවා ඒ වගේම මේ Tv series එකේ නිෂ්පාදනය කරලා තියෙන්නේ Masao Maruyama කියන නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tetsurou Araki කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි.
මම කලින් කතාව ගැන මතක් කරලා ඉන්නම්.යගමි ලයිට් කියන්නේ උසස් පාසල් ශිෂ්‍යයෙක් එයාට දවසක් මරණයේ දේවියගේ ඩෙත් නෝට් එක හම්බ වෙනවා.ලයිට් ඒ පොතේ බලය ගැන දැනගත්තම ඒ පොතට කරන්න පුළුවන් දේවල් හොයා ගන්නවා.ඒ පොතේ නම ලියන ඕනම කෙනෙක් මැරෙනවා.ලයිට් මේ ලෝකේ යහපත් තැනක් කරන්න හිතාගෙන හිරේ ඉන්න අපරාධකාරයන්ව මරනවා .මරනවා කියන්නේ ඒක මිනී මැරුමක් නේ .මේ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වනවා මේ පරීක්ෂණ කරන්නේ L කියන කෙනා.මිනිස්සු මේ අපරාදකාරයන්ව මරණ කෙනාට කියන්නේ කීරා කියලා .L,ප්‍රසිද්දියේම කීරාට අභියෝග කරනවා තමන්ව මරන්න කියලා එත් ඒක කරන්න ලයිට් ට බැරි වෙනවා මොකද Lගේ ඇත්ත නම දන්නේ නැති නිසා.කීරා දිගටම අපරාදකාරයෝන්ව මරනවා.වැඩේ කියන්නේ ලයිට් ගේ තාත්තත් වැඩ කරන්නේ පොලිසියේ මේ අතරේ පොලිසියෙන් පරික්ශනේ තොරතුරු ටිකක් පිටට යනවා මේක දැනගත්ත L පොලිසියට සම්බන්ද අයගේ පස්සෙන් FBI එකේ කට්ටියව දානවා,ලයිට් ගේ පස්සෙනුත් එනවා ශිනිගමි මේක දැනගෙන ලයිට්ට කියනවා ලයිට් මේ පස්සෙන් එන කෙනාගේ නම දැනගන්න එයාට උගුලක් අටවනවාඑකෙන් නම දැනගන්නවා. ඔන්න ඔහොමයි මෙච්චර දුර කතාව.
ගිය එපසොඩ් එකේදී රයේ පෙන්බාර් ගේ පෙම්වතිය ලයිට් ට මුණගැහුන නේ පේන විදියට එයා දැනගන්න ඕන නැති දේවල් ගොඩක් දන්නවා වගේ ඒ කියන්නේ කීරා නැත්නම් ලයිට් එයාව මරන්න ඕන කියන එක එත් එයාගේ මුණ දන්නවා උනාට නම දන්නේ නැහැනේ කොහොමද ලයිට් එයාගේ නම හොයාගන්නේ ? ඔයාල මේ එපි දෙක බලලම දැනගන්නකො ඉතින් කොහොම හරි L තීරණය කරනවා ලයිට් ගේ ගෙදර කැමරා හයි කරන්න ඉතින් කැමරා හයි කරනවා.කීරා අහුවෙයි ද ?කොහොමද ඩෙත් නෝට් එක අනිත් අයට සැක හිත්නෙන්නේ නැතුව පාවිච්චි කරන්නේ කියලා දැනගන්න මේක බලන එක ඔයාලටම බාරයි.
එහෙනම් අදට මං ගියා ආයෙත් ඊළඟ කොටසින් හමුවෙමු . ඔබට ජය!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BDRip | x265 10bit | 720p | 4GB | Complete S01 

Direct Download

| BDRip | x265 10bit | 720p | 114MB | E07 |

| BDRip | x265 10bit | 720p | 125MB | E08 |

| BDRip | x265 10bit | 720p | 4GB | COMPLETE S01 |    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!