Species (1995) | මෝහිනී 1 (18+)

ආයුබෝවන් යාලුවනේ . ඔන්න ඉතින් කියපු විදියට මගේ දා හත්වන උපසිරැසිය විදියට ලස්සන පිටසක්වල ජීවියෙක් ඉන්න එක අරන් ආවා. ලස්සන වගේම බියකරු .ඒ හින්දා ගැලපෙනම නමක් මම දැම්මා. ඇත්තටම මේ චිත්‍රපට එකතුව , ඒකියන්නේ කොටස් හතරකින් යුක්ත Species චිත්‍රපට, කාලයක ඉතාමත් ජනප්‍රිය වෙලා තිබ්බත් කාලයත් එක්ක නම අමතක වෙලා ගිහින් . ඒත් මේවා නරඹලා තියන අයට නම මොකක් උනත් කතාව මතකයි. Horror, Thriller මෙන්ම Sei-fi කැමති යාලුවෝ මේ චිත්‍රපටවලට ගොඩක් කැමති වේවි. මේ දක්වා බයස්කෝප් එකේ නොමැතිව තිබ්බ හින්දා ඔන්න අද ඉඳල ඔයාලට සිංහල උපසිරසි එක්කම බලන්න පුළුවන්.

කතාව ගැන කියනවා නම් අපේ ලෝකේ විද්‍යාඥයෝ කණ්ඩායමකට පිටසක්වල එක්ක අහම්බෙන් තොරතුරු හුවමාරු කරගන්න අවස්ථාව හම්බවෙනවා.ඉතින් ඒ තොරතුරු වලට අනුව ජාන වෙනස් කරලා හදනවා මිනිස් පිටපතක්. ඇත්තටම ගැහැණු දරුවෙක්. ඒත් එයාගේ අසාමාන්‍ය ක්‍රියාකාරකම් හින්ද තීරණය කරනවා එයා මරලා දාන්න. ඒත් ඒ ගැහැණු දරුවා පැනලා යනවා. ගිහින් මිනිස්සු ගොදුරු වලට අරන් වේගෙන් ලොකු වෙනවා. අන්තිමට එයා දරුවකු හදන්න උත්සහ කරනවා. පිටින් මිනිස් රුපයක් තිබ්බට ජාන වෙනස් කරපු එකෙන් බිහිවෙන්නේ අර පිටසක්වල ගැහැනියක්. ඉතින් මේ සතා , එහෙම නැත්නම් කෙල්ල අල්ල ගන්න විශේෂ කණ්ඩායමක් කරන උත්සාහය තමා මේ චිත්‍රපටිය. එයාලට පුළුවන් වෙනවද බැරි වෙනවද කියල බලන්න ඔයාලට චිත්‍රපටිය බලන්න වෙනවා. IMDb අගය 5.8 අරන් තියන හින්ද ඔයාලට බලන්න කලින්ම හිතා ගන්න පුළුවන් නේ.

මම ඊළඟට දෙන්නේ මම මිට කලින් නොදුන්න ජාතියේ චිත්‍රපටියක්. සම්බාව්‍ය එකක් කියුවොත් හරි. ඊට පස්සේ මේකේ අනිත් කොටස් දෙන්නම්.

මේකේ තියන ඇතැම් දර්ශන හේතුවෙන් වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්.

බුදු සරණයි …..!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 811MB |

| BluRay | x264 | 1080p | 1.6GB |

 

Direct Download

| BluRay | x264 | 720p | 811MB | 

| BluRay | x264 | 1080p | 1.6GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!