Bumblebee (2018) | ඔටෝබෝට් B-127[Bluray Updates]

මේ 1987 වසරයි. චාලි කියන්නේ තාත්තා එක්ක ගොඩක් සමීපව හිටපු දක්ෂ කිමිදුම් කාරිනියක්. නමුත් ඇය එතරම් ආදරය කල තම පියා ඇගෙන් වෙන් වෙලා මේ ලෝකය හැර ගිහින්. නමුත් චාලි තවමත් ඇය ආදරය කල තමන්ගේ තාත්තගේ සිහිවටන මතක එක්ක දුකින් කල් ගෙවනවා. ඇයගේ එකම හීනය තමයි තාත්තා එක්ක එකතු වෙලා හදපු කාර් එක නැවත පණ ගන්වන එක. ඒ වෙනුවෙන් ඇය නොගන්න මහන්සියක් නැති තරම්. ඒ හීනය හැබෑ කරගන්න උත්සහ කරන අතරේ තමන්ගේ 18 වෙනි උපන්දිනයේදී ඇයට නොහිතපු දෙයක් හම්බෙනවා. ඉතින් මේ ආරම්භ කරන්නේ 2007 වසරේ මයිකල් බේ විසින් ඔබට මුලින්ම දකින්න සැලැස්වූ චිත්‍රපට මාලාවේ ප්‍රධාන රොබෝ චරිතය වෙනුවෙන් නිර්මාණය උන නවතම චිත්‍රපටය Bumblebee හෙවත් අර කහපාට කාර් එකක් වෙන්න පුළුවන් රේඩියෝ එකෙන් කතාබහ කරන රොබෝ හාදයාගේ කතාවයි මේ. මේ සමඟ මේ කතා මාලාවේ චිත්‍රපට හයක් සම්පුර්ණ කෙරෙනවා. ඒ හයටම අපෙන් උපසිරසිත් ඔබට ලැබිලා තියෙනවා. ඒ චිත්‍රපට 6 ඔන්න පහතින් තියෙනවා මීට කලින් එකක් හරි මග ඇරුනා නම්,

Transformers (2007)
Transformers: Revenge of the Fallen (2009)
Transformers: Dark of the Moon (2011)
Transformers: Age of Extinction (2014)
Transformers: The Last Knight (2017)
Bumblebee (2018)

මේ චිත්‍රපටය ඇත්තටම කරලියට ආවේ වර්තමානයේ තවමත් බොක්ස් ඔෆිස් වාර්තා එකින් එක කඩමින් යන Aquaman චිත්‍රපටය හා සමගාමීවයි. හැබැයි වෙනත් ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපටයකට වඩා spin-off චිත්‍රපටයක් වූ කහපාට රොබෝ වීරයාට ලොකු පිළිගැනීමක් ප්‍රේක්ෂකයන් සහ විචාරකයන්ගෙන් ලැබුනා. මොකද අභාවයට යමින් තිබුන ට්‍රාන්ස්ෆෝමර්ස් කතමාලවට යලි පණක් ලැබුනා වගේ ප්‍රතිචාර මේ චිත්‍රපටය හරහා ලැබෙන්න ගත්තම ගොඩ දෙනෙක් හිතුවේ DC රසිකයන්ගේ 2018 වසරේ ලොකුම බලාපොරොත්තුව උන ඇක්වාමෑන් චිත්‍රපටයට මේ නිසා පහරක් එල්ල වේවි කියල. නමුත් වෙනස් කතා මාලාවන් දෙකක් නිසා බම්බල්බී නිසා ඇට්ලන්ටිස් වීරයාට හානියක් නොවුන ගානයි. නමුත් ට්‍රාන්ස්ෆෝමර් කලින් චිත්‍රපටයට වඩා මේ චිත්‍රපටය සංවේදී කතාවක් උන නිසාම ළමුන් අතර සහ පවුලේ කතාවක් ලෙසින් ප්‍රේක්ෂකයන් මේ වෙනුවෙන් නැඹුරු කරගන්න සමත් උනා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය සිද්ධ උනේ මේ චිත්‍රපට මාලාවට අලුත් කෙනෙක් විසින්. ඔහු නමින් Travis Knight. මීට කලින් චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් හමුවුනේ Kubo and the Two Strings නමැති ඇනිමේෂන් චිත්‍රපටය හරහායි. ඇනිමේෂන් චිත්‍රපට වල ආභාෂය වැඩියෙන් ඇති කෙනෙක් හැටියට ඔහු විසින් භාරගත් මේ අභියෝගය ඉතාමත් සාර්ථකයි කියල ආදායම් වාර්තා ගැන බැලුවොත් ඔබට පෙනී යාවි. මේ චිත්‍රපටය සඳහා නිෂ්පාදන පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 135ක් වැය කරනකොට අද දින වනවිට ඩොලර් මිලියන 412.3ක් උපයාගෙන අවසානයි. ඒවගේම මේ චිත්‍රපටය ට රංගනයෙන් දායක වන්නේ අපි දන්නා කියන පිරිසක්. රෙස්ලින් බලන කෙනෙක් නම් ජෝන් සීනා නොදන්නවා වෙන්න බැහැ. ඔහු මේ චිත්‍රපටයේ හමුදා චරිතයක් නිරුපනය කරනවා. ඒ වගේම The Edge of Seventeen සහ Pitch Perfect 3 යන චිත්‍රපටවල රංගනයෙන් දායක උන Hailee Steinfeld මෙහි ප්‍රධාන චරිතයක්චි රඟපානවා. ඒ වගේම මේ චිත්‍රපටය රූගත කර තිබෙන්නේ ලොස්ඇන්ජලීස් සහ කැලිෆෝනියා ප්‍රාන්ත වලදී. ඒ වගේම කලින් ට්‍රාන්ස්ෆොර්මර්ස් රසිකයෙක් නම් මේ චිත්‍රපටය අවසානයේ ඔයාල පළමුවෙන් 2007 දැකපු චිත්‍රපටය සමග මේ කතාව සම්බන්ධ කරලා තියෙනවා දකින්න ලැබේවි. ඒක නිසා පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක මග ඇරගන්න එපා. ඒ වගේම මේ චිත්‍රපටය සහ කලින් චිත්‍රපට වල බම්බල්බී චරිතය ගැන මතක නම් ලාස්ට් නයිට් චිත්‍රපටයේ බම්බල්බීගේ අතීත සිදුවීම් එක්ක බැලුවම මේ මේ බම්බල්බීගේ අතීතය හාත් පසින්ම වෙනස් බව දකින්න ලැබේවි. ඒ වගේම මෙතරම් වේලාසන බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙයි කියල බලාපොරොත්තු උනේ නැහැ. අන්තර්ජාලයේ හරි හමන් උපසිරසක්ව නොතිබුනු නිසා පොඩි කට්ටක් කාල අමුතුවෙන්ම කාල රාමු සකසමින් අසා ලිවීමක් කරලා තමයි මේ විදිහට උපසිරස ලබා දෙන්නේ. එහෙනම් නැවත උපසිරසකින් මුණ ගැහෙනකන් ගිහින් එන්නම් හැමෝටම ජය!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | 720p | x264 | 972MB | YTS

Direct Download

| Bluray | 480p | x264 | 500MB |

| Bluray | 720p | x264 | 900MB |

| Bluray | 720p | x264 | 972MB | YTS

| Bluray | 720p | x264 | 1.1GB |

| Bluray | 1080p | x264 | 1.9GB | 6Ch

| Bluray | 1080p | x264 | 2.2GB | 6Ch

| Bluray | 720p | x265 | 700MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Bumblebee (2018) | ඔටෝබෝට් B-127[Bluray Updates]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!