Uri: The Surgical Strike (2019) | රුධිරයෙන් සනිටුහන් කල පළිගැනීම! [Proper HDRip Update]

බොලිවුඩ් සිනමා රසිකයෙක් නම් 2017 වර්ෂය කිසිම විදියකින් අමතක වෙන්න විදියක් නම් නෑ. එදා මෙදා තුර බොලිවුඩ් සිනමා ඉතිහාසය තුල දැවැන්තම සෝදා පාලුවකට ලක්වෙච්ච අවුරුද්ද තමයි 2017 කියන්නෙ කියලා දන්නෝ හොඳාකාරවම දන්නවා. ඒ කඩා වැටීමත් එක්ක හැමෝම හිතුවේ දැන් ඉතිං හින්දි සිනමාව ඉවරෙටම ඉවරයි කියලා තමයි. හැබැයි, කිසිම කෙනෙක් නොහිතපු ආකාරයෙන් 2018 වර්ශයේදි ඒ හින්දි සිනමාව ආපහු පණ ගහලා නැගී හිටියේ, ගින්නෙන් පිලිස්සී නැවත නැගී සිටින ෆිනීක්ස් පක්ෂියෙක් වගෙයි. SanjuRaaziBadhaai HoAndhadhunStreePadman,HichkiParmanu: The Story of PokhranTumbbad වගේ අති විශිෂ්ඨ නිර්මාණයන්ගෙ කරමතින් අළු ගසා දමා නැවත නැගී හිටපු බොලිවුඩ් සිනමාව, එතෙක් කාලයක් තමන් දෙස අවඥාවෙන් බැලූ සියලු දෙනා හටම හොඳ උත්තරයක් දුන්නේ, බොලිවුඩ් සිනමාව කිසිසේත්ම සදාකාලිකව බිඳ දැමිය නොහැකි බව ඔප්පු කරමින්.

අති විශිෂ්ඨ මට්ටමෙ කතා සහිත බ්ලොක්බස්ටර් චිත්‍රපට කීපයක්ම 2018 වර්ශය තුලදි දායාද කරමින්, බොලිවුඩ් සිනමාව 2019 වර්ෂය පටන් ගත්තේ අති මහත් බලාපොරොත්තු කරපින්නාගෙන. 2019 වර්ශයේ බොලිවුඩ් පුරවරය කප්පරක් බරට බලාපොරොත්තු තියාගෙන හිටපු පලවෙනි චිත්‍රපටය තමයිUri: The Surgical Strike. ජනවාරි 11 වෙනිදා තිරගතවීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අයිති වෙන්නෙ Action/War කියන කාණ්ඩ වලට. අජිත් කුමාර් සහ “ලේඩි සුපර් ස්ටාර්” නයන්තාරාරංගනයෙන් දායක වන Viswasam සහ දකුණු ඉන්දීය සුපිරි තරුව රජිණිඛාන්ත්, විජේ සේතුපති, නවසුද්දීන් සිද්දික්, ට්‍රීෂා ඇතුළු දැවැන්ත චරිත රාශියක් රංගනයෙන් දායක වන Petta යන චිත්‍රපට ද්විත්වයම තිරගත වීම ආරම්භ කෙරුණේ හරියටම ඊට දවසකට පෙර. ඒ වගේම තමයි, මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරන්නෙ විශේෂ නිවාඩු දවසක වත් නෙමෙයි. ලොකුවට ප්‍රසිධයි කියලා කියන්න පුළුවන් එකම නලුවෙක්වත් චිත්‍රපටයේ නැහැ. මේ තත්වය මත සිනමා විචාරකයින් අතුළු බහුතරයක් සිනමා ඔස්තාර්වරු කිව්වෙ Uri: The Surgical Strike චිත්‍රපටයට නිෂ්පාදන මුදල වත් හොයාගන්න වෙන එකක් නැහැ කියලයි. හැබැයි සිද්ධවුණේ හරියටම ඒකෙ අනිත් පැත්ත. Uri: The Surgical Strike චිත්‍රපට‍ය ලබාගත්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව අහලකටවත් ලඟා වෙන්න මේ වෙනකම් මේ අවුරුද්දෙ කිසිම ඉන්දියානු චිත්‍රපටයකට බැරිවෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, Uri: The Surgical Strike චිත්‍රපටය අන්තිමේදි නැවතුනේ All Time Blockbuster බවට පත්වෙලා.

Petta චිත්‍රපටිය ඉන්දීය රුපියල් කෝටි 225 ක මුදලක් හොයාගනිද්දි, Viswasam චිත්‍රපටිය ඉන්දීය රුපියල් කෝටි 181ක මුදලක් හොයාගනිද්දි, ඒත් එක්කම එකට තිරගතවීම ආරම්භ කරපු Uri: The Surgical Strike චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 336ක දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තමන් සන්තක කරගනිමින්, මේ සටහන ලියවෙන මොහොත වන විට 25000 ඉක්මවූ මනාප සංඛාවකින් Imdb දර්ශකය 8.9ක් වැනි දැවැන්ත අගයක් කරා කරකවන්න සමත් වුණේ 2019 වර්ෂයේ පලවෙනි කාල තුවක්කු වෙඩි මුරය බවට පත් වෙමිනි.  ඇත්තම කියනවා නම් මේක කාල තුවක්කු වෙඩි මුරයක් නෙමෙයි, න්‍යශ්ටික මිසයිල වෙඩි වරුසාවක්. 😛 2019 පලවෙනි කාර්තුව අවසන් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන වෙලාවක මේ ලිපිය ලියනකොට, බොක්ස් ඔෆිස් මට්ටමින් තාමත් මේ චිත්‍රපටයට අභියෝගයක් කරන්න මේ මාස තුනට කිසිම ඉන්දියානු චිත්‍රපටයකට බැරි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ වෙද්දි Top Rated Indian Movies ලැයිස්තුවේ 7 වෙනි ස්ථානය තමන් සන්තක කරගනිමින් විරාජමානව වැජඹෙන්නෙත් Uri: The Surgical Strike චිත්‍රපටයම තමයි. (තුන්වෙනි ස්ථානය දක්වා ගමන් කරලා, මේ වෙද්දි හත්වෙනි ස්ථානය දක්වා පල්ලම් බැහැලා තියෙන්නෙ) බොහෝදුරට Top Rated Movies ලැයිස්තුවට පැනගන්නත් මේ චිත්‍රපටයට බැරිවෙන එකක් නැහැ කියලා හිතෙනවා.  ඒ විතරක්ද? නැහැ… තව විස්තර තියෙනවා.

විචාරකයෝ අති මහත් බලාපොරොත්තු තියාගත්ත, අනූපම් කේර් රංගනයෙන් දායක වෙන The Accidental Prime Minister ප්‍රේක්ෂක ඇහැට අහු නොවී යටගියේ කවුරු නිසාද? Uri: The Surgical Strike නිසා.

කාලෙකට පස්සෙ ඉම්රාන් හෂ්මි බොහොම බලාපොරොත්තු සහගතව කරලියට ගෙනාපු Why Cheat India චිත්‍රපටය Box Office Disaster එකක් වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ කවුද? Uri: The Surgical Strike චිත්‍රපටය.

ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 125 ක මුදලකින් නිෂ්පාදනය කරපු කංගනා රනවුත්ගේ Manikarnika: The Queen of Jhansi චිත්‍රපටය පලවෙනි සතියෙ පවා සිනමා ශාලා පුරවගන්න ප්‍රේක්ශකයො හොයාගන්න බැරුව වැටි වැටි අමාරුවෙන් ගාටද්දි, තිරගත වීම ආරම්භ කරලා හතරවෙනි සතිය වෙද්දි අනිත් පැත්තෙන් ප්‍ර්‍රේක්ශකාගාර අතුරු සිදුරු නැතුව පුරවගන්න සමත් වෙච්ච බොලිවුඩ් චිත්‍රපටයක් ගැන මීට කලින් අහලා තියෙනවද? අහලා නැත්නම් දැනගන්න, Uri: The Surgical Strike චිත්‍රපටය ගැන.

අනිල් කපූර්, සෝනම් කපූර්ගේ Ek Ladki Ko Dekha Toh Aisa Laga, නවසුද්දීන් සිද්දික්ගෙ Thackeray වගේ චිත්‍රපට යන්තම් පොඩි මුදලක් හොයාගෙන ජාමෙ බේරගෙන යද්දි, තිරගතවීම ආරම්භ කරලා මාසයකට, මාස එක හමාරකට පස්සෙ තිරගතවීම ආරම්භ කරපු රන්වීර් සිංගෙ Gully Boy සහ අජේ දෙව්ගන්, අනිල් කපූර්, මධුරි රංගනයෙන් දායක වන Total Dhamaalවගේ දැවැන්ත චිත්‍රපට එක්ක හරි හරියට කරට කර හැප්පිච්ච චිත්‍රපටයක් ගැන ආරංචියිද? වෙන මුකුත් නෙමෙයි, Uri: The Surgical Strike තමයි.

තිරගතවීම ආරම්භ කරලා දවස් 3ක් යන්නත් කලින් Top Rated Indian Movies ලැයිස්තුවේ පලමු දහ දෙනා අතරට එන්න පුලුවන් වෙච්ච චිත්‍රපටයක් ගැන අහලා තියෙනවද? ඔව්, Uri: The Surgical Strike චිත්‍රපටය තමයි.

සාමාන්‍යයෙන් බොලිවුඩ් චිත්‍රපටයක් තමන්ගේ බොක්ස් ඔෆිස් ආදායමෙන් වැඩිම ප්‍රමාණයක් හොයන්නෙ පලවෙනි සතියෙදි. හැබැයි, පලමු සති අන්තයට වඩා වැඩි බොක්ස් ඔෆිස් ආදායමක් දෙවනි සති අන්තයෙදි හොයපු බොලිවුඩ් චිත්‍රපටයක් ගැන මීට කලින් අහලා තියෙනවද? ඔව්, Uri: The Surgical Strike චිත්‍රපටයම තමයි. ඒ විතරක්ද? නැහැ.

තිරගතවීම ආරම්භ කරලා මාසයක් ගත වුණාට පස්සෙත් අලුතින් නිකුත් වෙන චිත්‍රපට වලට පවා බොක්ස් ඔෆිස් මට්ටමින් අභියෝග කරන්න පුලුවන් වෙච්ච ඉන්දියානු චිත්‍රපටයක් ගැන මීට කලින් අහලා තියෙනවද? එහෙනම් මතක තියාගන්න Uri: The Surgical Strike කියන නම.

2018 වර්ෂය තුල වැඩිම ආදායමක් හොයපු බොලිවුඩ් චිත්‍රපට තුන වෙච්ච SanjuPadmaavat,Simmba කියන චිත්‍රපට ත්‍රිත්වයම තුන්වෙනි සතියෙදි හොයපු මුදලට වඩා වැඩි මුදලක් උපයගන්න සමත් වෙච්ච බොලිවුඩ් චිත්‍රපටය මොකක්ද? Uri: The Surgical Strike චිත්‍රපටය මිසක් වෙන එකක් නෙමෙයි.

වාර්තා පිට වාර්තා තියපු Baahubali 2: The Conclusion චිත්‍රපටයේ සිව්වෙනි සහ පස්වෙනි සති අන්ත බොක්ස් ඔෆිස් වාර්තා සුන්නධූලි කරලා දාපු ඉන්දියානු චිත්‍රපටයක් ගැන අහලා තියෙනවද? ඔව්, සුපුරුදු පරිදිම Uri: The Surgical Strike චිත්‍රපටය තමයි.

මීඩියම් බජට් එකකින් නිෂ්පාදිත චිත්‍රපට අතුරින්, ඉන්දියාව තුල පමණක් ආදායම කෝටි 100 සීමාව වේගයෙන්ම ඉක්මවා ගියපු බොලිවුඩ් චිත්‍රපටය තමයි Uri: The Surgical Strike කියන්නෙ. මීඩියම් බජට් එකකින් ඉහලම බොක්ස් ඔෆිස් ආදායමක් හොයපු චිත්‍රපටය විදියට මේ වෙනකම් බොලිවුඩ් සිනමා ඉතිහාස පොතේ අංක එකට ලියවිලා තිබුණෙ, කෝටි 39 ක මුදලකින් නිෂ්පාදනය වෙලා, කෝටි 258ක මුදලක් හොයපු Tanu Weds Manu: Returns චිත්‍රපටය. ඒ චිත්‍රපටය පවා ඉන්දියාව තුල කෝටි 100 සීමාව ඉක්මවා යන්න දවස් 11ක කාලයක් ගන්නවා. හැබැයි, Uri: The Surgical Strike ඉන්දියාව තුල පමණක් ආදායම කෝටි 100 ඉක්මවා යන්නේ දවස් 10කින්. ලොව වටා ආදායමත් එක්ක ගත්තම කෝටි 100 ඉක්මවා යන්නෙ දවස් 8ක් අතුලත. මීඩියම් බජට් එකකින් ඉහලම බොක්ස් ඔෆිස් ආදායමක් හොයපු චිත්‍රපටය විදියට Tanu Weds Manu: Returns චිත්‍රපටය උපයපු කෝටි 258ක මුදල ඉක්මවා යමින් පලවෙනි තැන තමන්ගෙ නමට ලියාගන්න Uri: The Surgical Strike සමත් වෙන්නෙ තිරගත වීම ආරම්භ කරලා හතරවෙනි සතිය ආරම්භයේදීමයි.

චිත්‍රපටයක් පිලිබඳව ප්‍ර්‍රේක්ශකයන්ට සාමාන්‍යයෙන් උනන්දුවක් පවතින්නෙ පලවෙනි සතියෙ. දෙවනි, තුන්වෙනි, සිව්වෙනි සති වෙද්දි ඒ උනන්න්දුව ක්‍රම ක්‍රමයෙන් අඩුවෙලා යන එක තමයි සාමාන්‍ය ක්‍රමය. හැබැයි, පලවෙනි සතිය පටන්ගන්නකොට තිබිච්ච උනන්දුව, දෙවනි, තුන්වෙනි, සිව්වෙනි සති දක්වාම අඩුවකින් නැතුව තිබිලා, ඒ උනන්දුව දෙවනි මාසය දක්වාම පැතිරිලා ගියොත් මොකද හිතන්නෙ? සැකයක් නැහැ ඒ වගේ චිත්‍රපටි බොහොම කලාතුරකින් තමයි ප්‍රේක්ශකයාට දැකගන්න වරම් ලැබෙන්නෙ. ඉහතින් විස්තර කරපු බොක්ස් ඔෆිස් වාර්තා සිහි නුවණින් කියවලා බැලුවා නම් දැනටම තේරුම් ගිහිල්ලා ඇති, Uri: The Surgical Strike කියන්නෙ අන්න ඒ වගේ කලාතුරකින් දැකගන්න වරම් ලැබෙන ආකාරයේ සිනමා නිර්මාණයක් කියලා. ඒ වගෙම මතක තියාගන්න, මේ චිත්‍රපටය මේ අන්දමින් බොක්ස් ඔෆිස් ප්‍රාතිහාර්‍ය පාන්නෙ සිනමා ශාලා 2000ක් වගේ අතිශය සාමාන්‍ය ගණනක විතරක් තිරගත වෙලා කියලා. අඩුගාණෙ සිනමා ශාලා 3500-4000ක් වගේ ප්‍රමාණයක තිරගත වුණා නම් මොන විදියක පෙරලියක් කරාවිද කියලා හිතාගන්න එක ප්‍රේක්ශක ඔබටම බාරයි.

එහෙනම්, බොක්ස් ඔෆිස් ගැන විස්තර දැනගත්තා ඇතිනෙ. දැන් එහෙනම් චිත්‍රපටය ගැන විශේෂ තොරතුරු කිහිපයක් දැනගෙන ඉමු…

  • චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් විකී කෞශල් අතුළු සියලුම රංගන ශිල්පීන්, ශිල්පිණියන් හට මුම්බායි නාවික හමුවා කඳවුරේදී ආයුධ හැසිරවීම අතුලුව සියලුම හමුදා කටයුතු සඳහා පුහුණුවක් ලබා දී තිබෙනවා.
  • චිත්‍රපටය වෙනුවෙන් විකී කෞශල් දෛනිකව පැය 5 බගින් පුහුණුව ලබා තිබෙන අතර, මින් පැය 3 බැගින් යොදාගෙන තිබෙන්නෙ ඔහුගේ ශක්තිය වැඩිකර ගැනීම සඳහා හමුදා පුහුණුව වෙනුවෙනුයි.
  • චිත්‍රපටය තුල යමී ගෞතම්ගේ චරිතය වෙනුවෙන් ඇයට විශේෂයෙන්ම MMA (Mix Martial Arts) සටන් පුහුණුවක් ලබා දී තිබෙනවා.
  • චිත්‍රපටයෙන් ලැබෙන ආදායමෙන් ඉන්දියානු රුපියල් කෝටියක මුදලක් වෙන්කර තිබෙනවා ඉන්දියානු හමුදාවේ වැන්දඹු බිරින්දෑවරු වෙනුවෙන්.
  • යූරි මෙහෙයුමට අවුරුදු දෙකක් පිරෙන්න දවසකට කලින් තමයි මේ චිත්‍රපටයේ නිළ ටීසර් පටල අන්තර්ජාලයට මුදාහැරියෙ.
  • චිත්‍රපටයේ සටන් ජවනිකා සියල්ලම වගේ රූගත කරලා තියෙන්නෙ සර්බියාවෙදි.
  • ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි මහතා විසින් පෞද්ගලිකව මෙම චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සිය සහයෝගය ලබාදීලා තියෙනවා.
  • මීට දින කිහිපයකට ඉහතදි පෙබරවාරි 14 වෙනිදා එල්ලවූ පුල්වාමා ප්‍රහාරය වෙනුවෙන්ද මෙම චිත්‍රපටයේ ආදායමෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ පනහක මුදලක් වෙන්කරනු ලබනවා.

මේ විස්තර වලින් පස්සෙ එහෙනම් චිත්‍රපටයට පදනම් වෙච්ච කතාව පැත්තට පොඩ්ඩක් හැරිලා බලමු. මොකක්ද ඇත්තටම යූරි ප්‍රහාරය කියන්නෙ?

දිනය – 2016 සැප්තම්බර් 18
වේලාව – අළුයම 5.30
ස්ථානය – ජම්මු කාශ්මීර දේශ සීමාවෙ, බරාමුල්ලා දිස්ත්‍රික්කයේ, යූරි නගරයේ පිහිටි හමුදා මූලස්තානය

සුපුරුදු විදියට එදත් බොහොම සාමකාමී දවසක් තමයි උදාවෙමින් තිබුණෙ. හැබැයි, ඒ සාමකාමී බව යටින් තිබුණෙ බොහොම දරුණු, මූසල ස්භාවයක්. කිසිවෙකුගෙත් ඇස නොගැටී, පුද්ගලයන් හතර දෙනෙකු යූරි අධි ආරක්ෂිත හමුදා මූලස්තානය වෙතට ඇතුලු වුණා. මේ ඇතුලු වුනේ සාමාන්‍ය මිනිස්සු හතර දෙනෙක් නම් නෙමෙයි. පාකිස්තානයට අයත් ජායිශ්-ඊ-මොහොමඩ් නම් වූ අතිශය දරුණු ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් හතර දෙනෙක්. ආවෙ හිස් අතින් නෙමෙයි. AK-47 රයිෆල් හතරක්, ග්‍රෙනේඩ් විදින තුවක්කු හතරක්, අත් බෝම්බ 5ක් සහ UBGL ග්‍රෙනේඩ් 9ක් සමගින් තමයි මෙම ත්‍රස්තයින් විසින් කඳවුර වෙත ඇතුල් වෙලා තිබුණෙ. මේ ආකාරයෙන් කඳවුරට ඇතුල් වෙච්ච ත්‍රස්තවාදීන් සිව්දෙනා විසින් විනාඩි 3ක කාලයක් ඇතුලත ග්‍රෙනේඩ් බෝම්බ 17ක් පුපුරුවා හරිනු ලබනවා.

ඇතිවෙච්ච හදිසි තත්වය මත ඉන්දියානු පැරා විශේෂ කාර්‍ය බලකාය වෙත මෙහෙයුම බාරදෙනවා. පැය හයකට අධික කාලයක් දෙපාර්ශවය අතරේ වෙඩි හුවමාරුව සිද්ධවෙනවා. මේ පැය හයක වෙඩි හුවමාරුව තුලදි ඉන්දියානු හමුදාවට සිය වීරෝධාර සෙබලුන් 19 දෙනෙකු අහිමි වෙනවා30කට ආසන්න පිරිසක් මාරාන්තික නොවන තුවාල ලබනවා. ඒ වගෙම තමයි, කඳවුර වෙත ඇතුල් වූ ත්‍රස්වාදීන් හතර දෙනාම ඝාතනය කිරීමට ඉන්දියානු පැරා විශේෂ කාර්‍ය බලකාය සමත් වෙනවා. 

පාකිස්තාන ත්‍රස්තයො හතර දෙනෙක්, කිසිම කෙනෙක්ට හොයාගන්න බැරි විදියට ඉන්දියානු හමුදා කඳවුරකට ඇතුල් වෙලා කරපු විනාසය සුලු පටු නැහැ. ඒ විතරක්ද ලැජ්ජාව? වෙච්ච අවනම්බුව මෙච්චරයි කියලා කියන්න බැහැ. දවස් 11යි ගතවෙන්නෙ. හරියටම සැප්තැම්බර් 29 වෙනිදා ඉන්දියානු හමුදාව විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනවා. කාටද මේ ප්‍රහාරය එල්ල කරන්නෙ? කොහොමද මේ ප්‍රහාරය එල්ල කරන්නෙ? කොහොමද මේ සියල්ලම අති සූක්ශම විදියට සැලසුම් කරන්නෙ? ඉහලින් එන රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් මැඩ පවත්වාගෙන, කිසිම කෙනෙක්ට නොදැනෙන්න තමන්ගෙ පලිය ඉන්දියානු හමුදාව විසින් ගන්නෙ කොහොමද? මේ ඔක්කොටම වඩා හිටි හැටියෙම පාකිස්තානු ත්‍රස්තයො හතර දෙනෙක් ඉන්දියානු හමුදා කඳවුරකට ඇතුල් වෙලා අච්චර අර විනාශයක් කරන්න හේතුව මොකක්ද?

මේක බලන්නම ඕනෙ චිත්‍රපටයක්. මේක ඇවිල්ලා එදා මෙදා තුර ඉන්දියාව විසින් නිශ්පාදනය කරපු හොඳම චිත්‍රපට අතලොස්සෙන් එකක්. බොරු පම්පෝරි ගහලා කාටවත් රවට්ටලා බලෙන් ඇඟේ ගහන්න හදන්නෙ නැහැ. ගිහිල්ලා බලන්න මේ චිත්‍රපටය වෙනුවෙන් Imdb පිටුවෙ ලියවිලා තියෙන විචාර ටික දිහා. ඒත් මදියි වගේ කියලා හිතෙනවා නම්, අහලා බලන්න චිත්‍රපටය බලපු කෙනෙක්ගෙන් කොහොමද තත්වෙ කියලා. මං ආපහු වතාවක් කියන්නම්, මේක ඇවිල්ලා බලන්නම ඕනෙ චිත්‍රපටයක්!

වසර 2500ක ප්‍රෞඪ ඉතිහාසයක් හිමි ජාතියක්ලු…
අනාදිමත් කාලයක ඉඳන් යුධ වීරයො බිහිකරපු රටක්ලු…
පරද්දන්න බැහැ කියපු කොටියව ඉවරයක් කරලම දාපු මිනිස්සු ඉන්න රටක්ලු…
විහාර මහා දේවිය, මද්දුම බණ්ඩාර, වීරපුරන් අප්පු වගේ ජාතික වීරයන්ගෙන් පටන් අරගෙන,
හසලක ගාමිණී, ඩෙන්සිල් කොබ්බෑකඩුව ආදී යුධ වීරයො බිහි කරපු රටක්ලු මේක…
හදාපල්ලකො ඒ වගේ වීරයෙක් ගැන චිත්‍රපටයක්…
මොන මගුලක්ද යකෝ මේ ලංකාවෙ සිනමාව කිය කියා රට්ටු හිනස්සන විහිලුව?
දෙකයි පනහෙ චිත්‍රපට නැතුව ගහපල්ලකො ලංකාවෙ මිනිස්සුන්ටත් ආසාවෙන් ගිහිං බලන්න පුලුවන්,
තමන්ගෙ රට ජාතිය ගැන කැක්කුමක් ඇතිවෙන මේ වගෙ හොඳ නිර්මාණයක්.

[අපිට හිමි නැති, අසැල්වැසි ඉන්දියාවට හිමි, උත්කෘෂ්ඨ සිනමා ක්ෂේත්‍රය පිලිබඳව උපන් සංවේගයෙන් යුතුව තබන ලද සටහනකි]

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | ESub | 700MB |

Direct Download

| HDRip | x264 | ESub | 180MB | 

| HDRip | x264 | ESub | 344MB | 

| HDRip | x264 | Esub | 669MB | 

| HDRip | x264 | 720p | 1.3GB | 

| HDRip | x265 | 720p | 936MB | 

| HDRip | x265 | 1080p | 1.5GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Uri: The Surgical Strike (2019) | රුධිරයෙන් සනිටුහන් කල පළිගැනීම! [Proper HDRip Update]

  • March 22, 2019 at 23:00
    Permalink

    936mb openload link eke thiyana file eka sawuthtuine

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!