Under the Dome [Season 01] Complete

ඔන්න මම ආපහු ආවා මේ මාසේ නිකුත් උන අළුත්ම ටී.වී කතාවකුත් එක්ක 😀ඇත්තම කිව්වොත් මේ ටිකේ ගොඩක් කාර්යබහුල නිසා මම හිතාගෙන හිටියේ තව මාසයක් විතර යනකල් සබ් වලින් ටිකක් ඈත්වෙලා ඉන්න. ඉතින් විකියා අයියා මට මේ කතාව ගැන කියද්දි මම බෑ බෑ කිය කිය හිටියත් පස්සේ නිකම් ඉන්න වෙලාවක මේක බාලා බැලුවා. ඉතින් මේක බැලුව හැටියෙම මම මේකේ සබ් දාන වැඩේ පටන් ගත්තා. 😀

ඉතින් මේ කතාව ගැන කිව්වොත් මේක එන්නත් කලින් ඉදලම IMDB මීටරේ 8.1 වගේ ඉහළ මට්ටමක රේටින්ග්ස් ගත්ත කතාවක්. ඒකෙන්ම හිතාගන්නකෝ මේ කතාවේ තරම.මේ කතාවට පාදක වෙලා තියෙන්නේ Stephen King කියන ලේඛකයා ලිව්ව Under The Dome කියන නවකතාව. මේ කතාව නිශ්පාදනය කරලා තියෙන්නේ ඔහු සහ අපි හැමෝම දන්න Steven Spielberg දෙන්නා එකතුවෙලා. ඉතින් මේ දෙන්නගේ එකතුවේ අවසන් ප්‍රතිඵලය තමයි මිලියන 13ක ප්‍රේක්ෂකයෝ පිරිසක් මේ කතාව නරඹන එක. රේටින්ග්ස් පැත්තෙන් බැලුවොත් මේක 1992 ඉදන්ම තිබ්බ වර්ථාවකුත් කඩාගෙන ගිහින් තියනවලු. ඒ වගේම මේ කතාවේ අපි දන්න නළු නිළියෝ දෙන්නෙකුත් ඉන්නවා. අපේ සමීර සහෝ සබ් කරපු Bates Motel කතාවේ Deputy Zack Shelby නොහොත් Mike Vogel සහ Twilght කතාවේ Victoria නොහොත් Racha Lefevre යන දෙන්නම මේ කතාවට රඟපෑමෙන් දායක වෙනවා.

හොඳයි එහෙනම් අපි මේ කතාව ගැනත් පොඩ්ඩක් බලමු. මේ කතාවට පාදක වෙන්නේ ඇමරිකාවේ ඊසාන දිග කෙලවරේ තියන චෙස්ටර් මිල් කියන හුදකලා නගරයක්. මේ නගරය සාමකාමී සහ සමෘධිමත් කුඩා නගරයක්. ඒත් ඒක පාරටම වෙන අද්භූත සිදුවීමක් නිසා මේ නගරය මුලු ලෝකෙන්ම හුදකලා වෙනවා. ඉතින් මොකක්ද මේ එක පාරට වුන අද්භූත සිදුවීම. මේ නගරයේ ඉරණම කොහොම වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්නත් එක්ක එන්න අපි යමු චෙස්ටර් මිල් වලට 🙂

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 3.9GB | (Complete S01)

Direct Download

| HDTV  | 480p | x264 | 1.7GB | (Complete S01)

  

| HDTV  | LOL | x264 | 3.6GB | (Complete S01)

 

 

        අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Under the Dome [Season 01] Complete

  • March 21, 2019 at 18:37
    Permalink

    eka pattaabn sampuurana season eka aaa Dana ekaaaaa…….. Anith ewath ehema daaanaaaaaaa

    Reply
  • March 22, 2019 at 18:59
    Permalink

    Userdrive ekn download krn hti kynwd plzz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!