Neethaane En Ponvasantham (2012) | ඔබයි මගේ රන් වස්සානේ

ඔන්න ඉතින් ආයෙත් ලස්සන ආදර කථාවක් අරගෙන ඔයගොල්ලන්ව හම්බ වෙන්න ආවා..ඉස්සල්ලම සමාවෙන්න ඕනි මේක දෙන්න හිටියෙනම් පෙබරවාරි 14 වෙනිදට දෙන්න ඉවර කරනව කියල හිතාගෙන. ඒත් කොහෙද වැඩ අස්සෙ ඉවර කරගන්න බැරිවුනා.. ඉතින් ඉස්සෙල්ලම ස්තූති වන්ත වෙනව මට මේකට උපසිරසි කරන්න වෙන් කරල දුන්නට බයිස්කෝප් ටීම් එකටයි, විශේෂයෙන් සිසිල ප්‍රසාද් අයියටයි. පරනයි කියල අතාරින්න එපා පාසල් කාලේ මතක් කරවන ලස්සන ආදර කථාවක් තියෙන්නේ.

කාණ්ඩය : Drama, Romance
අධ්‍යක්ෂණය : Gautham Menon
රංගන ශිල්පීන් : Jiiva, Samantha , Santhanam
කථාව රචනය : Reshma Ghatala
ධාවන කාලය : 153 min
විකාශණය : 14 December 2012
IMDB අගය : 6.5/10
මේ චිත්‍රපටය ගලායන්නේ, පුංචි කාලේ පටන් දන්න අදුනන කොල්ලෙක් හා ලස්සන ගැහැණු ළමයෙකුගෙයි අතර ඇතිවන ආදර සම්බන්ධතාවයක් මුල් කරගෙනයි. මේක ඉන්දීයාව තුළ අතිශයෙන් ජනප්‍රිය න සිනමා සිතුවමක් කියන්න පුළුවන්. මෙහි ප්‍රධාන චරිත ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Jiiva (Varun Krishnan) ලෙස රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Samantha Ruth Prabhu (Nithya Vasudevan) ලෙස රංගනයෙන් දායක වේ. මිට අමතර උප ප්‍රධාන චරිතයක් ලෙස Santhanam (Prakash) රංගනයෙන් දායක වන අතර දමිළ සිනමාවේ ප්‍රවින නලු නිළියන් රැසකගේ රංගන දායකත්වයද මේ චිත්‍රපටි සදහා ලැබි තිබේනවා.ආදර කතා ගනයට අයත් වන මේ චිත්‍රපටි සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි තිබේ.

කථාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් වරුන් ඔහුගේ හොදම මිතුරා වන ප්‍රකාශ් සමග දිනක් විශ්ව විද්‍යාලයෙහි තිබෙන සංස්කෘතික වැඩසටහනකට සහභාගි වීමට යන අතර තුර වරුන් හට දැකගන්නට ලැබෙන්නේ ඔහු කුඩා කල සිට (අවුරුදු 08) ආදරය කල තමාගේ හොදම යහළුවා නර්ථයක යෙදෙන අයුරුයි. එය දැකීමෙන් ඔහු ඉතා කුතුහලයට පත්වන අතර, එතැන් සිට ඔහු ඇය ගැන සෙවීමට පටන් ගන්නේ වසර ගණනකින් පසු දෙනොම වෙන් වී සිටි බැවිනි. පසුව ඔවුන්ගේ කුඩා කාල වල සිද්දීන් ඔස්සේ දෙනො අතර නැවතත් ආදර සම්බන්ධයක් ඇති කරගනී. දෙනොම නිතරම රණ්ඩු වීමෙන් ඔවුන්ගේ ආදර නිතර බිද වැටීමට ලක්වේ. අවුරුදු 08 ඉදන් බලාපොරොත්තු තියන්, එකටම පාසල් ගිය, කොලේජ් ගිය දෙනොම අවසානයේ මොනයම් හේතු නිසා ආදර සම්බන්ධතාවය නැති කර ගනීද? අවසානෙට ඔවුන් දෙදෙනාට විවාහ වීමට අවස්ථාව ලැබෙයිද කියල බලන්න අපුරු කතා තේමාවක් තියෙන මේ ලස්සන චිත්‍රපටිය ඔයාලා හැමෝටම හොද චිත්‍රපටියක් වේවි.විශේෂයෙන් මේ මොහොතේ මම මතක් කරන්න ඕනි මාහට උදව් කල රිස්නාස් සොයුරාත්..

තවත් ලස්සන උපසිරසියකින් හමුවෙනකම් තෙරුවන් සරණයි!

Direct Download

| DVDRIP | x264 | 240p | 354MB | 

| DVDRIP | x264 | 360p | 757MB | 

| DVDRIP | x264 | 720p | 1.7GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Neethaane En Ponvasantham (2012) | ඔබයි මගේ රන් වස්සානේ

  • March 22, 2019 at 07:26
    Permalink

    post eke inne nani ne, jiiva kiyla thiyenne!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!