Supergirl [S04 : E13] | එලීට්..!

ආයුබෝවන්..!

ඉතිං සෑහෙන පරක්කු වෙලා නිසා ලොකු විස්තරයක් කියන්න යන්නෙ නෑ. ඒත් කියන්නම ඕන කාරණාවක් තියෙනව. සුපර්ගර්ල් සඳහා මම සබ් දෙන්නෙ මට වෙන කරන්න වැඩ නැති නිසා නෙවෙයි කියල කරුණාවෙන් සලකන්න. මේකට සබ් දෙන්න කවුරුවත් නැහැ. හසා අයියා කියපු නිසා තමයි මම මේක බාර ගත්තෙ. ඒ වගේම වැඩ ගොඩක් අස්සෙ තමයි මම මේක කරන්නෙත්. ඉතිං ප්‍රමාදය දරාගන්න බැරි නම් ඒ කෙනෙකුට පුළුවන් මේක බාර අරගෙන සබ් කරගෙන යන්න. කිසි අමනාපයක් නෑ. ඕන වෙලාවක මේක කැමති ඕනම කෙනෙක් මේක බාරගන්න ඉදිරිපත් වෙනවනම් බොහොම සතුටින් මේක බාරදෙන්න මමත් සූදානම්.

ඉතිං කලින් කොටස ඇතුළෙ අපි දැක්ක පෘථිවියට කඩා වැටුණු යානයකින් මිනාජරී කියල පරපෝෂිත සත්ව විශේෂයක සතෙක් ඇවිල්ල පැමෙලා කියන ගෑණු කෙනා ධාරකයා කරගෙන මිනිස්සුන්ගෙ හදවත් කනව. කොහොමහරි මේකෙ හොයාගෙන මිනාජරී අල්ලල හිර කරන්න සුපර්ගර්ල් ඇතුළු පිරිසට හැකි වුණා. ඒ වගේම ඒජන්ට් ලිබර්ටිගෙ පුතා පොඩි සෙල්ලමක් දාල අයෙත් ලිබර්ටි නම මිනිස්සු අතරට අරගෙන යනව. ඒ වගේම බෙන් ලොක්වුඩ් හිරෙන් නිදහස් වුණා. ජේම්ස්, ලීනා ආදර කතාව අවසන් වුණා. ඉතිං ලීනා කියන්නෙ තව දරදඬු ලූතර් කෙනෙක් කියන ලක්ෂණ පහළ වෙමින් තමයි තියෙන්නෙ.

අද කොටස එලීට් කියන කණ්ඩායම වටා ගෙතුණු කතාවක්. මේ එලීට් කියන්නෙ කවුද? ඒ කණ්ඩායමට අයිති කවුද? එයාලගෙ අරමුණු මොනවද? සුපර්ගර්ල්ට තනියම මේ එලීට්ල එක්ක සටන් කරන්න පුළුවන් වේවිද? මේ හැම දේම ඔන්න බලාගන්න පුළුවන් අද කොටසින්. ඉතිං 15 කොටසත් අද නිකුත් වෙලා තියෙන්නෙ. හැකි ඉක්මනින් 14 සහ 15 ලබා දෙන්න උත්සාහ කරන්නම්. ආයෙත් කියන්නෙ සුපර්ගර්ල් බාර අරගෙන කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම්, සතුටින් මේක බාර දෙන්න මම සූදානම්. එහෙනම් ගිහින් න්නම්. ජය වේවා.!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 252MB |

 Direct Download

| HDTV | x264 | SVA | 252MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

 

5 thoughts on “Supergirl [S04 : E13] | එලීට්..!

  • March 20, 2019 at 13:47
    Permalink

    download karata play krn be

    Reply
    • March 20, 2019 at 22:37
      Permalink

      Extract karaganna rar file ekaktiyenne

      Reply
      • March 21, 2019 at 06:11
        Permalink

        Download karata extract karanna be nikan file akak pennanna.walking ded t.v. show akath akai penna

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!